“පුනරුත්ථාපන කාර්යාංශය” නමැති පනත් කෙටුම්පත සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය වෙත ඉදිරිපත් කරන ලද පෙත්සම් හයක පිටපත් තමා වෙත ලැබී

ඇතැයි කතානායක මහින්ද යාපා අබේවර්ධන පාර්ලිමේන්තුවේදී  අද පැවසීය.

මෙම පෙත්සම් ඉදිරිපත්ව ඇත්තේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 121(1) ව්‍යවස්ථාව ප්‍රකාරව බවද කතානායකවරයා කීවේය.


පුනරුත්ථාපන කාර්යංශය පනත් කෙටුම්පත අරගලකරුවන් පුනරුත්ථාපනයටද?


රජය නව නීති ගෙන එමින් අරගලයේ යෙදුණු පිරිස දිගු කාලයක් කඳවුරු තුළ රඳවා තබා ගැනීමට සැරසෙන බවට විපක්ෂය හා සමාජ ක්‍රියාකාරීන් චෝදනා නඟයි.

ඒ මේ වන විට දැඩි ආන්දෝලනයකට ලක්ව තිබෙන අධිකරණ බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය ආචාර්ය විජේදාස රාජපක්ෂ පාර්ලිමේන්තුවට සැප්තැම්බර් 23 වනදා ඉදිරිපත් කළ පුනරුත්ථාපන කාර්යාංශය පනත් කෙටුම්පත හරහායි.

විවිධ කණ්ඩායම් දැනටමත් කෙටුම්පතට එරෙහිව විරෝධතා දක්වා ඇති අතර සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම් මරික්කාර් මෙම කෙටුම්පත අභියෝගයට ලක්කරමින් ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සමක් ද ඉදිරිපත් කර තිබේ.


පුනරුත්ථාපන කාර්යංශය පනත් කෙටුම්පත



පුනරුත්ථාපන කාර්යංශය පනත් කෙටුම්පතට අනුව පුනුරුත්ථාපන කාර්යංශය පිහිටුවීමේ පරමාර්ථය සමාජ -ආර්ථික ප්‍රමිතීන් සකස් කිරීම මාර්ගයෙන් සඵලදායි ප්‍රතිසංකලනය හා ප්‍රතිසංධානය සහතික කිරීම පිණිස, විවිධ ප්‍රතිකාර ක්‍රම යොදා ගැනීමෙන් ඖෂධවලට ඇබ්බැහි වූවන්, පෙර සටන්කරුවන්, ප්‍රචණ්ඩකාරී, අන්තගාමී කණ්ඩායම් වල සාමාජිකයින් සහ ප්‍රතිකාර සහ පුනරුත්ථාපනය අවශ්‍ය වෙනත් තැනැත්තන් කණ්ඩායමක් පුනරුත්ථාපනය කිරීමය.


කාර්යාංශයේ බලතල හා කාර්යයන්ට අනුව මූලික වන්නේ ප්‍රතිකාර හා පුනරුත්ථාපන ඉල්ලා සිටින හෝ ප්‍රතිකාර සහ පුනරුත්ථාපනය ලබා දිය යුතු යැයි නීතියෙන් නියම කර ඇති ඖෂධවලට ඇබ්බැහි වූ තැනැත්තන් සදහා ප්‍රතිකාර සහ පුනරුත්ථාපනය ලබා දීමය.

image cf9a254c56

පෙර සටන්කරුවන්, ප්‍රචණ්ඩකාරී අන්තගාමී කණ්ඩායම්වල කණ්ඩායම් වල සාමාජිකයින් සහ ප්‍රතිකාර සහ පුනරුත්ථාපනය ඉල්ලා සිටින හෝ ප්‍රතිකාර සහ පුනරුත්ථාපනය ලබා දිය යුතු යැයි, නීතියෙන් නියම කර ඇති වෙනත් යම් තැනැත්තන් කණ්ඩායමක් පුනරුත්ථාපනය කිරීම මෙන්ම සමාජ ආර්ථික ආන්තිකකරණය අවදානම අවම කරමින් ප්‍රතිකාර සහ පුනරුත්ථාපනය ලබා ගන්නා සහ පුනරුත්ථාපනය ලබා ගන්නා තැනැත්තන්ගේ රැකියා සොයා ගැනීමේ හැකියාව වැඩි දියුණු කිරීම එහි කාර්යයන් අතර වෙයි.

ඒ සඳහා ත්‍රිවිධ හමුදාව යොදා ගැනීමට පනත් කෙටුම්පතෙන් යෝජනා කර ඇත.

කෙසේවෙතත් මෙහිදි නැගෙන ප්‍රධාන චෝදනාව වන්නේ ජනතා අරගලයේ ක්‍රියාකාරීන්, පුනරුත්ථාපනය මුවාවෙන් දීර්ඝ කාලයක් කඳවුරු තුළ රඳවා ගැනීමට අවස්ථාව හිමිවන බවටයි.

