පළවෙනි අරගලය ඉවර වුවද රට ගොඩ නගන දෙවන අරගලය ආරම්භ කරන බව එජාප නායක,

ජනාධිපති රනිල් වික්‍රමසිංහ අද (06) අවධාරණය කර සිටියේය.

ඔහු එබව කියා සිටියේ, එක්සත් ජාතික පක්ෂ 76 වන සංවත්සර උත්සවය අමතමිනි.

දහඩියෙන් මහන්සියෙන් සියලුම දෙනා එක්ව යළිත් රට ගොඩ ගන්නා බව  බය නැතිව ප්‍රකාශ කරන බව කී ජනාධිපතිවරයා, සජබෙ, පොහොට්ටුව, ජවිපෙ, දෙමළ සන්ධානය, එජාපය, එක මවකගේ දරුවන් සේ එකතු විය යුත්තේ රට ඉදිරියට ගෙන යාමට බවද පැවසීය.



රට යළි ගොඩනැගීම සඳහා අලුත් නීති රැසක් ගෙනඒමට කටයුතු කරමින් ඇති බව ද ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසයි.




''ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත වෙනුවට අලුත් නීතියක් ගේනවා. සත්‍ය කොමිසමක් ඇති කරනවා. ස්ත්‍රී පුරුෂ සමාජ බාවය පිළිබඳ පනතක්, රජයේ තට්ටු නිවාස ලබාදෙන්න තව නීතියක්, ඉඩම්වලට සින්නක්කර ඔප්පු දෙන්න නීතියක්, යොවුන් පාර්ලිමේන්තුව නීතිගත කරනවා. මේ ඔක්කොම ගෙන්නේ රට ශක්තිමත් කරන්න."

"ජනසභා යෝජනාව මේ සියල්ලටම වඩා වැදගත්. සෑම ග්‍රාම නිලධාරී කොට්ඨාසයකම ජනසභාවක් ඇති කරනවා."

"දේශපාලනයෙන් තොරව ජනසභාවක් මාර්ගයෙන් අදහස් ලබා ගන්නවා තමන්ගේ ගම දියුණු කරන්නේ කොහොමද කියලා."

"රටේ ප්‍රධාන කටයුතු දේශපාලනයෙන් තොරව කරන්න අපි සූදානම්."

"මට මගේ සීයලා ආච්චිලා පුරුදු කරලා තියෙන්නේ ණය ගත්තොත් ණය ආපසු ගෙවලා දාන්න."

76

කොළඹ සුගතදාස ක්‍රීඩාංගණයේදී විශාල ජනකායකගේ සහභාගීත්වයෙන් සංවත්සර උත්සවය අද (06) පස්වරුවේ දී පැවැත්විණ.  

ඒ සඳහා සෙසු පක්ෂ නායකයින්ට ද ආරාධනා කර තිබූ අතර අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී සාගර කාරියවසම් ඇතුළු පිරිසක් ඊට එක්වී තිබුණි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපතිවරයා මෙසේද කීය.



''මේ රටේ තරුණ තරුණියන් වත්මන් දේශපාලනය පිළිකුල් කරනවා. විපක්ෂය විවේචනයට සීමාවෙලා. නවීන දේශපාලනයක් ජනතාව බලාපොරොත්තු වෙනවා.''



''කොරෝනා වසංගතයෙන් පසුව පක්ෂ සංවත්සරය සඳහා මෙහි පැමිණ තිබෙනවා. ඔබ සැමට ස්තුතිය පුද කරනවා. අමාරු කාලයේදී ඔබ සියලුම දෙනා එක්සත් ජාතික පක්ෂය සමඟ වැඩ කටයුතු කළා.

අද අප අපේ පක්ෂය හැදු නායකයන් සිහිකරනවා. ඩී.එස් සේනානායක, ඩඩ්ලි සේනානායක, ශ්‍රීමත් ජෝන් කොතලාවල, ජේ.ආර්. ජයවර්ධන, ආර්.ප්‍රේමදාස, ඩී.බී විජේතුංග නායකයන් විසින් මේ පක්ෂය මෙන්ම රටත් හැදුවා. ඒ අයගෙන් ඉගෙන ගෙන මා මෙතනට පැමිණ සිටිනවා.

මා අද කතා කරන්නේ මේ පක්ෂයෙන්ම බිහිවූ හතරවන ජනාධිපතිවරයා ලෙසයි. එක්සත් ජාතික පක්ෂයේ පෙර ජනාධිපතිවරුන්ට වඩා වෙනස් තත්ත්වයක් මට තිබෙනවා .මට එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු කණ්ඩායමක් හෝ ආණ්ඩුවක් නැහැ. අප සියලු දෙනාම එකතු වී මේ ආණ්ඩුව ගෙන යනවා.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මෙන්ම තවත් පක්ෂ ගණනාවක සහය සමඟ ආණ්ඩුව ගෙන යනවා. අද අප විශාල අර්බුදයකට මුහුණ දී සිටිනවා. ඉතිහාසයේ මෙවැනි අර්බුදයක් තිබුණාදැයි කියා මා දන්නේ නැහැ. ආර්ථිකය කඩාවැටිලා. මේ ප්‍රශ්නයට විසදුම් සෙවිය යුතුව තිබෙනවා. මේ අර්බුදය මැද මා මෙහි පැමිණ සිටිනවා.''

{gallery}UNP-76{/gallery}

 

 

 

 

කාටත් කලින් අභ්‍යන්තර දේශපාලන පුවත් බලන්න,  
The LEADER Whatsapp Group එකට එකතුවෙන්න.

Screenshot 2022 06 23 at 11.50.54 AM

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්