ඔය බිස්කට් වර්ජනය කරන එකේ ම අනිත් එක තමයි බිස්කට් කන්න කියල ආයාචනා කරන එක.
ආයතන ආරක්ෂා වෙන එක වැදගත් තමයි. ඒත් ආයතන ආරක්ෂා කරන්න පාරිභෝගිකයො ආයතන පව් කියල බඩු ගන්න ඕන නෑ නෙ.
ආයතනවලට පුළුවන් වෙන්න ඕන වෙනස්වෙන වෙළඳපොළට හැඩගැහෙන්න.
මේ ආර්ථික අර්බුදය හැම ක්ෂේත්රයට ම වගේ බලපානව.
එළවලු තට්ටුවෙ මිනිහගෙ ඉඳන් තරු පහේ හෝටල් දක්වා හැමෝට ම එක්කො ඒකට මූණදෙන ස්ට්‍රැටජි එකකට යන්න වෙනව; නැත්තං නැතිවෙන්න වෙනව.
මෙච්චර කල් ලංකාවෙ ඩුවෝපොලි එකක් තිබුණ බිස්නස් කොම්පැනි දෙකට ලුක්රටිව් කොම්පැනි දෙකට මේකට මූණදෙන්න විකල්ප බිස්නස් ස්ට්රැටජිවලට යන්න බැරි නම් වැහිල ගිය දෙන්. ඒක තමයි තරගකාරී වෙළඳපොළ කියන්නෙ.
මම ඊයෙ බලද්දි ඇමරිකාවෙ වෝල්මාට් එකේ Ritz Cracker එකේ මිලයි ලංකාවෙ ක්‍රිස්කෝ මිලයි සමානයි (ඇමරිකාවෙ සාමාන්‍ය වැටුප ලංකාවෙ සල්ලිවලින් ලක්ෂ 15ක් විතර). හැබැයි Ritz එක ලංකාවෙ විකුණනව නම් ටැක්ස් එකෙන් විතරක් මිල දෙගුණෙකටත් වඩා වැඩිවෙනව. මොකද ලංකාවෙ ඉම්පෝර්ටඩ් බිස්කට්වලට ටැක්ස් එක 107%යි!
කොහොමත් ලංකාව ගොඩක් බිස්නස් වගේ ම බිස්කට් කාරයොත් ඉම්පෝර්ට් කරන කම්පිටිටිව් ප්‍රොඩක්ට් එකට තඩි ටැක්ස් එකක් ගහගෙන ලෝක වෙළඳපොල පොල්කට්ටෙන් වහගෙන, කම්මැලිකමට low hanging fruit එක වුණු පහළම ආදායම් කණ්ඩායම් ටාගට් කරගෙන බල්ලෙකුට කටේ තියන්න බැරි සීනි ගොඩවල් නෙ බිස්කට් කියල හදහදා විකුණුවෙ, ක්‍රීම්ක්‍රැකර් වගේ පරණ වෙරයිටි කීපයක් ඇරුණ ම.
ඉතිං ඔය පහළ මාර්කට් සෙග්මන්ට් එක තමයි වැඩි ම ප්‍රයිස් සෙන්සිටිව්.
ගොඩක් බඩුවල මිල දෙතුන් ගුණේකින් වැඩිවෙලා තියෙද්දි බිස්කට් ගැන විතරක් ඔච්චර සද්දයක් ඇහෙන්න එක හේතුවක් ඒක, මම හිතන්නෙ.
එතනින් උඩ මාර්කට් එකට ටාගට් කරන්න උවමනාවක්වත් ක්රියේටිවිටි එකක් නැතුව කම්මැලිකමට ලාබෙට හදන පිටි බෝලෙ ම විකුණනගෙන කකා, එළියෙන් එන කම්පිටිෂන් එකටත් ටැක්ස් ගගහ හිටිය නං දැන් ටොපිය සෙට්වෙද්දි ටොපියත් කාපල්ල.
(චන්දන ප්‍රසන්න)
නිදහස් ලේඛක
#truepatriotlk
This email address is being protected from spambots. You need JavaScript enabled to view it.
(Chandana Prasanna ගේ ෆේස්බුක් පිටුවෙන්....)
කාටත් කලින් අභ්‍යන්තර දේශපාලන පුවත් බලන්න,