ලාංකික ඩයස්පෝරාව හමුවී ශ්‍රී ලංකාවට ඩොලර් රැගෙන ඒමට තමන් සුදානම් බව පවසන හිටපු ජාතික සහජීවන, සංවාද සහ රාජ්‍ය භාෂා අමාත්‍යවරයා ඊට පුර්ව කොන්දේසියක් ලෙස ශ්‍රී ලංකාව

සිංහල, බෞද්ධයන්ගේ පමණක් රටක් නොවන බව රටේ පාලනයන් විසින් ප්‍රකාශයට පත් කළ යුතු බව සදහන් කරයි.

" මේ රට බහුත්වවාදී රටක් ලෙස ප්‍රකාශ කළ යුතුයි. සිංහල-බෞද්ධ රටක් ලෙස නොව සිංහල, දෙමළ, මුස්ලිම්, රටක්. බෞද්ධ, හින්දු, ඉස්ලාම්, කතෝලික රටක් ලෙස පිළිගත යුතුයි. "

අගෝස්තු 15 වැනිදා කොළඹ පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී දෙමළ බසින් එසේ කී සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මනෝ ගනේෂන් එහිදී වැඩි දුරටත් සදහන් කළේ, රට තුළ තහනම් කර තිබු ජාත්‍යාන්තර දෙමළ සංවිධාන 06ක් සහ පුද්ගලයන් පිරිසකගේ තහනම ඉවත් කිරීමට රජය ගත් පියවර සුබදායක බවයි.



එම තහනම ඉවත්කිරීම හරහා ලෝකයට ලංකාව ගැන හොඳ පණිවුඩයක් ලබාදී ඇති බව පෙන්වා දෙන මන්ත්‍රීවරයා එහිදී තව දුරටත් සදහන් කළේ එම  පණිවුඩය රැගෙන තමන් උතුරු අමෙරිකාවට, යුරෝපයට, ඔස්ට්‍රේලියාවට ගොස් ලංකාව වෙනුවෙන් කතා කිරීමට සුදානම් බවයි.



" මට ඒක පුළුවන්. මම දමිළ ශ්‍රී ලංකිකයෙක්, නමුත් උතුරු - නැගෙනහිර නෙවෙයි. සිංහල ජනතාව එක්ක ඉන්න කොළඹ මන්ත්‍රී. මම දෙමළ, මුස්ලිම්, සිංහල සියල්ල දන්නවා. මේ ආණ්ඩුවේ මට ඇමතිකම් එපා මම ඒකට සුදානම් නෑ. නමුත් රට වෙනුවෙන් වැඩ කරන්න ලෑස්තියි මම. ඒ නිසා මම ඉල්ලීමක් කරනවා ජනපති රනිල් වික්‍රමසිංහ මහතාගෙන්, සලකා බලන්න මේ ඩයස්පෝරා ආයතන කවුරුත් දැන් වෙනම රටක් ඉල්ලන්නේ නැහැ. මට වගකීම භාරගන්න පුළුවන්. මට පුළුවන් මේ ආයතනයට කතා කරලා වෙනසක් ගේන්න. හැබැයි යනකොට මට හිස් අතින් යන්න බෑ. ආණ්ඩුවෙන් මට ඕනේ සැලැස්මක්."

එලෙස ලංකාවට රැගෙන එන  ඩයස්පෝරා මුදල් සොරකම් කිරීමකින් තොරව රටේ ජනතාවගේ ප්‍රයෝජනය සදහා භාවිතයට ගන්නා බවට තමන්ට සහතිකයක් අවශ්‍ය බවයි.

ඩොලර් බිලියන 52 ක ශ්‍රී ලංකාවේ ණය බර, රට පාලනය කිරීමට මසකට ඩොලර් මිලියන 500 ක අවශ්‍යතාවය යන පෙර නොවූ විරූ ආර්ථික අර්බුදයෙන් ගොඩ ඒමට ශ්‍රී ලංකාවෙන් සංක්‍රමණය වූ සියලුම දෙමළ  සහ සිංහල ජනතාවගේ සහයෝගය ලබා ගත යුතු බවද මනෝ ගනේෂන්  මන්ත්‍රීවරයා වැඩිදුරටත් කියා සිටියේය.

 

 

 

කාටත් කලින් අභ්‍යන්තර දේශපාලන පුවත් බලන්න,  

The LEADER Whatsapp Group එකට එකතුවෙන්න.

Screenshot 2022 06 23 at 11.50.54 AM

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්