මාස 4ක් පුරා පැවති ආණ්ඩු විරෝධී උද්ඝෝෂණයේදි මියගිය ජනයා සිහිපත් කිරීම සඳහා

කොළඹ ගාලුමුවදොර පරිශ්‍රයේ පැවති සමරුවකට සහභාගි වී ආපසු යමින් සිටියදී අත්අඩංගුවට ගත් 'වෙනසක තාරුණ්‍යය' සංවිධානයේ ජාතික සංවිධායක ළහිරු  වීරසේකර , මරදාන පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

පසුගියදා පැවති උද්ඝෝෂණයක් අතරතුර පොලිස් නිලධාරීන්ගේ රාජකාරියට බාධා කිරීම හා අයුතු ජන රාශියක සාමාජිකයකු වශයෙන් කටයුතු කිරීම හා සිද්ධීන් මත ඔහු අත්අඩංගුවට ගත් බව පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි.

Arrested 4Arrested 3

මඩකළපුවේ තවත් මානව හිමිකම් ක්‍රියාකාරිනියක් TID යට කැඳවයි

මේ අතර මඩකළපුවේ ලක්ෂ්මණරාජනී ජෙයප්‍රකාශ් නමැති තවත් මානව හිමිකම් ක්‍රියාකාරිනියක් සැප්තැම්බර් 13 වන දින කොළඹ ත්‍රස්ත මර්දන හා විමර්ශන කොට්ඨාශ මූලස්ථානය වෙත කැඳවා ඇත.

අදාළ කැඳවීම භාර දුන් පොලිස් නිලධාරීන් පරීක්ෂණයේ තොරතුරු ඇයට හෙළි කිරීමෙන් වැළකී තිබේ.

Arrested 2Arrested 3


බන්ධනාගාරයට ගිය සැණින් දමිතා රෝහලට

රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණු රංග ශිල්පීනි දමිතා අබේරත්න බන්ධනාගාර රෝහලට ඇතුළත් කර ඇත. ඊයේ පස්වරුවේ වැලිකඩ බන්ධනාගාරයට රැගෙන ආ ඇය කාන්තා අංශයේ රැඳවු බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසයි.

ඉන් අනතුරුව ඇයගේ සෞඛ්‍ය තත්ත්වය පරීක්ෂා කිරීමට පැමිණි වැලිකඩ බන්ධනාගාර රෝහල් වෛද්‍යවරියක් නිර්දේශ කර ඇත්තේ දමිතා අබේරත්න රෝහල් ගත කරන ලෙසයි.



ඒ අනුව බන්ධනාගාර නිලධාරීනියන් විසින් දමිතා අබේරත්න වැලිකඩ කාන්තා බන්ධනාගාර රෝහලට ඇතුළත් කර තිබේ. ඒ සඳහා බන්ධනාගාර මූලස්ථානයේ ඉහළ නිලධාරියෙකු ද මූලිකත්වය ගෙන ඇති බව බන්ධනාගාර ආරංචි මාර්ග පැවසීය.

 

සාමාන්‍ය රැඳවියෙකු අසනීප වු විට කඩිනමින් රෝහලට යොමු කිරීමක් සිදුවන්නේ නැහැ. එවන් පසුබිමක් තුළ දමිතා අබේරත්න බන්ධනාගාර ගත කර ඉතා කෙටි කාලයක් තුළ රෝහල් ගත කිරීමට කටයුතු කර තිබීම කැපී පෙනෙන තත්ත්වයකි.

ජනාධිපති කාර්යාලයට අයුතු ලෙස ඇතුළුවී එහි දේපලවලට හානි කලේ යැයි සැකපිට පොලීසිය විසින් දමිතා අබේරත්නට එරෙහිව චෝදනා එල්ල කර තිබෙනවා. අධිකරණයට ඉදිරිපත් කෙරුණු ඇය ලබන 14 වනදා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කළේය. 

 
 
 

කාටත් කලින් අභ්‍යන්තර දේශපාලන පුවත් බලන්න,  
The LEADER Whatsapp Group එකට එකතුවෙන්න.

Screenshot 2022 06 23 at 11.50.54 AM

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්