නීත්‍යානුකූල මාර්ග ඔස්සේ මෙරටට මුදල් එවන විගමනික ශ්‍රමිකයින්ට විද්‍යුත් වාහන ආනයනය සඳහා අවසර ලබාදීමේදී යෝජනාවට කැබිනට් අනුමැතිය ලැබී ඇත.

මෙම යෝජනාව ක්‍රියාත්මක වන්නේ නීත්‍යානුකූල මාර්ග ඔස්සේ මෙරටට මුදල් එවීම දිරිගැන්වීමක් ලෙසය.

ඒ අනුව සුදුසුකම් ලබන විගමනික ශ්‍රමිකයින්ට අමෙරිකානු ඩොලර් 25,000 ක උපරිමයකට යටත්ව රෝද දෙකකින් යුත් විද්‍යුත් වාහනයක්ද, අමෙරිකානු ඩොලර් 65000 ක උපරිමයකට යටත්ව රෝද හතරකින් යුත් පූර්ණ විද්‍යුත් වාහනයක් වාහනයක්ද ආනයනය කිරීම සඳහා අවශ්‍ය පහසුකම් සලසා ඇතැයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කළේය.

කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර පසුගිය අගෝස්තු මස 8 වැනිදා කැබිනට් මණ්ඩලය වෙත මේ සඳහා යෝජනා ඉදිරිපත් කර තිබුණි.

විගමනික ශ්‍රමිකයින් එතෙරදී උපයනු ලබන විදේශ විනිමය ශ්‍රී ලංකාවට ප්‍රේෂණය කිරීම තවදුරටත් දිරිගැන්වීම අරමුණු කරගනිමින් තවදුරටත් සහන ලබාදීමට කැබිනට් මණ්ලය අනුමැතිය තිබේ.


වාහන තීරු බදු සහනය


# 2023/04/30 දින දක්වා හෝ වාහනයක් ආනනය කිරීම සඳහා අයදුම් පත්‍රයක් ඉදිරිපත් කරනු ලබන දින දක්වා ප්‍රේෂණය කරනු ලබන විදේශ විනිමය වටිනාකමින් 50% ක් දක්වා වන CIF වටිනාකමින් යුත් රෝද දෙකක් සහිත විද්‍යුත් වාහනයක් ආනයනය කිරීම සඳහා අවසර ලබාදී තිබේ.

# 2022/05/1 වැනිදා සිට 2023/12/31 වැනිදා දක්වා මෙරටට ප්‍රේෂණය කරනු ලබන විදේශ විනිමය වටිනාකමින් 50% ක් දක්වා වන CIF වටිනාකමින් යුත් රෝද හතරක් සහිත විද්‍යුත් වාහනයක් ආනයනය කිරීම සඳහා අවසර හිමිවනු ඇත.

ශ්‍රී ලාංකික ශ්‍රමිකයින් වැඩි පිරිසක් සේවය කරනු ලබන්නේ මැද පෙරදිග රටවලය. ඒ අනුව කෙසේ වෙතත් මෙම සහනය ලබා ගැනීම සඳහා වසරකට මෙරට එවිය යුතු මුදල් ප්‍රමාණය අති විශාල බව විදෙස්ගත ශ්‍රමිකයෝ පෙන්වා දෙති.


යෝජනාව ඉදිරිපත් කළ අවස්ථාවේ අමාත්‍යවරයා කිව්වේ කුමක්ද ?


අමාත්‍ය මනූෂ නානායක්කාර පැවසුවේ "විදෙස්ගත ශ්‍රමිකයන් මේ වෙලාවේ එවන මුදල් නිසා තමයි අපිට විශාල වශයෙන් යම් යම් මිලදී ගැනීම් කරන්න ඩොලර් ලබා ගන්න හැකි වෙලා තියෙන්නේ. පහුගිය කාලයේ එවූ මුදල් ප්‍රමාණයේ යම් කිසි අඩුවක් තිබුණත් ජූලි මාසේ වෙද්දී යම් වැඩිවීමක් තියෙනවා. මේ මුදල් නිසා තමයි අපිට තෙල් ටික, ගෑස් ටික, බෙහෙත් ටික ගන්න පුළුවන් වුණේ. ඒ නිසා තමයි අපි මුලින් ම ඉල්ලීමක් කළේ රටේ තියන ප්‍රශ්නය විසදාගන්න ඔබට පුළුවන් සහයෝගයක් දෙන්න කියලා."

