ලංකා බැංකු සේවක සංගමයට හා ඊට අනුබද්ධ සංවිධානවල ක්‍රියාකාරීන්ට එරෙහිව

දැඩි මර්ධනයක් දියත්ව ඇතැයි වෘත්තීය සමිති ආරංචි මාර්ග පවසයි.

ලංකා බැංකු සේවක සංගමයට අනුබද්ධ ජාතික ඉතිරිකිරීමේ බැංකු ශාඛා සභාපති බුද්ධි වෙත්තසිංහ සහ සමිති සාමාජික භාතිය ප්‍රණීත්ගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් සඳුදා (19) ප්‍රකාශ ලබා ගෙන තිබිණ.

අනතුරුව තවත් බැංකු වෘත්තීය සමිති ක්‍රියාකාරිකයන් ගණනාවක් ප්‍රකාශ ලබාගැනීමට කැඳවා තිබේ.

ඒ අනුව,
සැප්තැම්බර් 20: මධ්‍යම කාරක සභික ඉන්දික ජානක සහ ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ මොරටුව ශාඛාවේ හේමන්ත ගුණසේකර කැඳවා ඇති අතර

සැප්තැම්බර් 22:  සමිති ක්‍රියාධර කාංචන  බණ්ඩාර කැඳවා ඇත.

ඉදිරි දිනවලදී තවත් 15 දෙනෙකු කැඳවීමට නියමිත බව වාර්තා වේ.

bank 1

bank 2

bank 3

bank 4

 


The LEADER Whatsapp Group එකට එකතුවෙන්න. 
W
logo

Follow Us

Image
Image
Image
Image
Image
Image

Exchange Rates

නවතම පුවත්

ඇඩ්වර්ටයිසිං ලෝකය