theleaderlk 01

මුලතිව් ගුරුකන්ද රජමහා විහාරස්ථානයේ නායක හිමියන්ගේ ආදාහනය සිදුකිරීමෙන් අධිකරණ නියෝගයකට පටහැනිව කටයුතු කොට අධිකරණයට

අපහාස කලේයැයි පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්‍ට එරෙහිව පවරා තිබූ නඩුව අද දින අභියාචනාධිකරණය විසින් නිෂ්ප්‍රභ කරනු ලැබිය.


2019 සැප්තැම්බර් 20 වන දින මුලතිව් මහේස්ත්‍රාත්වරයාගේ නියෝගයකට පටහැනිව යමින් ගුරුකන්ද රජමහාවිහාරාධිපති නාහිමියන්ගේ දේහය විහාර පරිශ්‍රය තුල ආදාහනය කලේයැයි චෝදනා කරමින් එකී නඩු කටයුත්ත පවරා තිබුනේ, දෙමළ ජාතික සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන්ති ශ්‍රී ස්කන්ධරාජා විසින් වන අතර පාර්ලිමේන්තු මන්ත්‍රී ජනාධිපති නීතීඥ එම්.ඒ. සුමන්දිරන් පෙත්සම්කාරිය වෙනුවෙන් පෙනී සිටියේය.


මුල් අවස්ථාවේදී මුලතිව් ප්‍රදේශය භාර උසස් පොලිස් නිලධාරීන් ද වගඋත්තරකරුවන් කරනු ලැබුවද පසුව නඩුකටයුත්ත ඥානසාර හිමියන්ට එරෙහිව පමණක් පවත්වාගෙන යනු ලැබීය.


වගඋත්තරකාර ස්වාමීන්වහන්සේ වෙනුවෙන් ජනාධිපති නීතීඥ මෛත්‍රී ගුණරත්න සමග අශාන් නානායක්කාර, ඉරේෂ් සෙනෙවිරත්න, සංජය මාරඹේ යන නීතීඥවරුන් නීතීඥ නිලූකා දිසානායකගේ උපදෙස් මත පෙනී සිටියේය.

 

නවතම පුවත්