ශ්‍රී ලංකා කණ්ඩායම ඊයේ (සැප්. 6) ඩුබායි ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේ දී පැවති

සුපිරි සිව්දෙනාගේ වටයේ දී ඉන්දියාව කඩුලු 6කින් පරාජය කරමින් ආසියානු කුසලාන විස්ස යි විස්ස ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයට සුදුසුකම් ලබාගැනීමට තවත් සමීපවිය.

රෝහිත් ශර්මාගේ නායකත්වයෙන් මෙවර තරගාවලිය එක්වූ ඉන්දියාවට අවසන් මහා තරගයට පිවිසීමේ අවස්ථාව, මෙම පරාජයත් සමග ගිලිහී යමින් පවතියි.

ඊයේ ජයග්‍රහණයත් සමග ශ්‍රී ලංකාව මේ වන විට විස්සයි විස්ස තරග තුනක් අඛණ්ඩව ජයගෙන තිබේ.

ඊයේ තරගයේ තීරණාත්මක සාධකයක් වූ කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකා නායක දසුන් ශානක දෙවරක් නොසිතා පළමුව පන්දුවට පහරදීමට ඉන්දියාවට ආරාධනා කළේ ය. ඉන්දියාව පන්දුවාර 20 අවසානයේ කඩුලු 8ක් දැවී රැස්කළ ලකුණු සංඛ්‍යාව 173 කි.

dsdft

එහිදී නායක රෝහිත ශර්මා ලකුණු 72ක් ද, සූරියකුමාර් යාදව් 34ක් ද රැස්කළේ ය.

සුපිරි පිතිකරු විරාත් කෝලි ලකුණු ලබාගන්නට පෙර නවක වේග පන්දුව යවන ක්‍රීඩක ඩිල්ෂාන් මධුෂංකගේ පන්දුවක් හමුවේ දැවී ගියේ ය. ඩිල්ෂාන්ගේ පන්දුවක් හමුවේ කෝලිගේ කඩුල්ලේ විකට් කූරු ගැලවී ගියේ ඔහුගේ ක්‍රිකට් දිවියට අමතක නොවන මතක සටහනක් එක් කරමිනි.

ඩිල්ෂාන් ලකුණු 24කට කඩුලු තුනක් දවාගත්තේ ය. මීට අමතරව චාමික සහ නායක දසුන් ශානක කඩුලු ද්විත්වය බැගින් දවාගත්හ.

පිළිතුරු ඉනිම ආරම්භ කළ ශ්‍රී ලංකා ආරම්භක පිතිකරුවන් යුගල වන පැතුම් නිස්සංක සහ කුසල් මෙන්ඩිස් පළමු කඩුල්ල සඳහා පන්දු 67ක දී ලකුණු 97ක සබඳතාවක් ගොඩනැගූහ.

එහිදී පන්දු 37කට මුහුණදුන් පැතුම් නිස්සංක හයේ පහර දෙකක් සහ හතරේ පහර හතරක් සමග සිය සයවැනි විස්ස යි විස්ස අර්ධ ශතකය ලබාගනිමින් ලකුණු 52ක් රැස්කළ අතර, කුසල් මෙන්ඩිස් පන්දු 37ක දී ලකුණු 57ක් වාර්තා කළේ හතරේ පහර හතරක් සහ හයේ පහර තුනක් සමගිනි.

එම ශක්තිමත් ආරම්භයට අභියෝග කළ ඉන්දීය පන්දු යවන්නෝ චරිත අසලංක ලකුණු ලබාගන්නට පෙර දවාගත් අතර ධනුෂ්ක ගුණතිලක එක් ලකුණකට දවාගත්හ.

අවසානයේ දී භානුක රාජපක්ෂ නොදැවී ලකුණු 25ක් සහ දසුන් ශානක නොදැවී ලකුණු 33ක් රැස්කරමින් පන්දු 34ක දී පස්වන කඩුල්ලට ලකුණු 64ක නොබිඳුණු සම්බන්ධතාවක් ගොඩනගමින් ශ්‍රී ලංකා ජයග්‍රහණය සනිටුහන් කළෝ ය.

