leader s

අමාත්‍යංශ කිහිපයක විෂය පථ සංශෝධනය කරමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.

ඊයේ (ඔක්. 5) සිට ක්‍රියාත්මක වන පරිදි අදාළ විෂය පථ සංශෝධනය කර ඇත.

ඒ අනුව, පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව, ආගමන හා විගමන දෙපාර්තමේන්තුව, අන්තරායකර ඖෂධ පාලක මණ්ඩලය මහජන ආරක්ෂක අමාත්‍යංශය යටතට පවරා තිබේ.

මීට පෙර පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව තාක්ෂණ අමාත්‍යංශය යටතේ පැවති අතර ආගමන හා විගමන දෙපාර්තමේන්තුව ආයෝජන ප්‍රවර්ධන අමාත්‍යංශය යටතේ පැවතිණි.

අන්තරායකර ඖෂධ පාලක මණ්ඩලය පැවතියේ ආරක්ෂක අමාත්‍යංශය යටතේ ය.

අදාළ ආයතනවල කාර්යය භාරයන් ද ඒ අනුව මහජන ආරක්ෂක අමාත්‍යංශය යටතට පත් කර තිබේ.

ඊට අමතරව තාක්ෂණ අමාත්‍යංශය යටතේ පැවති කාර්මික තාක්ෂණ ආයතනය ඊයේ දිනයේ සිට ක්‍රියාත්මක වන පරිදි කර්මාන්ත අමාත්‍යංශය යටතට පවරා ඇත.

අදාළ ගැසට් පත්‍රය පහතින් දැක්වේ.

Gazat 2022.10.06

 

*web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්