මේ හේතුවෙන් මෙම පනත් කෙටුම්පත මේවන විට දැඩි සංවාදයකට ලක්ව තිබේ.


ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක්


පුනරුත්ථාපන පනත් කෙටුම්පත අභියෝගයට ලක්කරමින් සැප්තැම්බර් 30 වැනිදා ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කළ සමගි ජනබලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම් මරික්කාර් සඳහන් කළේ, මේ මඟින් හමුදා කඳවුරු දමමින් ජනතාව බිය වද්දා පාලනය කිරීමට උත්සාහ කරන බවයි.

එමඟින් පුරවැසි නිදහස සම්පූර්ණයෙන්ම අහිමිවන බවට ඔහු චෝදනා කළේය.

"මේ වගේම තමා දෙවන ලෝක යුද්දේ කාලයේදී අමෙරිකානුවන් ජපාන අයව මේ විදිහටම තමා කඳවුරුවල දාලා හිරකරලා තියාගෙන හිටියේ. අනික් පැත්තෙන් ජර්මනියේ හිට්ලර් ලක්ෂ ගාණක්, මිලියන ගාණක් යුදෙව්වන්ව කඳවුරුවලා දාලා මැරුවේ. මේ අර අදින්නේ එවැනි හමුදා කඳවුරු දමමින් ජනතාව බියවද්දලා පාලනය කරන්න." එස්.එම් මරික්කාර් චෝදනා කළේය.

ඔහු පෙන්වා දුන්නේ "දැන් මේකේ ඓතිහාසික කාරණාව ජපානයට යන්න කළින් තමා මේ ගැසට් එක ගහන්නේ, අධි ආරක්ෂිත කලාප ගැසට් එක ගහන්නේ. ජපන් ජනතාව මුහුණ දුන් සංවේදීම අත්දැකීම, එවැනි මානසිකත්වයකින් ඉන්න අය ගාවට තමා ණය ප්‍රතිව්‍යූගත කරන්න යන්නේ මෙවැනි ගැසට්ටුවක් ගහලා."

කෙටුම්පත පිළිබඳ ජනතා විමුක්ති පෙරමුණ ද සිය දැඩි විරෝධය පළ කළේය.

ජනතා විමුක්ති පෙරමුණු හිටපු පළාත් සභා මන්ත්‍රී වසන්ත සමරසිංහ පෙන්වා දුන්නේ "මේවන කොට රනිල් රාජපක්ෂලා හදනවා අරගලකරුවන් පුනරුත්ථාපනය කරන්න. පුනරුත්ථාපනය කරන්න ඕනේ උන් කැබිනට් එකේ තියාගෙන, පාර්ලිමේන්තුවේ තියාගෙන දැන් අරගලකරුවෝ පුනරුත්ථාපනය කරන්න."

ඔහු කියා සිටියේ "පුනරුත්ථාපනය කරන්න ඕනේ ඕගොල්ලෝ. ඕගොල්ලෝ හොරකමට ඇබ්බැහිවෙලා ඉන්නේ. දුෂණයට ඇබ්බැහිවෙලා ඉන්නේ. මර්දනයට ඇබ්බැහිවෙලා ඉන්නේ. මේ සමාජයයේ පුනරුත්ථාපනය කරන්න ඕනේ ඔයගොල්ලෝ. අද ගෝඨාභය ගිය එක වැරදිද?, එහෙනම් රනිල් අයින් වෙලා ගෝඨාභය ආපහු ජනාධිපති වෙන්න එපෑයේ, අරගලය වැරදි නම්. ඔය කැබිනට් එක යවන්න ඕනේ මොලය පරීක්ෂා කරලා පුනරුත්ථාපනය කරන්න. මුං හොරකමට, දූෂණයට, වංචාවට, ඇබ්බැහි වෙච්ච උන්."


රැල්ලට එක්වු තරුණයින් සමාජගත කිරීමේ වැඩපිළිවෙලක්


අරගලය මෙහෙය වූ පිරිස අත්අඩංගුවට ගෙන රැල්ලට ඊට එක්වු තරුණයින් සමාජගත කිරීමේ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මාධ්‍ය අමතමින් ප්‍රකාශ කළේය.

ඔහු කියා සිටියේ "අරගලයට සම්බන්ධ අහිසංක දරුවෝ ඉන්නවා ඒ දරුවන්ව රිමාන්ඩ් කරලා පොලිස් වාර්තා දීලා රැකියාවක් ගන්න බැරි තැනට කටයුතු කිරීම වැරදියි."

නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා පෙන්වා දුන්නේ "අපි කියන්නේ මේක මෙහෙයවපු අයට දඬුවම් දිය යුතුයි. හැබැයි රැල්ලට ආපු ලමයි නම් අත්අඩංගුවට අරන් නිකරුණේ බන්ධනාගාර ගත කිරීමෙන් ප්‍රතිඵලයක් නැහැ. මේක මෙහෙයවපු අය එළියේ බලන් ඉන්නවා." යනුවෙනි.