අමාත්‍යවරයා පෙන්වා දුන්නේ, "සමහරු උන්ඩියල්, හවාලා වැනි ක්‍රම හරහා සල්ලි එවද්දී රටට ආදරේ මිනිස්සු ටික තමන්ගේ ඩොලර්, යෙන්, ඩිනාර් ටික බැංකු හරහාම එව්වා. ඒ ඩොලර් සංචිත වලින් මේ රටේ මිනිස්සුන්ගේ මූලික අවශ්‍යතා ටික සම්පූර්ණ කරන්න පුළුවන් වුණා. ඒ නිසා කැබිනට් මණ්ඩලයේ පූර්ණ එකඟතාවය මත අපේ අමාත්‍යංශය, මුදල් අමාත්‍යංශය සහ මහ බැංකුව එකතු වෙලා එවන ප්‍රේෂණ වැඩි කරන්න කැබිනට් මණ්ඩලයට යෝජනාවක් කළා."

Screenshot 2022 10 26 at 10.40.50 PM

නව බදු සහන යෝජනා මොනවාද?


ගුවන් තොටුපලේ දී හිමි වන තීරුබදු සහනය සැලකිය යුතු ප්‍රමාණයකින් ඉහළ දැමීම.

දැනට දින 90කට අඩු කාලයක් විදෙස් ගතව සිටි පුද්ගලයෙකු මෙරටට පැමිණීමේ දී හිමිවන තීරුබදු සහනය ඩොලර් 187.50කි.

අවුරුද්දක කාලයක් විදෙස්ගතව සිටි අයෙකුට නම් ඩොලර් 625ක තීරු බදු සහනයක් හිමිවනු ඇත.

අවුරුද්දකට වැඩි නම් ඩොලර් 1750ක සහනයක් හිමිවනු ඇත.

අමාත්‍ය මනූෂ නානායක්කාර පැවසුවේ,මෙරටට ඩොලර් එව්වද නැද්ද යන්න මත පදනම් නොවී මේ සහනය හිමිවන බවයි.

"මේ තීරු බදු සහනය ඒ විදියට ම තියෙන ගමන් දින 90කට අඩු කාලයක දී ඩොලර් 2400ක් වත් අඩුම තරමේ රටට එවලා තියෙනවා නම් සිල්වර් කැටකරි යටතේ ඩොලර් 787ක් විදියට තීරුබදු සහනය ඩොලර් 600කින් වැඩි කරනවා. අවුරුද්දක් නම් නම් 1225 සහ ඊට වැඩි නම් ඩොලර් 2350ක් විදියට තීරු බදු සහනය හිමි වෙනවා." යනුවෙන් අමාත්‍යවරයා සඳහන් කළේය.

ඒ අනුව ඩොලර් 4800ක් මෙරටට එවා ඇත්නම් නම් ඩොලර් 1175, 1585 සහ 2710 ක් ලෙස බදු සහනය ඉහළ දැමෙනු ඇත

ඩොලර් 7200ක් එවා තිබේ නම් ඩොලර් 1627, 2065, 3190 ලෙස තීරුබදු සහනය ඉහළ නැංවීමට නියමිතය.

ඩොලර් 12,000ක් ක් එවා තිබේ නම් ගෝල්ඩ් ප්ලස් කාණ්ඩය යටතේ ඩොලර් 2587, 3025 සහ 4150ක තීරුබදු සහනයක් හිමි වනු ඇත.

අවුරුද්දට ඩොලර් 24000ක් එවා ඇත්නම් නම් එය 20%කින් වැඩි කර ඩොලර් 4800කින් තීරු බදු සහනය ඉහළ දැමීමට යෝජනා කර තිබේ.

ඒ අනුව තීරු බදු සහනය අවම වශයෙන් ඩොලර් 4985, 5425 සහ 6550ක් ලෙස ඉහළ දැමෙනු ඇත.

මීට පෙර ලබා දුන් උපරිම තීරුබදු සහනය ඩොලර් 1750කි.


වාහන ගෙන්වීමේ දී බලපත්‍රයක්


මෙහි දෙවන යෝජනාව ලෙස විදෙස් මුදල් බැංකුවක් හරහා මෙරටට මුදල් එවන ඕනෑම ශ්‍රී ලාංකිකයෙකුට වාහන ගෙන්වීමේදී බලපත්‍රයක් හිමිවනු ඇත.

"රටේ තියෙන තත්ත්වයත් එක්ක දැනට මොනම විදියකටවත් ලංකාවට වාහන ගෙන්වන්න දෙන්නේ නෑ. දෙවැනි යෝජනාව විදියට විදෙස්ගත ශ්‍රමිකයන් වෙනුවෙන්ම වාහනයක් ගෙන්වීම් බලපත්‍රයක් හදුන්වා දෙන්නේ ඒ නිසයි." අමාත්‍යවරයා පැවසීය.

