ආණ්ඩුව ගෙනඑන අලුත් බදු පනතෙන් මැද පන්තිය හාන්සියි යැයි සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා පැවසිය.



ඔහු මේබව කියා සිටියේ, විපක්‍ෂනායක කාර්යාලයේ ඊයේ (12 දා) පැවැති ‘ආර්ථිකයේ නිවැරදි දිශාව’ නමැති මාධ්‍ය හමුවේදී ය.

එහිදී වැඩිදුරටත් මන්ත්‍රීවරයා මෙසේද කීය.

''ඊයේ රෑ ගැසට් එකක් ගහලා රනිල් වික්‍රමසිංහ ජනපතිවරයා තමයි මුදල් ඇමැති විදිහට මේ බදු පනත ඉදිරිපත් කරන්නේ. හැබැයි රාජපක්‍ෂලාගේ කණ්ඩායමේම අදහස් තමයි ඔහු ගෙනත් තියෙන්නේ.

''රනිල් වික්‍රසිංහ ගෙනාපු මේ බදු ප්‍රතිපත්තියට උදව් කරන්නේ රාජපක්‍ෂලායි. සැප්තැම්බර් මාසේ 30 වැනිදා තෙක් පරණ බදු. ඔක්තෝබර් 01 වැනිදා ඉඳලා අලුත් බද්දක්. නැවත ඔක්තෝබර් 12 තව ගැසට් එකක් ගැහුවා. මේකෙන් මැද පන්තිය හාන්සියි. මොකද ඊළඟ මාස හයට දෙලක්‍ෂ පනස්දාහෙන් ඉදිරියට පනස්දහස බැගින් වැඩි වන විට අලුත් බදු ප්‍රතිශතය එය සියයට 6 ඉඳන් 6, 12, 18, 24, 30, 36 දක්වා වැඩිවෙනවා.

මේක සාකච්ඡා කරලා නෑ කොහෙවත්. මේවා තමයි හැංගුවේ. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලත් එක්ක අත්සන් කළ ගිවිසුම් අඩුම ගානේ මුදල් කාරක සභාවටවත් ගෙනත් නෑ. අනිවාර්යයෙන් ගේන්න ඕන, පාර්ලිමේන්තුවේ විවාදයට ගන්න කලින්. මුදල් කාරක සභාවේදී අපි බලාගමු කොහොමද මේක සාකච්ඡා වෙන්නෙ කියලා. මන්ත්‍රීවරු කතාකරන්න ඕන, ඊට පස්සේ මේකට නිලධාරීන් ඇවිත් විශ්ලේෂණය කරන්න ඕන යැයි ද කියා සිටියේය.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන කබීර් හෂීම් හා ඉරාන් වික්‍රමරත්න යන මහත්වරු ද එහිදී අදහස් දැක්වූහ.



ආදායම් බදු නිදහස් සීමාව ලක්ෂ 12 ට අඩු වේ


# ලක්ෂ 12 ට පසු වැඩි වන  සෑම ලක්ෂ පහකටම සියයට 6 බැගින් වැඩි වේ
# සමාගම් බද්ද 30% කට වැඩි වේ
# අපනයන සමාගම්වල බද්ද 14% සිට 30% දක්වා ඉහළට
# සමාගම් ප්‍රාග්ධන ලාභ බද්ද 30% ක් දක්වා ඉහළට
# ලාභාංශ සඳහා රඳවා ගැනීමේ බදු


බදු සංශෝධන රැසක් සිදු කරන 2017 අංක 24 දරණ දේශීය ආදායම් සංශෝධන පනත් කෙටුම්පත පෙරේදා (11) ගැසට් කර තිබේ. මුදල් ආර්ථික ස්ථායීකරණ සහ ජාතික, ප්‍රතිපත්ති අමාත්‍යවරයාගේ නියමය පරිදි එම පනත් කෙටුම්පත ගැසට් කර ඇත.

මේ අනුව පුද්ගල ආදායම් බදු නිදහස් සීමාව ලක්ෂ 30 සිට නැවත ලක්ෂ 12 දක්වා අඩු කිරීමට යෝජනා කර ඇත.

ඒ අනුව වාර්ෂිකව රු. ලක්ෂ 12 ට වඩා උපයන පුද්ගලයන් එසේ ලක්ෂ 12ට වඩා උපයන සෑම ලක්ෂ පහකට වරක් සියයට 6 බැගින් බදු ගෙවිය යුතු වේ.

ඒ අනුව,

#  ලක්ෂ 12 න් පසු පළමු ලක්ෂ 5 ට සියයට 6 ක් ද,
# දෙවන ලක්ෂ 5 ට සියයට 12 ක් ද,
# තෙවන ලක්ෂ 5 ට සියයට 18 ක් ද,
# සිව්වන ලක්ෂ 5 ට සියයට 24 ක් සහ
# පස්වන ලක්ෂ 5 ට සියයට 30 ක් ද වශයෙන් බදු ප්‍රතිශතය වැඩි වේ.



බදු අය කළ හැකි සීමාවෙන් පසු ලක්ෂ 30 ඉක්මවීමේදී සියයට 36 ක බදු ප්‍රතිශතයක් අය කෙරේ.


එසේම සමාගම් මත අයකරන බද්ද සියලු සමාගම් සඳහා සියයට 30 දක්වා වැඩි කර ඇති අතර මීට පෙර මෙය නිෂ්පාදන සමාගම් සඳහා සියයට 18 ක් ද, අපනයන සමාගම් සඳහා සියයට 14 ක් සහ සුළු හා මධ්‍ය පරිමාණ සමාගම් සඳහා සියයට 14 ක් ද වශයෙන් තිබිණි.


මේ අනුව සමාගම් සඳහා සහ සුළු හා මධ්‍ය පරිමාණ සමාගම්වලට ද ගෙවිය යුතු බදු ප්‍රතිශතය සියයට 14 සිට සියයට 30 දක්වා වැඩි වී ඇත. මේ අනුව එම සමාගම්වලට මේ බදු වැඩි කිරීමෙන් සැලකිය යුතු බලපෑමක් වනු ඇතැයි අපේක්ෂා කෙරේ.


ප්‍රාග්ධන ලාභ බද්ද සමාගම් සඳහා සියයට 10 සිට සියයට 30 දක්වා වැඩි කර ඇති අතර උපයන ගෙවීමේ බද්ද නැවත හඳුන්වාදී විධිමත් කිරීමට පියවර ගෙන ඇත.


ලාභාංශ සඳහා මත රඳවා ගැනීමේ බද්ද සියයට 15 ක් ලෙස ද නියම කර ඇත. මේ ප්‍රධාන බදු සංශෝධන ඇතුළු බදු වෙනස්කම් ගණනාවක් මේ නව දේශීය ආදායම් සංශෝධන පනතට ඇතුළත් කර ඇත.




The LEADER Whatsapp Group එකට එකතුවෙන්න

 

Theleaderx2022

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්