මාර්තු අවසන් දින කිහිපයේ හා මැයි මාසයේදී රටේ නිර්මාණය වූ ප්‍රචණ්ඩ ක්‍රියා හමුවේ ත්‍රිවිධ හමුදාවේ, පොලිසියේ සහ බුද්ධි අංශවල බරපතළ අඩුපාඩු රැසක් නිරීක්ෂණය වී ඇති බව ඒ සම්බන්ධයෙන්

සොයා බැලීමට හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් පත් කළ හිටපු ත්‍රිවිධ හමුදාපතිවරුන්ගෙන් සැදුම්ලත් විමර්ශන මණ්ඩල වාර්තාව අනාවරණය කරයි.

අද්මිරාල් ඔෆ් ද ෆ්ලීට් වසන්ත කරන්නාගොඩ ගේ ප්‍රධානත්වයෙන් යුත් මෙම කමිටුවේ සෙසු සාමාජිකයන් වූ මාර්ෂල් ඔෆ් ද එයාෆෝස් රොශාන් ගුණතිලක, ජෙනරාල් දයාරත්නායක යන අයයි. ඔවුන් විසින් සම්පාදනය කළ වාර්තාව පසුගිය බ්‍රහස්පතින්දා (08 ) ජනාධිපති රනිල් වික්‍රමසිංහ වෙත භාර දී ඇත.

මාර්තු 31 වැනිදා හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ මිරිහානේ පිහිටි නිවසට පහරදීම හා මැයි 09 වැනිදා ගාලුමුවදොර සිදුවීමත් සමග පාර්ලිමේන්තු මැතිඇමැතිවරුන් 74 දෙනකුගේ නිවාසවලට ගිනි තබා විනාශ කිරීම වළක්වා ගැනීම සඳහා බුද්ධි අංශ මගින් ප්‍රමාණවත් තොරතුරු සපයා තිබියදී පොලිසිය හා ත්‍රිවිධ හමුදාව ක්‍රියාත්මක වී නොමැති බව මෙම වාර්තාව මගින් පෙන්වා දී තිබේ.


නිවාස හා දේපොළ ගිනි තැබීම නතර කර ගැනීම සඳහා ඉහළ හමුදා හා පොලිස් නිලධාරීන්ට දැනුම් දී තිබියදී පහළ නිලධාරීන්ට ඊට අදාළ අණ ලබාදී නොමැති බවද හෙළිකර ගෙන ඇත.


මෙම පරීක්ෂණ මණ්ඩලය විසින් ත්‍රිවිධ හමුදාවේ පොලිසියේ සහ බුද්ධි අංශවල නිලධාරීන්ගෙන් සාක්ෂිවලින් එම කරුණු අනාවරණය වී ඇත.

එම සාක්ෂිවලට අනුව මෙම ප්‍රචණ්ඩ ක්‍රියා හමුවේ ත්‍රිවිධ හමුදාවේ පොලිසියේ සහ බුද්ධි අංශවල හැසිරීමේ බරපතළ අඩුපාඩු තුනක් පරීක්ෂණ මණ්ඩලය නිරීක්ෂණය කර තිබේ.


ඒ අතුරින් පළමුවැන්න වන්නේ බැටන් පොලු භාවිතය, ගුවනට වෙඩි තැබීම සහ දණහිසට පහතින් වෙඩි තැබීම වැනි අවශ්‍යතාවන් ඇති වූ අවසථාවලදී ආරක්ෂක අංශ ඒ සඳහා දක්වා ඇති අකමැත්තයි. දෙවැන්න වන්නේ බුද්ධි අංශ අතර සම්බන්ධීකරණයක් නොමැතිවීමයි. තෙවැනි අඩුපාඩුව වන්නේ ආරක්ෂක අංශ අතර මෙහෙයුම් සම්බන්ධීකරණයක් නොපැවැතීමයි.


ආරක්ෂක අංශ වෙතින් සිදුව ඇති මෙම බරපතළ අඩුපාඩුවලට හේතු කිහිපයක්ද මෙම පරීක්ෂණ මණ්ඩලය පෙන්වා දී තිබේ.

විශේෂයෙන් රතුපස්වල හා රඹුක්කන ආශ්‍රිතව ත්‍රිවිධ හමුදා සහ පොලිසියේ සාමාජිකයන්ට එරෙහිව නඩු පැවරීම් මෙන්ම මෑත කාලීන සිදුවීම්වලදී නීතිඥයන් විසින් ආරක්ෂක අංශ සම්බන්ධයෙන් කටයුතු කර ඇති ආකාරය මත රටේ සිවිල් කලබල පවතින අවස්ථාවලදී නිසි පියවර ගැනීමට ආරක්ෂක අංශ සාමාජිකයන් මැලිවන බව පරීක්ෂණ මණ්ඩලය පෙන්වා දෙයි.

එසේම එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය සහ විදේශීය රාජ්‍යයන් විසින් මෙරට ආරක්ෂක අංශ සාමාජිකයන්ට එරෙහිව ගෙන ඇති ඇතැම් පියවරයන් නිසාද ආරක්ෂක අංශ අදාළ ප්‍රචණ්ඩ ක්‍රියා හමුවේ නිසි ප්‍රතිචාර දැක්වීමට මැලිකමක් දක්වන බව පරීක්ෂණ මණ්ඩලය සඳහන් කරයි.

එසේම බුද්ධි අංශ සම්බන්ධීකරණයක් හෝ ත්‍රිවිධ හමුදාව සහ පොලිසිය අතර බුද්ධි තොරතුරු බෙදා ගැනීමක් හෝ අදාළ සිදුවීම්වලදී හදිසි සැලසුම් ක්‍රියාත්මක කිරීමක් ද සිදුවී නොමැති බවද වාර්තාව අනාවරණය කරයි.


රටේ තවමත් රජයට එරෙහිව නොසන්සුන්තා පැනනගින බැවින් ජනාධිපතිවරයා විසින් මෙම තත්ත්වය පිළිබඳව කඩිනමින් අවධානය යොමු කළ යුතු බව පරීක්ෂණ මණ්ඩලය වැඩිදුරටත් නිර්දේශ කර ඇත.

(aruna.lk- නයන තරංග ගමගේ)

                   ***************

කවුරුත් නොදකින - කවුරුත් නොලියන - කාගේ කාගේත් ඇත්ත -  කාටත් කලින් දකින.... 
The LEADER Whatsapp Group එකට එකතුවෙන්න. 
 

Screenshot 2022 06 23 at 11.50.54 AM

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්