"මෙතනදී ඩොලර් 3000ට වඩා තමන්ගේ හෝ ඥාතියකුගේ හෝ ගිණුමකට බැංකුවක් හරහා එවලා තියෙනවා නම් ඒ අයට ඒ එවපු මුදලේ අඩක වටිනාකමට විද්‍යුත් යතුරු පැදියක් මිලට ගන්න පුළුවන්. ඩොලර් 3000 තමයි අඩුම වටිනාකම. ත්‍රිරෝද රථ සදහා මේ අවසරය නෑ." ඔහු අනාවරණය කළේය.

ඒ අනුව ඩොලර් 20,000 සිට 65,000ක උපරිමය දක්වා විද්‍යුත් වාහන ගෙන්වීමට අවසර හිමිවනු ඇත.

ගෙන්වනු ලබන වාහන කිලෝ මීටර් 300-500 අතර ධාවන පරාසසයක විය යුතුයි.

අදාළ වාහන සූර්ය බල පද්ධතිය මඟින් ආරෝපනය කළ යුතු අතර එය තමන් විසින් ම සකස් කර ගැනීමට හෝ ගෙන්වා ගැනීමට කටයුතු කළ යුතු වෙයි.

ජාතික පද්ධතියෙන් මෙම වාහන ආරෝපණය කිරීමට අවසර නොමැත.

මෙමඟින් රටට ඩොලර් ගෙන්වා ගැනීම වර්ධනය කර ගැනීම සහ විදේශයන්ට ඩොලර් ඇදී යාම අවම කිරීමත්, ප්‍රධාන ධාරාවට බලපෑමක් නොවීමත්, පරිසරය සුරැකිමත් යන ප්‍රධාන අරමුණු ඉටුකර ගැනීමටත් අපේක්ෂා කරන බව අමාත්‍යවරයා පැවසීය.


සහන පැකේජය එතරම් ප්‍රයෝගික නැහැ


එහෙත් විදේශගත ශ්‍රමිකයින්ගේ ඥාතින් පවසන්නේ මෙම සහන පැකේජය එතරම් ප්‍රයෝගික නොවන බවයි.

ඔවුන් පවසන්නේ මෙම සහනය ලබාගැනීමට විශාල මුදලක් ශ්‍රී ලංකාවට එවිය යුතු බවත් ශ්‍රී ලංකාවට විදේශ විනිමය එවන බොහෝ පිරිසක් වාසය කරන්නේ මැද පෙරදිග බැවින් එසේ ශ්‍රී ලංකාවට මුදල් එවන බොහෝමයක් සුළු රැකියා වල නිරතවී සිටින අය බැවින් එසේ බලාපොරොත්තු වන මුදලක් ඔවුන්ට එවිය නොහැකි බවයි.

ඔවුන් තවදුරටත් පවසන්නේ එවැනි අයගේ අවශ්‍යතාවය "වාහනයක් ගන්න එක නෙමෙයි" යනුවෙනි.

"අපි නම් හිතන්නේ මෙහෙමයි. අපිට නම් ඇත්තටම vehicle එකක් ගන්න requirement එකක් නැහැ. (Idea එක) solar panel එකක් අරගෙන ඉවරවෙලා vehicle එකක් ගන්න පුළුවන් කියන එකනේ. අනිත් එක margins ටිකක් high margins නේ ඔක්කොම දීලා තියෙන්නේ. ඒ කියන්නේ ඇත්තටම European countries වල ඉන්න අයට වගේ තමයි ඒ ප්‍රමාණයට සල්ලි රටට එවන්න පුළුවන්. USD වලින් විතරනේ ඒක measure කරලා තිබ්බේ," කටාර් හී සේවයේ නියුතු පුද්ගලයකුගේ දියණියක වන අමානි ජිනදාස බීබීසී සිංහල සමඟ පැවසීය.

"ඒකත් එක්ක බැලුවාම ඊටත් වැඩිය solar panel ගන්න වගේ scheme වලට ඕක දුන්නොත් රජයටත් benifit එකක් තියෙනවා. electricity consumption එකත් අඩු වෙනවා. concession rate එකකට ඒ වගේ දේවල් ගන්න වගේ දෙන්න පුළුවන් නම් vehicle එක දෙන ගමන් ඒකත් එක්ක solar panel එක ගන්නත් මොකක් හරි scheme එකක් organise කරනවා නම් ඇත්තට ඒක නම් හොඳයි."

මේ අතර විශේෂඥයින් පවසන්නේ ශ්‍රී ලංකාවට විධිමත් මුල්‍ය පද්ධතිය හරහා මුදල් එවීමට දිරිමත් කිරිම හොඳ බවයි.

ශ්‍රී ලංකාවේ පවතින දේශපාලන අස්ථාවරභාවය ශ්‍රී ලංකාවේ ආර්ථිකයට බලපාන්නේ කොහොමද?

(BBC සිංහල සේවය)

 

The LEADER Whatsapp Group එකට එකතුවෙන්න

 new logo

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්