මහචාර්ය චරිත හේරත් 'කෝප්' කමිටුවේ සභාපති ධුරයෙන් ඉවත්කර බරපතල වංචාවක් යට ගැසීමේ සුදානමක් පවතින බව වාර්තාවේ.



ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා විසින් මිට පෙර 9 වන පාර්ලිමේන්තුවේ පළමු සභාවාරය කල් දැමුවේ මහාචාර්ය චරිත හේරත් කෝප් කමිටු සභාපති ධුරයෙන් ඉවත් කිරීම සඳහා යැයි මාධ්‍ය මගින් අනාවරණය කිරීමත් සමග සමාජයෙන් මතුවූ බරපතල විරෝධය සැලකිල්ලට ගෙන එම අදහස අතහැර දැමීමට ජනාධිපතිවරයාට සිදුවිය.

යලිත් වරක් චරිත හේරත් කෝප් කමිටු සභාපති ධුරයෙන් ඉවත් කිරීමේ සුදානමක් ක්‍රියාත්මක වෙමින් පවතින බව වාර්තාවේ. මෙවර එය කරලියට පැමිණ ඇත්තේ, මේ තනතුර විපක්ෂයට දිය යුතු යැයි තර්කයක් ඉදිරියට දමමිනි.

කෝප් කමිටුවට සාමාජිකයින් සහ සභාපතිවරයා පත් කිරිම සිදුකරන්නේ ස්ථාවර නියොග 120 යටතේයි. එහි දැක්වෙන්නේ සාමාජිකයින් අතරින් එක් අයෙක් කමිටුවේ සභාපතිවශයෙන් පත්විය යුතු බවයි.

 

මේ දක්වා කෝප් කමිටුවේ සිටි සභාපතිවරුන් අතරින් ඩීව් ගුණ්සේකර, විජේදාස රාජපක්ෂ වැනි සභාපතිවරුන් පත්වූයේ එවකට පැවති ආණ්ඩුපක්ෂවලින් පත් කළ අය වශයෙනි. ඒ අනුව මේ විපක්ෂයට සභාපතිධුරය ලබාදීමේ යයි කියමින් චරිත හේරත් ඉවත්කිරීමේ උත්සාහයට පාර්ලිමේන්තු ස්ථාවර නියෝග පැත්තෙන් කිසිම පදනමක් නැත.

 

මෙයට අමතරව මෙහිදී අවධානයට ගත යුතු වැදගත් කාරණයක් වන්නේ චරිත හේරත් විසින් පසුගිය කාලයේ රටට හෙළිකල සමහර දූෂණයන් යටපත් කිරීමේ උත්සාහයක් මෙහි තිබේද යන්නයි.

CPC, CEB, Sri Lankan Air වැනි ආයතනවල සිදුවෙමින් පවතින් මහා පරිමානයේ දූෂනයන් පසු ගිය කාලයේ විශාල වශයෙන් හෙළිදරව් කෙරිනි.

මේ අතර පසුගියදා ලිට්රෝ ගැස් මිළදි ගැනීමේ දී සිදුවී ඇති මහා පරිමාන දූෂනයන් ද ඇතුලත් ය.

ලිට්රෝ ගැස් මිළදී ගැනීම සඳහා ලෝක බැංකුවෙන් ලැබුනු ඩොලර් මිලියන 70 සහ මෙරටින් එක්කළ ඩොලර් මිළියන 20 සමග ඩොලර් මිලියන 90 ගෙවා ගත් මිළදී ගැනීම හේතුවෙන් රුපියල් මිලියන1300 පමණ වැඩියෙන් ගෙවීමක් පෙන්නුම් කරන බව කෝප් කමිටුව පසුගිය මාසයේ පෙන්වා දෙනු ලැබීය.

මේ මුදළ ලංකාවේ ඒජන්තවරයෙකුට ලැබුනේද යන්න මේ විමර්ෂනයේදී මතුවුනු ප්‍රශ්නයක්‍ ය.

ඒ සියල්ල හමුවේ චරිත හේරත්ට සභාපති පුටුවෙන් යන්න සිදුවී තිබෙන අතර එසේ වන්නේ මේ විමර්ශන නිසාද යන්න සොයා බැලිය යුතු බව සමාජ මාධ්‍ය ක්‍රියාකාරීන් ප්‍රශ්න කරති.

 

එසේම මෙහිදී කිවයුතු තවත් කාරණයක් තිබේ. මේ මාසයේ අලුත් ජනාධිපතිවරයා පත්වී පාර්ලිමේන්තුවේ වාර අවසාන කරන අවස්ථාව වන විට කෝප් කමිටුව විසින් ආරම්භකර තිබු තවත් එක් බරපතල විමර්ශනයක් තිබු බවයි. එනම් 2018-2022 කාලය තුළ රටේ ආර්ථික ක්ෂේත්‍රයේ තීරණ ගැනීම්වල තිබූ ගැටලුකාරීත්වය සෙවීමයි.

 

මේ සදහා විගනාධිපතිවරයා විසින් පිටු 597 පමණ වන වාරතාවක් පාර්ලිමේන්තුවට යොමු කර ඇති අතර ඒ මත පදනම්ව චරිත හේරත්ගේ සභාපතිත්වයෙන් යුතු කෝප් කමිටුව විමර්ෂනය සඳහා දින නියම කර තිබිණ. ඒ සදහා කැදවා තිබු කණඩායම අතර හිටපු මහ බැංකු අධිපතිවරුන් වන මහාචාර්ය ඩබ්.ඩී. ලක්ෂ්මන්, අජිත් නිවාඩ් කබ්රාල් වැනි අයත් ආචාර්ය පී.බී. ජයසුන්දර, සජීත් ආටිගල සහ මුදල් මණඩලයේ හිටපු සාමාජිකයින් සහ වර්තමාන සාමාජිකයින්

චරිත හේරත් ඉවත් කිරීමේ උත්සාහය එම විමර්ශන යට ගැසීමේ අරමුණින් සිදුවන්නක් දැයි සමාජ මාධ්‍ය ක්‍රියාකාරීන් ප්‍රශ්න කරයි.

කෝප් කමිටුවේ සභාපතිධුරය ආණ්ඩුවෙන් පිටත අයෙකුට දීම ස්ථාවර නියෝගවල නැතත් ඒ සදහා අවශ්‍යතාවක ඇතොත් එයින්ද චරිත හේරත් මන්ත්‍රීවරයා ඉවත්කිරීමේ අවශ්‍යතාවක් ඇති නොවන්නේ ඔහු මේ වන විටත් කටයුතු පාර්ලිමේන්තුව තුළ කටයුතු කරන්නේ ස්වාධීන මන්ත්‍රීවරයෙකු ලෙසයි.


සබැඳි පුවත් :
චරිත-තිස්ස දොට්ට ! : කෝප් එරාන්ට - කෝපා කබීර්ට !


කාටත් කලින් අභ්‍යන්තර දේශපාලන පුවත් බලන්න,  

The LEADER Whatsapp Group එකට එකතුවෙන්න. 

Screenshot 2022 06 23 at 11.50.54 AM

 


 
 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image