අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ,

හෂාන්ත ගුණතිලක සහ පූජ්‍ය ගල්වල සිරිධම්ම හිමියන් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ, දින 90ක් රඳවා තබා විමර්ශනය කිරීමට ආරක්ෂක අමාත්‍යවරයා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ අනුමැතිය ලැබී ඇතැයි, පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිතීඥ නිහාල් තල්දූව පවසයි.

පසුගිය 18 වැනිදා අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය කොළඹ පැවැත්වූ විරෝධතාවක් අතරතුර වසන්ත මුදලිගේ ඇතුළු 19 දෙනෙකු පොලිස් අත්අඩංගුවට පත්වූ අතර, වසන්ත මුදලිගේ මහතා ඇතුළු තුන්දෙනා හැර සෙසු 15 දෙනා පසුදා අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව ඇප මත මුදා හැරිණි.

එක් අයෙකු ලබන 26 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට අධිකරණය නියෝග කළේ ය.

වසන්ත මුදලිගේ ඇතුළු තුන්දෙනා පැය 72 රැඳවුම් නියෝග යටතේ පළමුව රඳවා ගැනුණු අතර, ආරක්ෂක අමාත්‍යවරයාගේ අනුමැතියට යටත්ව ඔවුන් දින 90 ක් රඳවා තබා විමර්ශනය කෙරෙනු ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පවසයි.

000IUSF 2

000IUSF 1

000IUSF 3

ත්‍රස්ත පනත ගැන ජී.එල් පීරිස්ගෙන් අනතුරු ඇඟවීමක්
 
මේ අතර විදේශ කටයුතු හිටපු අමාත්‍ය මහාචාර්ය ජී එල් පීරිස් පවසන්නේ, රජය ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත ක්‍රියාත්මක කිරීමෙන් රට දේශීය වශයෙන් මෙන්ම ජාත්‍යන්තර වශයෙන්ද විශාල ගැටළු කාරී තැනකට ඇද වැටෙන බවයි.

මේ පනත ක්‍රියාත්මක කිරීමෙන් රටේ ප්‍රජාතන්ත්‍රවාදය මෙන්ම මානව අයිතිවාසිකම් කිසිවක් ඉතිරි නොවන බවද  ඔහු පැවසූවේය.

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතට තමා සංශෝධන කිහිපයක් ඉදිරිපත් කළ බවත් සමස්ත පනත සමාලෝචනයට භාජනය කරන තුරු පනත ක්‍රියාත්මක කිරීමට ඉක්මන් නොවන්නේයැයි එහිදී ප්‍රකාශ කෙරුණු බවත් මහාචාර්යවරයා සඳහන් කළේය.

මහාචාර්ය ජී එල් පීරිස් මෙසේද සඳහන් කළේය.


gl''තව සති දෙකකින් ජිනීවා නගරයේ මානව හිමිකම් කවුන්සලයේ පනස් එක්වෙනි රැස්වීම ආරම්භ වෙනවා. සැප්තැම්බර් දොළොස් වැනිදා. ශ්‍රී ලංකා රජය මූල්‍ය අරමුදල සමග සාකච්ඡාව ටත් සූදානම් වෙනවා. ජීඑස්පී ප්ලස් සහනය අපේ රටේ අපනයනයට කෙලින්ම  බලපාන දෙයක්. ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත ක්‍රියාත්මක කිරීමේන් මේ සියලුම ක්ෂේත්‍ර අගතියට පත් වෙනවා. අපි මේ පනතට සම්පූර්ණයෙන්ම විරුද්ධයි.



ඒ වගේම රජය හදිසි නීතිය ක්‍රියාත්මක කිරීමට පාර්ලිමේන්තුවට යෝජනාවක් ගෙනාවා. අපි තීරණය කළා ඒ යෝජනාවට සහාය නොදීමට. හදිසි  නීතිය ක්‍රියාත්මක කිරීමට  කිසිම අවශ්‍යතාවක් තිබුණේ නැහැ.

දැන් ඊට වඩා දරුණු පනතක් වන ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත ගෙන එන්න සූදානම් වෙනවා. වසන්ත මුදලිගේ ශිෂ්‍යයා දින අනූවකට රඳවා ගැනීමට නියෝගයක් ලබාගත්තා. මොකක්ද මෙතන තියෙන ත්‍රස්තවාදය. අපි දකින්නේ නැහැ මෙතන ත්‍රස්ත්‍රවාදයක්.''



