නවවෙනි පාර්ලිමේන්තුවේ තෙවැනි සභාවාරයේ පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේ (කෝප් කමිටුව) සභාපති ධූරය සඳහා සමගි ජන බලවේගය පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එරාන්
වික්‍රමරත්න ද රාජ්‍ය ගිණුම් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේ ( කෝපා කමිටුව) සභාපති ධූරය සඳහා එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කබීර් හෂීම් ද පත් කිරීමට නියමිතව ඇතැයි පාර්ලිමේන්තු ආරංචි මාර්ගවලින් පවසෙතැයි 'ලංකාදීප' වාර්තාකර ඇත.
මේ සම්බන්ධයෙන් 'ලංකාදීප' කළ විමසීමකදී විපක්ෂයේ ප්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ ලක්ෂ්මන් කිරිඇල්ල පවසා ඇත්තේ, ඒ සම්බන්ධයෙන් යෝජනා ඉදිරිපත්ව ඇති බවයි.
නවවෙනි පාර්ලිමේන්තුවේ දෙවැනි සභාවාරයේ පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේ සභාපතිවරයා ලෙස මෙයට පෙර කටයුතු කළේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පත්කළ පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය චරිත හේරත් ය. මහාචාර්ය තිස්ස විතාරණ රාජ්‍ය ගිණුම් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේ සභාපතිවරයා ලෙස මෙයට පෙර කටයුතු කළේය.
කෝප් සහ කෝපා යනු රාජ්‍ය ආයතනවල දූෂණ වංචා අක්‍රමිකතා සහ අවභාවිතා පිළිබඳව විමර්ශන පවත්වා නිර්දේශ ඉදිරිපත් කරනු ලබන පාර්ලිමේන්තුවේ ප්‍රධාන කමිටු දෙක වෙයි.
පාර්ලිමේන්තුවේ සියලු කමිටුවල සභාපති ධූර විපක්ෂයේ මන්ත්‍රීවරුන්ට ලබා දෙන්නැයි විපක්ෂයේ ප්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ ලක්ෂ්මන් කිරිඇල්ල පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභා රැස්වීමේදී කතානායකවරයාගෙන් පසුගියදා ඉල්ලීමක් කළේය.
ඒ අවස්ථාවේදී ඊට කතානායකවරයාගේ පැහැදිලි එකඟත්වය පළවූ බව දැනගන්නට ඇත.
මුදල් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේ සභාපති ධූරයට විපක්ෂයේ මන්ත්‍රීවරයකු වන ආචාර්ය හර්ෂ ද සිල්වා පත් කිරීමට පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව ( committee of selection ) පසුගියදා තීරණය කළේය.
නව වැනි පාර්ලිමේන්තුවේ දෙවැනි සභාවාරය අවසන් කිරීමත් සමග අහෝසි වූ එහි කමිටු (හැත්තෑවකට ආසන්න සංඛ්‍යාවක්) අතුරින් කිහිපයක් දැනට පත්කර ඇති අතර සෙසු කමිටුද පත් කිරීම ඉදිරි දිනවල කෙරෙනු ඇතැයි පාර්ලිමේන්තු ආරංචි මාර්ග සඳහන් කරයි.
මුදල් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව, පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව, රාජ්‍ය ගිණුම් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව ආදී පාර්ලිමේන්තුවේ මුල්‍ය කමිටුවල සභාපතිවරුන්ට කැබිනට් මණ්ඩල අමාත්‍යවරුන්ට සමාන බලතල හා වරප්‍රසාද ලබාදීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ අවධානය යොමුව ඇතැයි වාර්තාවේ.
සබැඳි පුවත් :
අනුර වෙනුවට හර්ෂ මුදල් කමිටුවේ සභාපති ධූරයට

කාටත් කලින් අභ්‍යන්තර දේශපාලන පුවත් බලන්න,
The LEADER Whatsapp Group එකට එකතුවෙන්න.