නිදහසින් පසු මෙරට වැඩිම ප්‍රජාතන්ත්‍රවාදයක් තිබූ පක්‍ෂය වන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ

ප්‍රජාතන්ත්‍රවාදය මේ වන විට මරාදමා ඇතැයි හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග අද (5) පැවසුවාය.

එමෙන්ම එම පක්‍ෂයේ ප්‍රතිපත්තියද විනාශ කර ඇති බව කී හිටපු ජනාධිපතිනිය, තමන්ට වැදගත් වන්නේ පක්‍ෂයේ ප්‍රතිපත්ති හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ආරක්‍ෂා කළ ජනතාව පමණක් බැවින් ඔවුන් වෙනුවෙන් තමන් ඉදිරියේදීත් වැඩ කරන බව ද සඳහන් කළාය.

චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මේ බව පැවසුවේ පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම ගේ සභාපතිත්වයෙන් යුත් ‘නව ලංකා නිදහස් පක්ෂයේ’ පක්ෂ මූලස්ථානය විවෘත කිරීමේ අවස්ථාවට එක්වීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

''සභාපතිට ඔල්මාදේ, ශ්‍රීලනිපයෙ දැන් ඉන්නේ පිස්සෝ ටිකක්'' යයි ද ඇය එහිදී පැවසුවාය.

 

 

 ''ජනාධිපති රනිල් ට සහයෝගය ලබාදීමට සූදානම් - වෙල්ගම

උත්සව සභාව ඇමතු නව ලංකා නිදහස් පක්ෂයේ සභාපති, කුමාර වෙල්ගම පැවසුයේ, ජනාධිපති රනිල් වික්‍රමසිංහ ට සම්පූර්ණ සහයෝගය ලබාදීමට තමන් සූදානම් බවයි.

නව ලංකා නිදහස් පක්ෂ ප්‍රධාන කාර්යාලය අද (05) උදෑසන බත්තරමුල්ලේ දී විවෘත කළ අතර, එම අවස්ථාවට එක්වෙමින් ඔහු මේ බව කියා සිටියේය.

එම උත්සවයට හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන පාඨලී චම්පික රණවක, අනුර ප්‍රියදර්ශන යාපා සහ චන්දිම වීරක්කොඩි යන දේශපාලනඥයින් ඇතුළු පිරිසක් එක්ව සිටියේය.

එහිදී තවදුරටත් අදහස් දැක්වු කුමාර වෙල්ගම මෙසේ සඳහන් කළේය.

''ජනාධිපතිතුමාට මම පාර්ලිමේන්තුවේ දී කිව්වා ඔබතුමාට මේ ගමන යන්න ඔය ඉන්න ප්‍රධාන පෙළේ, අය ඉඩදෙන්නේ නෑ. කකුලෙන් අදිනවා. ඔබතුමා ජනාධිපති උනාට බොහෝම වෛරයෙන්, ක්‍රෝධයෙන්, ඊර්ෂියාවෙන් ඉන්නේ. මේක විශේෂයෙන් කියන්න ඕනේ. කිසිදෙයක් නැති රනිල් ජනාධිපති වුණා. මන්ත්‍රී ධූර තුනක් තියෙන දිනේෂ් අගමැති වුණා. 69 ලක්ෂයක් ගත්ත මම අද ගෙදර. මේක තමා කියන්නේ. පොළොවේ යථාර්ථය ඔවුන් තේරුම් ගන්නේ නෑ. ඔබතුමාට බොහෝම කරුණාවෙන් කියනවා මේ දවස් කිහිපය හිමින් යන්න. ඔබතුමාට හොඳ බලයක් තියෙනවා. පෙබරවාරි 25න් පස්සේ, ඔය රාජපක්ෂලාව ගෙදර යන අවස්ථාව තමුන්නාන්සේලා ට ලැබෙනවා. එදාට ඡන්දයකට යන්. එදාට සම්පූර්ණ සහයෝගය දෙනවා අපේ වමේ පක්ෂ."

 

   

 

කාටත් කලින් අභ්‍යන්තර දේශපාලන පුවත් බලන්න,  
The LEADER Whatsapp Group එකට එකතුවෙන්න.

Screenshot 2022 06 23 at 11.50.54 AM

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්