කොළඹ නගරය අවට අධිආරක්ෂිත කලාප කිහිපයක් නම් කරමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ

පසුගිය සැප්තැම්බර් 23 වැනිදා නිකුත් කළ අති විශේෂ ගැසට් නිවේදනය අවලංගු කර තිබේ.

ඒ, ජනාධිපතිවරයාගේ අත්සනින් අද (01) නිකුත් කළ අතිවිශේෂ ගැසට් නිවේදනයකිනි.

එහි දැක්වෙන්නේ, රාජ්‍ය රහස් පනත යටතේ පසුගිය 23 වැනිදා අධිආරක්ෂිත කලාප නම් කරමින් නිකුත් කළ අතිවිශේෂ ගැසට් නිවේදනය අවලංගු කරන බවය.

පාර්ලිමේන්තු සංකීර්ණය අවට ප්‍රදේශය, ශ්‍රේෂ්ඨාධිකරණ සංකීර්ණය, මහාධිකරණ සංකීර්ණය, කොළඹ මහේස්ත්‍රාත් අධිකරණ සංකීර්ණය, නීතිපති දෙපාර්තමේන්තුව, ජනාධිපති ලේකම් කාර්යාලය, ජනාධිපති මන්දිරය, නාවික හමුදා මූලස්ථානය, පොලිස් මූලස්ථානය, අකුරේගොඩ ආරක්ෂක අමාත්‍යාංශය  හා යුද හමුදා මූලස්ථානය, කොම්පඤ්ඤ වීදිය ගුවන් හමුදා මූලස්ථානය, මල්පාර අග්‍රාමාත්‍ය ලේකම් කාර්යාලය, කොල්ලුපිටිය අරලියගහ මන්දිරය, ආරක්ෂක ලේකම් හා ත්‍රිවිධ හමුදාපතිවරුන්ගේ නිල නිවාස ප්‍රදේශ අධි ආරක්ෂිත ප්‍රදේශ  ලෙස එම ගැසට් නිවේදනයෙන් නම් කර තිබිණි.

එම අධිආරක්ෂිත කලාප ගැසට් නිවේදනයට එරෙහිව දැවැන්ත මහජන විරෝධයක් ජාතික හා ජාත්‍යන්තර වශයෙන් එල්ලවිය.

අධිආරක්ෂිත කලාප නම්කල ගැසට් නිවේදනය නීති විරෝධී බවත්, ආන්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් තහවුරු කර තිබෙන මූලික අයිතිවාසිකම් යටකරමින් එම ගැසට් නිවේදනය නිකුත් කර ඇති බවත් සඳහන් කරමින් පාර්ශව කිහිපයක්ම එම ගැසට් නිවේදනයට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සම් ඉදිරිපත්කර තිබිණ.


අද දින නිකුත්කර ඇති ගැසට් නිවේදනය :

fgr


 

The LEADER Whatsapp Group එකට එකතුවෙන්න

 

Theleaderx2022

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්