leader s

දිනෙන් දින උග්‍ර වෙමින් පවතින ආර්ථික අර්බුදයෙන් අන්ත පීඩිතව සිටින වතු කම්කරුවන්ගේ දීපවාලි උත්සව අත්තිකාරම් මුදල වැඩි කිරීමට හාම්පුතුන් එකඟ වූ බව වතුකරේ වෘත්තීය සමිතියක් ප්‍රකාශ කර තිබේ.

''මෙවර දීපවාලි උත්සවයට කලින් කම්කරුවන්ට රුපියල් 15,000 ක් අත්තිකාරම් වශයෙන් ලබා දෙන්න හාම්පුතුන්ගේ සංගමය තීරණය කරලා තියෙනවා,'' යැයි ලංකා කම්කරු කොංග්‍රසයේ නියෝජ්‍ය නායක භාරත් අරුල්සාමි පවසයි.

කඳුරට මාධ්‍යවේදීන්ව ඉකුත් දිනෙක හමුවූ ලංකා කම්කරු කොංග්‍රස් නියෝජ්‍ය නායකයා කියා සිටියේ  තම කොංග්‍රසයේ නායකයන්ගේ නිර්දේශය මත දීපවාලි උත්සව අත්තිකාරම් මුදල වැඩි කිරීම ගැන වතු හාම්පුතුන් සමග සාකච්ජා කළ බවයි.

22 633cd3a3db614                                                         ලංකා කම්කරු කොංග්‍රසයේ නියෝජ්‍ය නායක භාරත් අරුල්සාමි


''මේ කාලය තුළ ආර්ථික අර්බුදය නිසා භාණ්ඩ මිල ඉහළ යෑම සලකා බලා ගිය අවුරුද්දේ දුන්නු දිපවාලි අත්තිකාරම් මුදලට වඩා වැඩි මුදලක් ලබාදෙන්න කියා ඉල්ලුවා. හාම්පුතුන්ගේ සංගමය මෙය පිළිගෙන වතු කම්කරුවන්ට දිවාලි අත්තිකාරම් වශයෙන් රුපියල් 15,000ක් ලබාදීමට තීරණය කළා. දැන් ඒ තීරණය වතු සමාගම් වලට යවා තියෙනවා.''

''දරුවන්ගේ අධ්‍යාපනයට වියදම් කිරීමටවත්, මාසයකට ප්‍රමාණවත් ආදායමක් නැති දවසකට එක වේලක් විතරක් කන වතු කම්කරු පවුල්ද ඉන්නවා.ඒත් දීපවාලිය විශාල උත්සවයක් නොවුණත් ඔවුන්ගේ පුංචි සතුට වෙනුවෙන් පවත්වනවා.''

වතුකරයේ බොහෝ සමාගම් දීපවාලි අත්ත්කාරම් මුදල15,000 ක් ලබා දීමට එකඟ වී ඇති බව පවසන CWC නියෝජ්‍ය නායක අරුල්සාමි අනතුරු අඟවන්නේ සමාගම් කිහිපයක් හෝ මෙය ලබා දීමට අපොහොසත් වුවහොත් ඉදිරියේදී ඔවුන්ට බරපතල ප්‍රතිවිපාකයන්ට මුහුණ දීමට සිදුවන බවයි.


මෙම සතියේ පාර්ලිමේන්තු සභාව ආරම්භයේදීම විපක්‍ෂ නායක සජිත් ප්‍රේමදාස ආණ්ඩුවෙන් ඉල්ලා සිටියේ මෙතෙක් රුපියල් පන්දහසක් වූ වතු කම්කරුවන්ගේ දීපාවලි උත්සව අත්තිකාරම රුපියල් 15,000 දක්වා ඉහල දමන ලෙසයි.


 පවතින ආර්ථික බිඳ වැටීම් මත රුපියල් 5,000 ක් වතු කම්කරුවන්ට කිසිසේත් ප්‍රමාණවත් නොවන බැවින්, තේ මණ්ඩලය හරහා හෝ මෙම අත්තිකාරම් මුදල් ලබා දීමට ආණ්ඩුව මැදිහත් විය යුතු බව ද විපක්‍ෂ නායකයා අවධාරණය කළේය.

The LEADER Whatsapp Group එකට එකතුවෙන්න

 

Theleaderx2022

 

*web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්