"ශ්‍රී ලංකා ඔලිම්පියන්ස් " අනාගත ජයග්‍රාහයකයින්ගේ ක්‍රිඩා මංපෙත සකසා දිමේ ප්‍රායෝගික පුහුණු වැඩමුළුයක් රත්නපුර සීවලි මධ්‍ය විද්‍යාලයේ ක්‍රීඩා

භුමියේදි සැප්තැම්බර් 09 දින උදෑසන 8.00 සිට පැවැත්විමට නියමිතය.

මෙහිදී මලල ක්‍රිඩා, බැඩ්මින්ටන්, බොක්සිං සහ පිහිනුම් තරග ඉසව් හදුන්වා දෙනු ලබන අතර ආධුනික තරගකරුවන් කුමන ඉසව් සදහා යෝග්‍ය දැයි හදුනා ගැනිමේ මුලික අඩිතාලම සිදු  කරනු ලබයි.

එතෙක්, මෙතෙක් ක්‍රිඩා ඉතිහාසයේ නව පිටුවක් සනිටුහන් කරමින්, ඔලිම්පික් තරගාවලි තුල විවිධ ඉසව් යටතේ තරග කල, ඔලිම්පියන්ස්ලා 16කට අධික සංඛ්‍යාවක් සිවලි පිටියේදි, රත්නපුර දිස්ත්‍රික් ළමා පරපුරෙන් ජයග්‍රාහයකයින් බිහි කිරිමට ⁣පැමිනෙනු ඇත.

302610232 5842713739073743 8629135758151403696 n

ලොව විශිෂ්ටතම ක්‍රිඩා උළෙල වන ඔලිම්පික් ක්‍රිඩා උළෙල සැම වසරකම ජුනි මස 23 වන දින ඉතා උත්කර්ෂවත් අන්දමින් සමරන අතර "ශ්‍රී ලංකා ඔලිම්පියන්ස්" එම දිනය අලලා ශ්‍රී ලංකාවේ විවිධ ප්‍රදේශවල වැඩමුළු සංවිධානය කරනු ලබයි.

මෙවර 2022 වර්ෂය සදහා රත්නපුර පලාත් ක්‍රිඩා සංවර්ධනය පිලිබදව ක්‍රියාකාරිත්වය ගන්නට කිහිප වරක් ප්‍රයත්න කලද, රට තුල පැවැති විවිධ දුෂ්කර කාල පරිඡ්චේද තුල එය පමා වු ද, සැප්තැම්බර් 09 දින මෙම අභියෝගයට මුහුණ දිමට "ශ්‍රී ලංකා ඔලිම්පියන්ස් " ක්‍රියා කරමින් සිටියි.

සඹරගමුව පලාත් රත්නපුර කලාප අධ්‍යාපන හා ක්‍රිඩා අධ්‍යක්ෂගේ අධික්ෂණය යටතේ, සඹරගමුව පලාත් අධ්‍යාපන ලේකම් ප්‍රමුඛව, රත්නපුර කලාපය කේන්ද්‍රස්ථානය කරගනිමින් රත්නපුර සිවලි මධ්‍ය මහ විද්‍යාලයේ විදුහල්පතිගේ දැඩි කැපවිම ආශිර්වාදය තුලින්, සිවලි මැදි විද්‍යාලයේදි සහ නව නගර ක්‍රිඩා සංවර්ධන දෙපාර්තමේන්තු ක්‍රිඩා සංකීර්ණ භුමියේදි , සැප්තැම්බර් 09 දින උදෑසන 8 සිට දවස පුරා පැවැත්විමට කටයුතු කර ඇති බව සංවිධායක කමිටුව පවසයි.           

 

1948 වර්ෂයේ සිට 2020 වර්ෂය දක්වා මෙතෙක් ඔලිම්පික් තරඟ සඳහා තරඟ කළ ශ්‍රී ලාංකීය ක්‍රිඩක ක්‍රිඩිකාවන් සංඛ්‍යාව 101 දෙනෙකි. ඔවුන් අතුරින් දැන⁣ට ජිවත්වෙන සංඛ්‍යාව 72 පමණක් වන අතර ලංකාව තුල ඔලිම්පියන්ස්ලා 44 දෙදෙනෙක් පමණක් වාසය කරයි. අනෙකුත් ඔලිම්පියන්ස්ලා එතෙර ජිවත් වෙති.

 

මෙරට සිටින ඔලිම්පියන්ස්ලා විසින් ආරම්භ කරන ලද "ශ්‍රී ලංකා ඔලිම්පියන්ස්" සංගමයේ සභාපති ශ්‍රියානි කුලවංශ OLY,  එම සංගමයේ ලේකම් සුගත් තිලකරත්න OLY ප්‍රමුඛ කණ්ඩායම අනාගත ක්‍රිඩා ජයග්‍රාහයකයින් මෙරටට දායාද කිරිම⁣ට, ඔවුන්ගේ කුසලතා, නිපුනතා සහ සහජ දක්ෂතා හදුනා ගනිමින්, ක්‍රීඩා මංපෙත සකසා දිමේ මුලික ප්‍රායෝගික පුහුණු කදවුර තුල, මලල ක්‍රිඩා, බොක්සිං , බැඩ්මින්ටන් සහ පිහිනුම් තරග ඉසව් සංවිධානය කර ඇත.

 මේ සඳහා එතෙක්, මෙතෙක්  ක්‍රිඩා  ඉතිහාසයේ නව පිටුවක් සනිටුහන් කරමින්, ඔලිම්පික් තරගාවලි තුල විවිධ ඉසව් යටතේ තරග කල, ඔලිම්පියන්ස්ලා 16කට අධික සංඛ්‍යාවක් රත්නපුර දිස්ත්‍රික් ළමා පරපුරෙන් ජයග්‍රාහයකයින් බිහි කිරිමට ⁣නියමිතව තිබේ.

 ඔවුන් සමග පාසැල්, ජාතික හා ජාත්‍යන්තර මට්ටමේ විශේෂ පුහුකරුවන්ගේ සහායෝගයද ලබා දෙනු ලබයි.

මෙහිදී 6 සහ 7 ශ්‍රේණිවල දරුවන් සදහා මලල ක්‍රිඩා, බැඩ්මින්ටන්, බොක්සිං සහ පිහිනුම් තරග ඉසව් හදුන්වා දෙනු ලබන අතර, ආධුනික තරගකරුවන් කුමන ඉසව් සදහා යෝග්‍ය දැයි හදුනා ගැනිමේ මුලික අඩිතාලම සිදු  කරනු ලබයි.


PHOTO 2022 09 08 11 01 55 PHOTO 2022 09 08 11 01 54


කාටත් කලින් අභ්‍යන්තර දේශපාලන පුවත් බලන්න,  
The LEADER Whatsapp Group එකට එකතුවෙන්න.

Screenshot 2022 06 23 at 11.50.54 AM

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්