අන්තර් විශ්ව විද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලය කොළඹදී අද (18) පැවැත්වූ විරෝධතා පා ගමනට

සහභාගි වී සිටි අන්තර් විශ්ව විද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුකරු වසන්ත මුදලිගේ අත්අඩංගුවට ගෙන ඇත.

ඔහුට එරෙහිව මීට පෙර අධිකරණය විසින් වරෙන්තුවක් ද නිකුත් කරනු ලැබ තිබිණි.

වසන්ත මුදලිගේ සමඟ එම පා ගමනට සහභාගි වී සිටි තවත් සිවුදෙනකු ද අත්අඩංගුවට ගෙන තිබේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව කියා සිටියේ කොළඹ 02 ප්‍රදේශයේ පැවති විරෝධතා පාගමනකට සහභාගී වීමෙන් අනතුරුව වසන්ත මුදලිගේ ඇතුළු පිරිස මෙලෙස අත්අඩංගුවට ගත් බවයි.


මර්දනයට යටත් වෙන්නේ නැහැ - මුදලිගේ


ගෝඨාභය රාජපක්ෂ, මහින්ද රාජපක්ෂ නෙරපා දැමුවා සේ වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ පාලන කාලයටද දින නියම කිරීම අද අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ විරෝධයෙන් ආරම්භ වන බව අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ විරෝධතාව අතරතුර මාධ්‍ය වෙත අදහස් දක්වමින් අවධාරණය කළේය.

කිසිදු ජන මතයක් නොමැති රනිල් වික්‍රමසිංහගේ මර්දනයට යටත් නොවන බවත් තවදුරටත් ජනතා අයිතීන් දිනා ගන්නා තෙක් අරගලය ඉදිරියට ගෙන යන බවත් මුදලිගේ කියා සිටියේය.

”අපි රනිල් වික්‍රමසිංහට බය නැහැ. මොකද ඔහුට අවම වශයෙන් ජන මතයක්වත් නැහැ. මර්දනය ගෙනල්ල බය කරන්න හදනවා නම් විහිළු සපයන්න එපා කියල අපි කියනවා. අපි ඒ මර්දනයට හිස නමන්නේ නැහැ. ඒ නිසා අද දවසේදී අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය විදිහට ඩීල් රනිල් රාජපක්ෂ ආණ්ඩුව පන්නන්න ඒ ආණ්ඩුවට ඉල්ලා අස්වෙන්න බලකරමින් විධායක ජනධිපති ධූරය අහෝසි කරන්න බලකරමින් ජනතා අයිතීන් දිනාගැනීමට බලකරමින් අඩපණ කර තිබෙන පාසල් හා සරසවි යථාතත්ත්වයට පත්කරන්න බලකරමින් අත්අඩංගුවේ සිටින සියලු අරගලකරුවන් නිදහස් කරන්න බලකරමින් මේ විරෝධය ගෙනයනවා.”

ආණ්ඩුවට අවශ්‍ය වන්නේ සෙල්ලම් කිරීම නම් එම සෙල්ලමට ද සූදානම් අතර ගෝඨාභය රාජපක්ෂට සහ මහින්ද රාජපක්ෂට සිදු වූ දේ ද මතක තබාගන්නා ලෙස ඔහු සඳහන් කළේය.

 

 

අන්තරේ පාගමනට කදුළු ගෑස්

අන්තර් විශ්ව විද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලයේ පා ගමන විසුරුවා හැරීම සඳහා පොලීසිය විසින් කඳුළු ගෑස් හා ජල ප්‍රහාරයක් එල්ල කළේය.
ඒ කොළඹ කොම්පඤ්ඤවීදිය ප්‍රදේශයේදීය.

මෙම පා ගමන කොළඹ ලිප්ටන් වටරවුම අසලින් ආරම්භ කෙරිණි.

ඩීල් රනිල් - රාජපක්ෂ ජුන්ටාව පන්නමු,

විධායක ජනාධිපති ක්‍රමය වහා අහෝසි කරනු,

ජනතා බලය තහවුරු කරන නව ව්‍යවස්ථාවක් උදෙසා සටන් වදිමු,

තවත් ණය එපා-හොරා කාපු සල්ලි දියව්,

බඩු මිල-බදු බර දරන්න බෑ ජීවත් වෙන්න සහන දියව්,

වසර 03ක් අඩපණ කර ඇති පාසල්- සරසවි  වහා විවෘත කරනු,

මර්දනය නවතනු අත් අඩංගුවට ගත් සියලු අරගලකරුවන් වහා නිදහස් කරනු


යන ඉල්ලීම් මුල්කරගනිමින් මෙම විරෝධතා පා ගමන සංවිධානය කර තිබිණි.


 

{gallery}Protest in Colombo{/gallery} 

 


කාටත් කලින් අභ්‍යන්තර දේශපාලන පුවත් බලන්න,  
The LEADER Whatsapp Group එකට එකතුවෙන්න.

Screenshot 2022 06 23 at 11.50.54 AM

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්