leader s

නවවෙනි පාර්ලිමේන්තුවේ තෙවැනි තෙවැනි සභාවාරයේ රජයේ මුදල් පිළිබඳ පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේ සභාපති

ධූරය සඳහා සමගි ජන බලවේගය පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා පත් කිරීමට තේරීම් කාරක සභාව තීරණය කර ඇත.

තේරීම් කාරක සභාව කතානායක මහින්ද යාපා අබේවර්ධනගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු සංකීර්ණයේදී ඊයේ පස්වරුවේ  රැස්විය. මේ තීරණය ගෙන ඇත්තේ එම රැස්වීමේදීය.

නව වැනි පාර්ලිමේන්තුවේ දෙවෙනි සභාවාරයේ මුදල් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේ සභාපති ධූරය හොබවනු ලැබුවේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ අනුර ප්‍රියදර්ශන යාපා ය.

කෝප්, කෝපා  ඇතුළු පාර්ලිමේන්තු කමිටු වල සභාපති ධූර විපක්ෂයේ මන්ත්‍රීවරුන්ට ලබා දෙන්නැයි  විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල  කතානායකවරයාගෙන් පාර්ලිමේන්තුවේදී පසුගියදා ඉල්ලීමක් කළේය.

ඒ අවස්ථාවේදී කතානායක වරයා ඊට එකඟත්වය පළ කළ බව ලක්ෂ්මන් කිරිඇල්ල පැවසීය.

කෙසේ වෙතත් කෝප්, කෝපා ඇතුළු කමිටු රැසක සභාපති ධූර සඳහා මන්ත්‍රීවරුන් තවමත් පත් කර නොමැත.

නවවෙනි පාර්ලිමේන්තුවේ දෙවැනි සභා වාරය වාර අවසාන කිරීමත් සමග එහි පාර්ලිමේන්තු කමිටු හැත්තෑවකට ආසන්න සංඛ්‍යාවක් අහෝසිවී ගියේය. මෙලෙස අහෝසිවී ගිය කමිටු කිහිපයක් තේරීම් කාරක සභාව විසින් දැනටමත් පත් කරනු ලැබ ඇත.

(lankadeepa.lk)

 

 


කාටත් කලින් අභ්‍යන්තර දේශපාලන පුවත් බලන්න,  
The LEADER Whatsapp Group එකට එකතුවෙන්න.

Screenshot 2022 06 23 at 11.50.54 AM

 

 

 

*web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්