මර්දනයට එරෙහිව එකාබද්ධ ප්‍රකාශනය අත්සන් කිරීම සදහා අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලය විසින් කැදවූ,
දේශපාලන පක්ෂ හා සිවිල් සංවිධාන සහිත හමුවට 43 සේනාංකයද එකතු විය.
''අරගලයේ ක්‍රියාකාරීන්ට විරුද්ධව සිදුකරන රාජ්‍ය මර්ධනය වහා අවසන් කළ යුතුයි. ඒ වෙනුවෙන් දේශපාලන සංවිධාන, වෘත්තීය සමිති, බහුජන සංවිධාන ආදී සියල්ලන්ම එක්ව අත්වැල් බැද මෙම මර්ධනය අවසන් කළ යුතුයි. ඒ වෙනුවෙන් 43 සේනාංකයේ අපගේ පූර්ණ දායකත්වය ලබා දෙනවා.'' යයි 43 සේනාංකයේ සභාපති කරූ පරණවිතාන මෙම අවස්ථාවට එක්වෙමින් පැවසිය.
"අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලය සහ රටේ දේශපාලන ක්‍රියාකාරීන් සමඟ එකතුවෙලා අද මේ මර්දනයට එරෙහිව ඉදිරිපත් කරලා තිබෙන ඒකාබද්ධ ප්‍රකාශයට අපි සංවිධානයක් හැටියට අපේ සහය පල කරනවා. මේ හතරටම අපේ එකඟත්වය ප්‍රකාශ කරා. ඒ වගේම ඒ මත ඉදිරියේදී ගෙන යන්නා වූ ඉදිරි වැඩපිළිවෙලට සංවිධානයක් හැටියට අපේ සහයෝගය අපි ප්‍රකාශ කරනවා. '' යයිද කරූ පරණවිතාන පැවසිය.
https://theleader.lk/news/13305-43-10#sigProIdbf8137c129
රාජ්‍ය මර්ධනය ලෝකයට කියන්නට නුවන් බෝපගේ ජිනීවා යයි !
නීතිඥ නුවන් බෝපගේ
මේ අතර ජන අරගලයේ ප්‍රධානම භූමිකාවක් කළ නීතිඥ නුවන් බෝපගේ ජීනිවාහි 51වැනි මානව හිමිකම් සැසිවාරය ඇමතීම සඳහා අද (10) ජිනීවා නුවර බලා පිටත්ව ගියේ ය.
එක්සත් ජාතින්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 51 වන සැසිය එළඹෙන 12 වෙනිදා සිට ඔක්තෝම්බර් 07 වෙනිදා දක්වා පැවැත්වෙයි
පසුගිය වසර ගණනාවක් තුළ අ.වි.ශි.බ.ම නීතිමය කටයුතු වලට මැදිහත් වූයේ නීතිඥ නුවන් බෝපගේය. එමෙන්ම ඔහු ගෝල්ෆේස් අරගලයේ සක්‍රීය දායකත්වය සහ නීතිමය මැදිහත්වීමක් සිදුකළේය.
අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලය ප්‍රකාශ කළේ මේ වනවිට තමන් වෙත එල්ල වී ඇති රාජ්‍ය මර්දනය පිළිබඳවවත් ජන අරගලය වෙත ආණ්ඩුව එල්ල කරමින් ඇති ප්‍රජාතන්ත්‍ර විරෝධී බලපෑම පිළිබඳවත් ජාත්‍යන්තර ප්‍රජාව දැනුවත් කිරීම නුවන් බෝපගේ ගේ ජිනීවා ගමනේ අරමුණ වී ඇති බවය.
අරගලයේ ක්‍රියාකාරික ෂෙහාන් මාලක ත් ජිනීවා යයි !
මේ අතර අරගල භුමියේ ක්‍රියාකාරී සාමාජිකයකුව සිටි ෂෙහාන් මාලක ගමගේ ද එක්සත් ජාතින්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 51 වන සමුළුවට සහභාගීවීම සඳහා ජිනීවා බලා යාමට නියමිතය.
පාස්කු ඉරුදින ප්‍රහාරයට යුක්තිය ඉල්ලා ඔහු එම සමුළුවට සහභාගී වන ජාත්‍යන්තර නායකයින් සමග සාකච්ජා කිරීමට නියමිතය.
The LEADER Whatsapp Group එකට එකතුවෙන්න.