1200 x 80 DMirror

පැවැති අපොස උසස් පෙළ සහ සාමාන්‍ය පෙළ විභාගවල, විභාග රාජකාරි කටයුතු වෙනුවෙන් වු මුදල්

මේ දක්වා ගුරුවරුන්ට සහ විදුහල්පතිවරුන්ට  නොගෙවීම නිසා ඉදිරි විභාග කටයුතු අවිනිශ්චිත තත්වයකට පත්වීමේ ඉඩකඩක්  නිර්මාණය වී තිබේ.

දිවයිනේ ප්‍රමුඛතම ගුරු සංගමයක් අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් වෙත ලිඛිතව දැනුම් දී ඇත්තේ අදාළ විභාග පවත්වා ප්‍රතිළුල නිකුත් කර තිබියදීත් විශේෂයෙන්ම පිළිතුරුපත් ඇගයීමේ හා ප්‍රායෝගික පරීක්ෂණ කටයුතුවල නිරත ගුරුවරුන්ට අදාළ ගෙවීම් සිදු නොකිරීම බරපතල ගැටලුවක් බවයි.

මේ වන විට නැවතත් උසස් පෙළ විභාගයේ රාජකාරි කටයුතු සදහා අයදුම්පත් කැදවා ඇති අතර, 2022.10.21 දින දක්වා එම අයදුම්පත්කැදවීම සිදු වේ.



ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසප් ස්ටාලින් පවසන්නේ, විභාග රාජකාරි කටයුතු වෙනුවෙන් ගුරුවරුන් වෙත ලැබිය යුතු මුදල රුපියල් මිලියන 10 ට අධික බවයි.



"දැන ගන්නට ලැබී ඇති ආකාරයට උසස් පෙළ විභාගයේ රාජකාරි කටයුතු වෙනුවෙන් රුපියල් මිලියන 10 කට ආසන්න මුදලක් සහ සාමාන්‍ය පෙළ විභාගයේ රාජකාරි කටයුතු වෙනුවෙන් රුපියල් ලක්ෂ 50 කට ආසන්න මුදලක් ගෙවීමට ඇතත් ඒ සදහා අවශ්‍ය මුදල් මහා භාණ්ඩාගාරයේයෙන් මෙතෙක් ලබා දී නැත."

රටේ පවතින තත්වය අනුව බරපතල ආර්ථික දුෂ්කරතාවන්ට මුහුණ දෙමින් සිටින ගුරු විදුහල්පතිවරුන්  විභාග රාජකාරි කටයුතුවල යෙදුනේ ඉන්ධන අර්බුදයෙන් ද පීඩා විදිමින් තම වියදමින් බව සිහිපත් කර ගුරු සංගම් නායක ජෝසප් ස්ටාලින් පෙන්වා දෙන්නේ, පැවැති උසස් පෙළ විභාගයේ ප්‍රතිළුල නිකුත් කර නැවත උසස් පෙළ විභාගයේ රාජකාරි සදහා අයදුම්පත් කැදවා ඇති අතර එම අයදුම්පත් කැදවීම ඔක්තෝබර් 21 දිනෙන් අවසන් වන බවයි.

"මෙම තත්වය තුළ උසස් පෙළ විභාගයේ රාජකාරි සදහා ඉල්ලුම් කිරීමට අවකාශ සැලසෙන ඔක්තෝබර් 21 දිනට පෙර මෙම මුදල් ගෙවීමට කටයුතු කරන ලෙස ඉල්ලා සිටිමු. එසේ නොවන්නේ නම් ඉදිරි විභාග කටයුතු අවිනිශ්චිත තත්වයකට පත්වීම වැලැක්විය නොහැකි වනු ඇත." ජ්‍යෙෂ්ඨ ගුරු සංගම් නායක ජෝසප් ස්ටාලින් අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් වෙත යොමු කළ ලිපියේ වැඩි දුරටත් සදහන්ය.

 

 


The LEADER Whatsapp Group එකට එකතුවෙන්න

 

Theleaderx2022

WhatsApp Image 2022 12 10 at 10.33.30 AM

WhatsApp Image 2022 12 10 at 10.33.30 AM

නවතම පුවත්

ඇඩ්වර්ටයිසිං ලෝකය