1200 x 80 DMirror

දේශීයව පාපැදි නිෂ්පාදනය දිරි ගැන්වීම හා විදුලි පාපැදි (Electric bicycles) කර්මාන්තයක් ලෙස ප්‍රවර්ධනයට බදු සහන සලසන බව මුදල් අමාත්‍ය, ජනාධිපති

රනිල් වික්‍රමසිංහ පවසයි.

ඔහු මේ බව පවසා සිටියේ ඊයේ (30) 2022 අතුරු අයවැය කතාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ අවස්ථාවේදී යි.

ඉන්ධන භාවිතයෙන් ධාවනය වන වාහන ප්‍රමාණය අඩු කිරීම සඳහා විදුලියෙන් ක්‍රියාත්මක වන පාපැදි දේශීය කර්මාන්තයක් ලෙස දිරි ගැන්විය යුතු බව හෙතෙම එහිදී කියා සිටියේය.

මෙලෙස සියයට 50 කට වඩා එකතු කළ අගයක් සහිතව දේශීයව නිෂ්පාදනය කරනු ලබන විදුලියෙන් ධාවනය කරන පාපැදි නිෂ්පාදනයේ දී අවශ්‍ය ආනයනික උපාංග සඳහා බදු සහන ලබා දීමට ද කටයුතු කරන බව ද මුදල් අමාත්‍යවරයා පැවසිය.

“ඉන්ධන භාවිතයෙන් ධාවනය වන වාහන ප්‍රමාණය අඩු කිරීම සඳහා විදුලියෙන් ක්‍රියාත්මක වන පාපැදි (Electric bicycles) දේශීය කර්මාන්තයක් ලෙස දිරි ගැන්විය යුතු වනවා. එබැවින්, සියයට 50 කට වඩා එකතු කළ අගයක් සහිතව දේශීයව නිෂ්පාදනය කරනු ලබන විදුලියෙන් ධාවනය කරන පාපැදි නිෂ්පාදනයේ දී අවශ්‍ය ආනයනික උපාංග/කොටස් සඳහා බදු සහන ලබා දීමට කටයුතු කරනවා.“  ජනාධිපතිවරයා පැවසිය.


 


කාටත් කලින් අභ්‍යන්තර දේශපාලන පුවත් බලන්න,  
The LEADER Whatsapp Group එකට එකතුවෙන්න. 

Screenshot 2022 06 23 at 11.50.54 AM

WhatsApp Image 2022 12 10 at 10.33.30 AM

WhatsApp Image 2022 12 10 at 10.33.30 AM

ඇඩ්වර්ටයිසිං ලෝකය