තුන් ඉරියව්වෙන් දස්කම් පෙන්වූ දසුන් ශානක තරගයේ වීරයා ලෙස සම්මාන දිනාගත්තේ ය.

vbcvඡායාරූප මූලාශ්‍රය, SRI LANKA CRICKET/FACEBOOK


මෙම තරගයේ දී ලැබූ පරාජය හේතුවෙන්, අවසන් මහා තරගයට එක්වීමට ඇති අවස්ථා ඉන්දියාවට අහිමිවෙමින් පවතියි. ඉන්දියාවට අවසන් මහා තරගයට සුදුසුකම් ලැබීමට නම් ඇෆ්ගනිස්ථානයට එරෙහිව පැවැත්වෙන තරගය ජයගත යුතු වන අතර, ඉදිරි තරගවල දී ශ්‍රී ලංකාව සහ ඇෆ්ගනිස්ථානය හමුවේ පාකිස්ථානය පරාජයට පත්විය යුතු ය.

එපමණක් නොව, අවසන් කණ්ඩයම් තුනට වඩා ඉහළ ලකුණු ලබාගැනීමේ දළ වේගයක් ඉන්දියාව රඳවාගත යුතු ය.

කෙසේ වෙතත්, අද පැවැත්වෙන පාකිස්ථාන - ඇෆ්ගනිස්ථාන තරගය පාකිස්ථානය ජයග්‍රහණය කළහොත් ශ්‍රී ලංකාව සහ පාකිස්ථානය ආසියානු කුසලානයේ අවසන් මහා තරගයට සුදුසුකම් ලබනු ඇත.

ඊයේ ජයග්‍රහණය පිළිබඳව අදහස් දැක්වූ හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් නායක මහේල ජයවර්ධන, ශ්‍රී ලංකා කණ්ඩායමට මෙම ජයග්‍රාහී රිද්මය දිගටම පවත්වාගන්නා ලෙස ආශීර්වාද කරමින්, ජයග්‍රහණයේ අරමුණ කිසිදා අත්නොහරින ලෙස ඉල්ලා සිටියේ ය.

cfgdfg

ඊයේ ජයග්‍රහණයෙන් පසු මාධ්‍ය වෙත අදහස් දක්වමින් භානුක රාජපක්ෂ පවසා සිටියේ ලකුණු 173ක ඉලක්කය හඹා යා හැකි බවට විශ්වාස කළ බව යි. ජයග්‍රහණයට ප්‍රධාන හේතුව වූයේ කුසල් සහ පැතුම් නිස්සංකගේ ආරම්භ කඩුල්ලේ සබඳතාවබවත්, "කොහොමත් ඩුබායි තණතීරුවේ හඹායාම ටිකක් වාසි" බවත් භානුක පැවසුවේ ය.

වැඩිදුරටත් අදහස් දැක්වූ භානුක, "නවක ක්‍රීඩා ඩිල්ෂාන් මධුශංක එයාගේ මූලික දේවල් හරියටම කළා,"යි ද සඳහන් කළේ ය.

"එයා පහුගිය කාලේ අපේ වේගපන්දු පුහුණුකරුවෝ එක්ක හොඳට වැඩකළා. තාම පොඩි ක්‍රීඩකයෙක් එයා. ඉන්දියාව එක්ක ලකුණු 173ක් හඹායන එක ලේසි නෑ. එයාලා අවුරුද්දකට විස්ස යි විස්ස තරග 50ක් විතර සෙල්ලම් කරනවා, අපි උපරිම තරග 25ක් සෙල්ලම් කරයි. මම යි දසුනුයි පිතිකරණ ලයිස්තුවේ මැද පිතිකරණයේ යෙදෙන්නෙත් අපි දෙන්නට අත්දැකීම් තියෙන නිසයි," ඔහු ප්‍රකාශ කළේ ය.

කුමාර් සංගක්කාර ට්විටර් පණිවිඩයක් තබමින් පවසා සිටියේ ඊයේ ලැබුවේ විශිෂ්ඨ ජයග්‍රහණයක් බව යි. දිදුලන දක්ෂතාව සහ කුසලතාව පෙන්වූ අවස්ථාවක් ලෙස යි සංගක්කාර ඊයේ ජයග්‍රහණය හැඳින්වූයේ.

ආසියානු කුසලානයේ ශ්‍රී ලංකාව සහභාගී වන මීළඟ තරගය සිකුරාදා (සැප්. 9) පාකිස්ථානය සමග පැවැත්වීමට නියමිත ය.

(BBC සිංහල සේවය )

 

 

කාටත් කලින් අභ්‍යන්තර දේශපාලන පුවත් බලන්න,  
The LEADER Whatsapp Group එකට එකතුවෙන්න.

Screenshot 2022 06 23 at 11.50.54 AM

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්