ආණ්ඩුවෙන් ඉවත් වී පාර්ලිමේන්තුව තුළ ස්වාධීන වූ විමල් වීරවංශ ප්‍රමුඛ පක්ෂ 10කට මන්ත්‍රී කණ්ඩායමේ නව සන්ධානය එළි දැක්වීමේ සමුළුව අද (04)

පස්වරුවේ මහරගම තරුණ සේවා ශ්‍රවනාගාරයේ දී පැවැත්වේ.

එම සන්ධානයේ අභ්‍යන්තර ආරංචිමාර්ග වලට අනුව නව සන්ධානය නම්කර ඇත්තේ 'උත්තර සභාගය' ලෙසයි.

නව සන්ධානයේ නායකයා කවුද යන්න මෙතෙක් ප්‍රකාශයට පත්කර නැතත්, එය අද දිනයේ ප්‍රකාශයට පත් කරන බව ආණ්ඩුවෙන් ඉවත් වී පාර්ලිමේන්තුවේදී ස්වාධීන වූ මන්ත්‍රී කණ්ඩායමේ සාමාජික ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක්කාර පැවසිය.



අද බිහිකෙරෙන නව සන්ධානය මෙරට දේශපාලනයේ හැරවුම් ලක්ෂයක් වනු ඇති බව 'පිවිතුරු හෙළ උරුමයේ' නායක පාර්ලිම්න්තු මන්ත්‍රි උදය ගම්මන්පිල සඳහන් කළේය.

ඉදිරියේදී තවත් පක්ෂ කිහිපයක් නව සන්ධානය සමග එකතුවීමට නියමිත බව ද ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.



පවතින දේශපාලන ක්‍රමය වෙනස් කරමින් මතවාදී දේශපාලන වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීම නව සන්ධානයේ ප්‍රධාන අරමුණ බව පාර්ලිමේන්තු මන්ත්‍රි අතුරලියේ රතන හිමියන් ප්‍රකාශ කළහ.



 {gallery}uththarabhagaya2294{/gallery}


කාටත් කලින් අභ්‍යන්තර දේශපාලන පුවත් බලන්න,  
The LEADER Whatsapp Group එකට එකතුවෙන්න. 

Screenshot 2022 06 23 at 11.50.54 AM


 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්