'පොහොට්ටු' පක්ෂයේ ජනාධිපති අපේක්ෂක ගෝඨාබය රාජපක්ෂට සහය පළකිරීම සඳහා කුරුණෑගල දිස්ත්‍රීක්කයේ පඬුවස්නුවර ආසනයේ පැවති රැලියට එම ආසනයේ ශ්‍රීලනිප සංවිධායක දයාසිරි ජයසේකර

සහභාගී නොවිය. 

ඒ පොහොට්ටු පක්ෂයේ වේදිකාවට ගොඩවන ශ්‍රීලනිප සංවිධායකයින්ට ඉතාමත් සැලසුම් සහගතව දිගින් දිගටම හු කීම සම්බන්ධයෙන් විරෝධය පළකරමිනි.

කෙසේවුවද  ශ්‍රීලනිප මහ ලේකම් දයාසිරි ජයසේකර විසින් ගෝඨාබය රාජපක්ෂගේ සහභාගිත්වයෙන් නොවැම්බර් 08දා  හෙට්ටිපොල දී ශ්‍රීලනිප රැළියක් පැවැත්වීමට කටයුතු යොදා ඇත.

දිස්ත්‍රීක්කයේ සියලුම ශ්‍රීලනිප ආසන සංවිධායකයින් වෙත ඊට ආරාධනා කර තිබේ.

දයාසිරි මන්ත්‍රීවරයා පදිංචිව සිටින්නේ හෙට්ටිපොලයි.

තමන්ට හු කිවොත් වෙනදේ බලාගන්නැයි දයාසිරි ජයසේකර මන්ත්‍රීවරයා මිට ඉහතදී මාධ්‍ය හමුවකදී පවසා තිබිණ.

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්