කවුද ත්‍රස්තවාදියෝ කියන්නේ?

dfsdfe

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත භාවිත කරමින් විරෝධතාකරුවන් අත්අඩංගුවට ගැනීම සහ රඳවා තබා ගැනීම සම්බන්ධයෙන් නීතියේ ආධිපත්‍ය සඳහා වූ නීතිඥයෝ සංවිධානයේ නීතිඥ චන්දන ගලප්පත්ති අදහස් පළ කළේය.


"ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත ඇත්තටම භාවිත කළ යුත්තේ ත්‍රස්තවාදීන්ගෙන් ජනතාව ආරක්ෂා කරන්න. දැන් මොකද්ද රනිල් වික්‍රමසිංහ කරන්නේ ජනතාවගෙන් ත්‍රස්තවාදීන් ආරක්ෂා කිරීම සඳහා මේ නීතිය භාවිත කරන බවක් පෙනෙන්න තියෙනවා."


ඔහු කියා සිටියේ "කවුද ත්‍රස්තවාදීන් කියන්නේ රටේ ධනය විනාශ කරන වරායවල් වලින්, ගුවන් තොටුපළවල් වලින් කුළුණු වලින් රටේ ධනය ගසා කාපු දේශපාලන තක්කඩියෝ ත්‍රස්තවාදීන්. ඒ වගේම රටේ වෙනත් ආකාරයකට සීනි බදු වංචා, සුදුළූනු වංචා වගේ දේ වලින් රටේ ධනය විනාශ කරලා, ජන ජීවිත සම්පූර්ණයෙන්ම විනාශ කරලා ත්‍රස්තවාදීන්" යනුවෙනි.

මේ අතර විපක්ෂ ක්‍රියාකාරීන්ද විමසා සිටින්නේ, ආර්ථිකයට විශාල විනාශයක් කළ හිටපු මැති ඇමතිවරුන්ට හා නිලධාරීන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක නොකරන්නේ මන්ද යන්න පිළිබඳවයි.

එමෙන්ම මැයි 09 වැනි දින 'ගෝඨාගෝගමට' පහර දීම ඇතුලු ප්‍රචන්ඩ ක්‍රියා සම්බන්ධයෙන් ඊට සෘජුව වගකිව යුතු හිටපු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ ඇතුලු පිරිසට එරෙහිව විමර්ශනවල ප්‍රගතිය පිළිබඳව ද අරගලකරුවෝ ප්‍රශ්න කර සිටිති.


අමෙරිකානු කොංග්‍රස් සභිකයින් 10 දෙනෙකුගෙන් රාජ්‍ය ලේකම්ට ලිපියක්...

විරෝධතා දැක්වීමට ශ්‍රී ලංකාවේ වැසියන්ට ඇති අයිතිය ආරක්ෂා කිරීම‌ට සියලුම රාජ්‍යතාන්ත්‍රික මාධ්‍යයන් භාවිතා කරන ලෙස අමෙරිකානු කොංග්‍රස් සභිකයින් පිරිසක් එරට රාජ්‍ය ලේකම්වරයා වෙත ලිපියක් යොමු කරමින් ඉල්ලා ඇත.

සාමකාමී පෙළපාලිකරුවන්ට සහ මාධ්‍යවේදීන්ට එරෙහිව ප්‍රචණ්ඩත්වය භාවිතා නොකිරීමට සහ විරෝධතා දැක්වීමට පුරවැසියන්ට ඇති අයිතිය ශ්‍රී ලංකා රජය ආරක්ෂා කිරීම, සහතික කිරීම සඳහා පවතින සියලුම රාජ්‍යතාන්ත්‍රික මාධ්‍යයන් භාවිතා කරන ලෙස අමෙරිකානු කොංග්‍රස් සභිකයින් 10 දෙනෙකු අමෙරිකානු රාජ්‍ය ලේකම්වරයාගෙන් ඉල්ලා තිබේ.

අමෙරිකානු රාජ්‍ය ලේකම් ඇන්ටනි බ්ලින්කන් සහ USAID පරිපාලක සමන්තා පවර් වෙත යොමු කරන ලද ලිපියකින් කොංග්‍රස් සභිකයින් ඉල්ලා සිටින්නේ ශ්‍රී ලංකාවට අවශ්‍ය අවස්ථාවන්හිදී අර්ථවත් සහයක් ලබා දෙන ලෙසය.


