ශ්‍රී ලංකාව මුහුණ දී සිටින අර්බුදයෙන් මිදී හැකි ඉක්මනින් ආර්ථික ස්ථාවරත්වයක් ඇති කර ගැනීම

කැනඩාවේ අපේක්ෂාව බව ශ්‍රී ලංකාවේ කැනේඩියානු මහ කොමසාරිස් ඩේවිඩ් මැකිනන් පවසයි.


ආර්ථික ස්ථාවරත්වයක් ඇතිකර ගැනීම සඳහා කැනේඩියානු රජයේ සහය ලබාදෙන බවද ඔහු කියා සිටියි.

ශ්‍රී ලංකාවේ කැනේඩියානු මහ කොමසාරිස්වරයා එබව කියා සිටියේ මහජන ආරක්ෂක අමාත්‍යාංශයේදී අද (26) දිනයේ මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් හමුවූ අවස්ථාවේදීය.
 
ශ්‍රී ලංකාව සහ කැනඩාව අතර ද්විපාර්ශ්වික රාජ්‍ය තාන්ත්‍රික සම්බන්ධතාව සම්බන්ධයෙන් එහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡා කර ඇත.

මෙහිදී ශ්‍රී ලංකාවේ වත්මන් තත්වය පිළිබඳවත්, දේශපාලනික වශයෙන් පවතින මහජන විරෝධතා පිළිබඳවත් අදහස් හුවමාරු කරගෙන තිබේ.

කුමන තත්ත්වයක් යටතේ වුවද මානව හිමිකම් ආරක්ෂා කර ගැනීමේ වැදගත්කම කැනේඩියානු මහ කොමසාරිස් ඩේවිඩ් මැකිනන් මෙහිදී අවධාරණය කර ඇත.

 

  


The LEADER Whatsapp Group එකට එකතුවෙන්න. 

W

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්