හිටපු ජනාධිපතිවරයා ඊයේ (10) රාත්‍රී සිය බිරිඳ සමග කොළඹ හුණුපිටිය ගංගාරාම විහාරස්ථානයට ගොස් ආගමික වතාවත් සිදුකර තිබේ.



ගංගාරාම විහාරාධිකාරී ආචාර්ය පූජ්‍ය කිරින්දේ අස්සජී හිමි ප්‍රමුඛ මහා සංඝරත්නය එම අවස්ථාවේදී සෙත් පිරිත් සජ්ජායනා කර හිටපු ජනාධිපතිවරයාට හා බිරිඳට ආශිර්වාද කර තිබිණ.

හිටපු ජනාධිපතිවරයා විහාරස්ථානයට ගොස් ඇත්තේ තමන් එන බවක් කිසිවකුට දැනුම් නොදෙන්නැයි ඉල්ලීමක් කරමිනි.

 

කෙසේවුවද ඊයේ දිනට යෙදී තිබු බිනර පුර පසළොස්වක පොහොය නිමිත්තෙන් ආගමික වැඩසටහන් සඳහා විහාරස්ථානයට පැමිණසිටි බැතිමතුන් විශාල පිරිසක් හිටපු ජනාධිපතිවරයා වටකරගනිමින්, ඔහුට අත්වූ ඉරණම සම්බන්ධයෙන් බලවත් සේ කනස්සල්ල පළකර ඇත.

 

ජනතා විරෝධය හමුවේ මෙරටින් පලාගිය හිටපු ජනපති ගෝඨාභය රාජපක්ෂ සති කිහිපයකට පසු තායිලන්තයේ සිට යළි දිවයිනට පැමිණියේ පසුගිය දෙවෙනිදා (02) රාත්‍රීයේය. එසේ පැමිණි හිටපු ජනාධිපතිවරයා පළමුවරට ප්‍රසිද්ධ ස්ථානයට ගොස් තිබුනේ ඊයේ රාත්‍රීයේ මෙසේ හුණුපිටිය ගංගාරාම විහාරස්ථානයටයි.

කෙසේවුවද මේවනවිට ඔහු පදිංචිව සිටින කොළඹ මලලසේකර මාවතේ නිල නිවාස වෙත දේශපාලනඥයින්, රාජ්‍යතාන්ත්‍රීක නිලධාරීන් හා හිතවතුන් විශාල පිරිසක් දිනපතා පැමිණ තිබු අතර පසුගියදා ජනාධිපති රනිල් වික්‍රමසිංහ ද එම නිවසට පැමිණ බොහෝ වේලාවක් සුහඳ කතාබහක නිරතව සිට ඇත.


කවුරුත් නොදකින - කවුරුත් නොලියන - කාගේ කාගේත් ඇත්ත -  කාටත් කලින් දකින.... 
The LEADER Whatsapp Group එකට එකතුවෙන්න. 
 
Screenshot 2022 06 23 at 11.50.54 AM

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්