ඩලස් අලහප්පෙරුමගේ නායකත්වයෙන් යුතු පොහොට්ටුවේ ප්‍රතිසංස්කරණ කණ්ඩායමේ සාමාජිකයින් ඉලක්ක කරගත් බරපතල පළිගැනීමේ මෙහෙයුමක්
මේවනවිට ක්‍රියාත්මක වෙමින් තිබෙනබව දේශපාලන ආරංචිමාර්ග සඳහන් කරයි.
පොහොට්ටුව තුළ සිටිමින්ම බැසිල් රාජපක්ෂගේ ඒකාධිපති ක්‍රියාකලාපයට එරෙහිව අභ්‍යන්තර අරගලයක නිරතව සිටින මෙම කණ්ඩායමේ ප්‍රධානින් පාර්ලිමේන්තුවේ මුල්‍ය කමිටුවලින් ඉවත් කරමින් මෙම පළිගැනීමේ මෙහෙයුම ක්‍රියාත්මක වෙමින් තිබෙන බව පැවසේ.
එහි පළමු පියවර ලෙස ඩලස් අලහප්පෙරුම, මහාචාර්ය ජී.එල්. පීරිස් හා ඩිලාන් පෙරේරා පාර්ලිමේන්තුවේ පක්ෂනායක කමිටුවෙන් (Committee on Parliamentary Business ) ඉවත් කර ඇත.
එසේම කෝප් හෙවත් පොදු ව්‍යාපාර කාරක සභාවේ (Committee on Public Enterprises) සභාපති ලෙස කටයුතු කල මහාචාර්ය චරිත හේරත් මෙවර කෝප් කමිටුවෙන්ම ඉවත්කර ඇතැයි වාර්තාවේ. එසේම සංජීව එදිරිමාන්න, නිමල් ලන්සා සහ ලොහාන් රත්වත්තේ යන මන්ත්‍රීවරුන් කෝප් කමිටුවට අලුතින් නම් කර ඇතැයි ද පැවසේ.
කෝප් කමිටුවේ සාමාජිකයින් සම්බන්ධ අවසන් වාර්තාව අගෝස්තු 29 දා කතානායකවරයා විසින් ප්‍රකාශයට පත්කිරීමට නියමිතය.
එසේම, පොහොට්ටුවේ ප්‍රතිසංස්කරණ කණ්ඩායමේ සාමාජිකයින් වූ ඩිලාන් පෙරේරා සහ මහචාර්ය නාලක ගොඩහේවා රාජ්‍ය මුදල් පිළිබඳ කාරක සභාවෙන් (Public Finance Committee) ඉවත්කර ඇත.
ඒ සම්බන්ධයෙන් නාලක ගොඩහේවා මන්ත්‍රීවරයා අද (18) සිය ෆේස්බුක් පිටුවේ සටහනක් පළකරමින්, ''ජනාධිපතිතුමා සර්ව පාක්ෂික ආන්ඩුවකට විපක්ෂයට පවා ආරාධනා කරද්දී මහජන නියෝජිතයෙක් ලෙස පාර්ලිමේන්තුව තුල හා පිටත ස්වාධීනව අදහස් ප්‍රකාශ කිරීම සම්බන්ධයෙන් ආන්ඩු පක්ෂයේ ප්‍රතිචාරය මෙයද ? '' කියා විමසා තිබේ.
අනුප්‍රාප්තික ජනාධිපතිවරයා තෝරාගැනීම සඳහා පසුගිය ජුලී 20 දා පාර්ලිමේන්තුවේ පැවති ඡන්දයට වැඩබලන ජනාධිපතිව සිටි රනිල් වික්‍රමසිංහට එරෙහිව ඉදිරිපත්වූ ඩලස් අලහප්පෙරුම, සිය කණ්ඩායමට එරෙහිව සිදුකෙරෙමින් පවතින දේශපාලන පලිගැනීම් සම්බන්ධයෙන් විරෝධය පළකරමින් අගමැතිවරයා වෙත ලිපියක් යොමුකර ඇත. ජනාධිපති, කතානායක හා විපක්ෂ නායකවරයාට ද එහි පිටපත් යොමුකර තිබේ.
සබැඳි පුවත් :
කෝප් කමිටුව : චරිත ඉවත් කරන්න යන්නේ බරපතල වංචාවක් යට ගහන්න ද ?
කාටත් කලින් අභ්‍යන්තර දේශපාලන පුවත් බලන්න,
The LEADER Whatsapp Group එකට එකතුවෙන්න.