ජනාධිපති අපේක්ෂක ගෝඨාබය රාජපක්ෂගේ ප්‍රචාරක ව්‍යාපෘතියක් ලෙස ආචාර්ය රාජා ධර්මපාල විසින් පසුගියදා ප්‍රකාශයට පත්කරන ලද 'වීර සපුමල් යළි ඇවිත්' නමැති කෘතියේ එක් තැනක

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් දයාසිරි ජයසේකර දුෂිතයකු ලෙසට චෝදනා කර තිබේ.

එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරුන්ට පමණක් නොව, ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රීවරුන් ද බැංකු මංකොල්ලයේ මුදල් කෝටි ගණනින් ලබාගෙන ඇතිබවත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහලේකම් දයාසිරි ජයසේකර මන්ත්‍රීවරයා ද ඉන් එක් අයකු බවත් කතුවරයා විසින් අවධාරණය කර තිබේ.

'වීර සපුමල් යළි ඇවිත්' නමැති කෘතියේ 04 වැනි පිටුවේ ඒ සම්බන්ධයෙන් මෙවැනි සටහන් ඇත.

''අර්ජුන් මහේන්ද්‍රන්ව පිටරට ඉඳලා ගෙන්නගෙන මහබැංකු අධිපතිකම දුන්නා. එහෙම දුන්නේ වෙන මොහොකටවත් නොව එහි මුදල් කොල්ලකන්න පොට පාදන්න. අර්ජුන් විදේශිකයෙක්. එයාට ලංකාවේ බැංකු ගැන තැකීමක් නැහැ.

මේ බැංකුවේ කෝටි ගණන් මුදල් පාවිච්චි කරලා තියෙන්නේ ඇතැමුන්ට ගෙවල් ගන්න, විදේශ සංචාරවලට පසුගිය පාර්ලිමේන්තු මැතිවරණයේ ඡන්ද ව්‍යාපාර කටයුතුවලට, එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරුන්ට පමණක් නෙවෙයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රීවරුන් මේ බැංකු මංකොල්ලයේ සල්ලි කෝටි ගණනින් අරන් තියෙනවා. එකකෙනෙක් තමයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහලේකම් දයාසිරි ජයසේකර''

weera sapumal 900px

 දැඩි රාජපක්ෂ භක්තිකයකු වන ආචාර්ය රාජා ධර්මපාල විසින් මිට ඉහතදී ‘'භූපති දුටුගැමුණු ජනපති මහින්ද" නමින් ද කෘතියක් ප්‍රකාශයට කර තිබිණ.

විපක්ෂ නායක මහින්ද රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් පසුගිය වසරේ( 2018)  ජුලි මස 24දා ඊට අදාල උත්සවය පැවතියේ පැපිලියාන සුනේත්‍රාදේවි පිරිවෙන් විහාරයේදී දීය.

උත්සවයෙන් අනතුරුව මාධ්‍යවෙත අදහස් දැක්වූ විපක්ෂනායක මහින්ද රාජපක්ෂ පැවසුයේ අර්ජුන් මහේන්ද්‍රන් මෙරටට රැගෙන ඒමට අගමැතිවරයා කටයුතු කරන්නේ නම්, 'නිව්යෝර්ක් ටයිම්ස්' පුවත්පතේ චෝදනාවලට පිළිතුරු දීමට තමා සුදානම් බවයි.

image ae7cc2c3f5

image c46fbdae82

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්