ජනාධිපති රනිල් වික්‍රමසිංහ හදිසි නීතිය ප්‍රකාශයට පත් කිරීම, ඇඳිරි නීතිය පැනවීම, විරෝධතා හෙළා දකිමින් ඒවා මැඩපැවැත්වීම සඳහා ජීව උණ්ඩ පවා භාවිතා කරන ලෙස යෝජනා කළ බව පෙන්වා දුන් කොංග්‍රස් සභිකයන් පවසන්නේ සාමකාමී පෙළපාලිකරුවන්ට සහ මාධ්‍යවේදීන්ට එරෙහිව ප්‍රචණ්ඩත්වය යොදා නොගත යුතු අතර දුක්විඳින පුරවැසියන්ට සාමකාමීව විරෝධතා දැක්වීමට ඇති අයිතිය ශ්‍රී ලංකා රජය ආරක්ෂා කිරීම සහතික කිරීම සඳහා රාජ්‍ය තාන්ත්‍රික ක්‍රම තිබෙන බව ය.


මේ අතර එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් ආරක්ෂකයින් සම්බන්ධ විශේෂ වාර්තාකාරිනී මේරි ලෝලර් ඊයේ දින ට්වුටර් පණිවිඩයක් නිකුත් කරමින් මෙසේ කියා සිටියාය.

"මානව හිමිකම් ආරක්ෂකයෙකු වන වසන්ත මුදලිගේ, හෂාන් ජීවන්ත සහ ගල්වැව සිරිදම්ම හිමි ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගැනීම ගැන මම දැඩි කනස්සල්ලට පත්ව සිටිමි. ඔවුන්ගේ රැඳවුම් නියෝගයට අත්සන් නොකරන ලෙස මම ජනාධිපති රනිල්ගෙන් ඉල්ලා සිටිමි, එසේ කළොත් එය ශ්‍රී ලංකාවට අඳුරු දිනයක් වනු ඇත"


Screenshot 2022 08 22 at 9.36.47 AM

'ජාත්‍යන්තර නීතියට පටහැනියි' - ජාත්‍යන්තර ක්ෂමා සංවිධානය


අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ ත්‍රස්වාදය වැළැක්වීමේ පනත යටතේ රඳවා තබා ගැනීම පිළිබඳ ජාත්‍යන්තර ක්ෂමා සංවිධානයද දැඩි කනස්සල්ලට පළ කළේය.

ජාත්‍යන්තර ක්ෂමා සංවිධානය අවධාරණය කළේ, විරෝධතාකරුවන්ට එරෙහිව ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත (PTA) භාවිතා නොකරන ලෙස ශ්‍රී ලංකා රජයෙන් ඉල්ලා සිටින බවයි.

එමෙන්ම ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසි කිරීමට රජය කටයුතු කළ යුතු බවද ජාත්‍යන්තර ක්ෂමා සංවිධානය සඳහන් කර සිටියේය.

විරෝධතාකරුවන් අත්තනෝමතික ලෙස රඳවා තබා ගැනීම සහ ත්‍රස්තවාදය සම්බන්ධ චෝදනා වැනි යුක්ති සහගත නොවන, බරපතල අපරාධ වැරදි සම්බන්ධයෙන් ඔවුන්ට චෝදනා කිරීම ජාත්‍යන්තර නීතියට පටහැනි බවද එම සංවිධානය අවධාරණය කළේය.

මේ අතර ඊයේ (අගෝස්තු 21) කොළඹදී සිවිල් සංවිධාන, මානව හිමිකම් ක්‍රියාකාරීන්, වෘත්තය සමිති හා විශ්ව විද්‍යාල ආචාර්යවරුන් විසින් දිගින් දිගටම කෙරෙන මෙම අත්අඩංගුවට ගැනීම් සහ රඳවා තබා ගැනීම් අත්තොනෝමතික බවට පවසමින් මාධ්‍ය හමුවක් කැඳවා තිබු අතර කොළඹ කොටුවේදීද, උතුරු නැගෙනහිර එකාබද්ධ කම්ටුව විසින් මන්නාරමේදීද ත්‍රස්තවාදය වැළක්වීමේ පනත යොදා ගනිමින් අරගලකරුවන් අත්අඩංගුවට ගැනීමට එරෙහිව විරෝධතා සංවිධානය කොට තිබුණි.

 


කාටත් කලින් අභ්‍යන්තර දේශපාලන පුවත් බලන්න,  
The LEADER Whatsapp Group එකට එකතුවෙන්න.

Screenshot 2022 06 23 at 11.50.54 AM

 

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්