"රැල්ලට ගියපු, රැවටිලා ගියපු, එහෙම නැත්නම් නොමඟ ගියපු දරුවෝ ඉන්නවා නම් එගොල්ලෝට යම් කිසි වැඩ පිළිවෙලක් හරහා සමාජ ගත කරන්න." ඔහු වැඩිදුරටත් පැවසීය.

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීනී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් කියා සිටියේ "එගොඩ කරන්න දරුවෙක් ඉන්නවානේ රනිල් රාජපක්ෂට. ඒ දරුවා මීට මාස කිහිපයකට කලින් කිව්වා මේ අරගලකරුවන් පුනරුත්ථාපනය කරන්න ඕනේ කියලා. රනිල් රාජපක්ෂ නාමල් දරුවට ඕන දේවල් දැන් ක්‍රියාත්මක කරනවා. මේ කරන්න හදන්නේ මේ ගොල්ලන්ව එක්තරා කඳවුරකට ගාල් කරන්න එදනවා. එක කඳවුරකට. පුනරුත්ථාපනය කරනවා කියලා තරුණ කණ්ඩායම් ටික නිහඬ කිරීමේ රනිල් රාජපක්ෂගේ මෙහෙයුමයි මේ ආරම්භ වන්නේ." ඇය චෝදනා කළාය.

"විහිළුම සහගත වැඩේ නම්, මේ යෝජනාව ගේන්න මූලික වෙච්ච ජනාධිපති දැන් ජපානයේ ගිහිල්ලා ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කරනවා කියලා ජපාන නායකයින්ට පොරොන්දු වෙනවා. ජපානයේ මිනිසුන්ට මීට අවුරුදු ගාණකට කලින් මේ මේ දැන් රනිල් රාජපක්ෂ කරපු වැඩේම අමෙරිකාව විසින් මීට පෙර කළා."


අරගල ක්‍රියාකාරීන් මොකද කියන්නේ ?


පුනරුත්ථාපන කාර්යංශ පනත් කෙටුම්පත සම්බන්ධයනේ අරගල ක්‍රියාකාරීහූද විරෝධය පළ කළහ.

පුජ්‍ය කොස්වත්තේ මහානාම හිමි කියා සිටියේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් ලබාදී ඇති ජනතාවගේ අයිතීන් මෙවැනි අණ පනත් හරහා උල්ලංඝණය කිරීමට ආණ්ඩුව කටයුතු කරමින් සිටින බවයි.

මේ මර්දන යාන්ත්‍රණ කිසි ලෙසකවත් මේ අරගලකරුවන් මර්දනය සඳහා යොදා ගන්න බැරි බව උන් වහන්සේ කියා සිටියහ.

"අපි ඒ කිසිම මර්දනයකට යටත් වන්නේ නැහැ. අරගලය ක්‍රියාත්මක කරන්නේ පොදු ජනතාවගේ නිදහස වෙනුවෙන්." උන් වහන්සේ පැවසූහ.
 
ජීවන්ත පීරිස් පියතුමා ගැන සීරුවෙන් !
 
ජීවන්ත පීරිස් පියතුමා
 
 
ජීවන්ත පීරිස් පියතුමා සඳහන් කළේ "තවදුරත් උත්සහ කරන්නේ ජනතාවගේ පීඩනය යටපත් කරමින් ජනතාව වෙනුවෙන් කතා කරපු පෙනී ඉන්න අපගේම සාමකාමී අරගලකරුවන්ව යටපත් කරන්න. එහෙම කරන්න හම්බ වෙන්නේ නැහැ."

පියතුමන් පෙන්වා දුන්නේ, "ජනතාව බලාපොරොත්තු වුණේ වෙනසක්. නිදහසක්. ඒ නිදහස වෙනුවෙන් ශ්‍රී ලාංකික පුරවැසි ජනතාවට අපි ආරාධනා කරනවා එක පෙළට හිටගමු."

අරගලයේ ක්‍රියාකාරීකයෙකු වන විදර්ශන කන්නන්ගර පෙන්වා දුන්නේ "පුනරුත්ථාපනය කරන්න ඕනේ රාජපක්ෂලා ගේ කණ්ඩායම්. මේ පාලකයෝ උත්සහ කරනවා ජනතාව අරගලකරුවන්ව පුනරුත්ථාපනය කරන්න."

ඔහු අවධාරණය කළේ "මේක මේ රටේ බරපතල විහිළුවක්. මේ මර්දනයට දැන්වත් තිත තියපන්. මේ විකාර සහගත අණ පනත් එල්ල කරන මේ මර්දනය නවත්තපන්."යනුවෙනි.


(උපුටා ගැනීම් - BBC සිංහල සේවය)



සබැඳි පුවත් :
'තරුණයින් පුනරුත්ථාපනය කරන්න යනවා'! - මරික්කාර් අධිකරණයට යයි


 


The LEADER Whatsapp Group එකට එකතුවෙන්න

 

Theleaderx2022


 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්