ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සහ ලංකා ඛනිජ තෙල් තොග ගබඩා පර්යන්ත සමාගමේ

ක්‍රියකාරම් සම්බන්ධයෙන් විමර්ශනය කරන ලෙසට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් කළ බව විදුලි බල සහ බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පවසයි.

අමාත්‍යවරයා සිය නිල ට්විටර් ගිණූමේ සටහනක් තබමින් මේ බව සඳහන් කර ඇත.

ඉන්ධන ප්‍රසම්පාදනය, යෝජනා ඇගයීම, ඇණවුම් ලබා නොදීම, සැපයුම්කරුවන් තෝරා ගැනීම, ගෙවීම් ප්‍රමාද කිරීම, බෙදා හැරීමේ අක්‍රමිකතා සහ පුද්ගලයින් සිදු කළ චෝදනා සම්බන්ධයෙන් ද විමර්ශනයක් කරන ලෙස සිය පැමිණිල්ල මගින් ඉල්ලීමක් කළ බව ඔහු නිකුත් කළ ට්විටර් පණිවිඩයේ වැඩිදුරටත් දැක්වේ.

klhsdfs

රාජකීය පුත්තු අදත් තෙල් වලිනුත් ගසා කනවාදැයි සැකයි - චම්පික

මෙරටට ඉන්දන ගෙන්වීමේදී බරපතල වංචාවක් සිදුවෙමින් තිබෙනබව පසුගිය දින කිහිපයේ සමාජ මාධ්‍යවලින් අනාවරණය කර තිබිණ.

මහජන උපයෝගීතා කොමිසම මගින් ලබාදුන් විදුලි බිල වැඩි කිරීමේ අනුමැතියත් සමඟ කබලෙන් ලිපට වැටි දුෂ්කරතාවයට පත් ජනතාවට, රොකට් යවනවා කියා ලංකා විදුලිබල මණ්ඩලයට කෝටි හතලිස් නමයක් වංචා කළ රාජකීය පුත්තු තෙල් වලටත් අත තියා ගසා කනවාද කියන සැකය මතුවී ඇති බව 43 සේනාංක ප්‍රධානි පාඨලී චම්පික රණවක පවසයි.

ඔහු මේ බව පවසා සිටියේ මහජන උපයෝගීතා කොමිසම මගින් විදුලි බිල සංශෝධනයට අනුමැතිය දීම තුළින් රටේ ජනතාව පත්ව ඇති දුෂ්කරතාවය පිළිබඳව සාකච්ජා කිරීම සඳහා ඊයේ  (17) දින 43 සේනාංකය මගින් පවත්වනු ලැබූ මාධ්‍ය සාකච්ජාවට සම්බන්ධ වෙමිනි.
 

 

  

කාටත් කලින් අභ්‍යන්තර දේශපාලන පුවත් බලන්න,  
The LEADER Whatsapp Group එකට එකතුවෙන්න.

Screenshot 2022 06 23 at 11.50.54 AM

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්