leader s

මාතර, තිහගොඩ මිදෙල්ලවල ප්‍රදේශයේදී 15 හැවිරිදි දරුවෙකුගේ හිසට වෙඩි ප්‍රහාරයක් එල්ල කිරීමේ සිද්ධියට සම්බන්ධ වැඩතහනම් කර ඇති උප පොලිස් පරීක්ෂකවරයා (SI )පිළිබඳ අභ්‍යන්තර

පොලිස් පරීක්ෂණයක්ද ආරම්භ කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නීතීඥ නිහාල් තල්දූව පවසයි.

සහකාර පොලිස් අධිකාරිවරයකු මුලිකත්වයෙන් පොලිස් කණ්ඩායමක් මෙම විමර්ශන සිදුකරන බවද හෙතෙම කියා සිටියේය.

මෙම උප පොලිස් පරීක්ෂකවරයාට අපරාධ චෝදනාවත් තිබේද, නැතහොත් අතපසුවීමක් සිදුව තිබේද යන්න හෙළි කර ගැනීම සදහා මෙම විමර්ශනය ආරම්භ කර ඇති බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කියා සිටියේය.


මව්පියන්ට පොලිසියෙන් දැනුම් දීමක්


මෙතෙක් කළ විමර්ශනයේ මෙම ත්‍රිරෝද රථයේ ගමන්ගෙන ඇත්තේ වයස අවුරුදු 15-14 අතර ළමුන් හය දෙනකු බවත්, දරුවන්ට රියදුරු බලපත්‍රයක් නොමැති නිසා ඔවුන් පොලිසිය දැක පලායාමට උත්සහ ගෙන ඇති බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කීය.

දරුවන්ට මේ ආකාරයේ ත්‍රිරෝද රථ ධවනයට කිරීම හා ඒ සදහා ඉඩ ලබා දීම සම්බන්ධයෙන් මාපියන් ද මීට වඩා අවදානය යොමු කළ යුතු බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කීය.



අදාළ සිදුවීමෙන් හිසට බරපතළ තුවාල සිදුවූ දරුවා මේ වන විටත් කරාපිටිය ශික්ෂණ රෝහලේ දැඩිසත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබයි.

පසුගිය 28 වනදා පස්වරුවේ මාතර, තිහගොඩ, මිදෙල්ලවල ප්‍රදේශයේදී පොලිස් නිලධාරින් ත්‍රීරෝද රථයක් පරීක්ෂා කිරීමක් අතරතුර තිහගොඩ පොලිසියේ අපරාධ අංශයේ ස්ථානාධිපතිවරයාගේ ගිනි අවියෙන් නිකුත් වූ වෙඩි පහරකින් 15 හැවිරිදි දරුවෙකුගේ හිසට බරපතළ තුවාල සිදුවුණි.

පසුව තිහගොඩ පොලිසියේ අපරාධ අංශයේ ස්ථානාධිපතිවරයාව සිටි අදාළ උප පොලිස් පරීක්ෂකවරයා පොලිස් අත්අඩංගුවට පත්වූ අතර 29 දා ඔහුව මාතර මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු නොවැම්බර් 04 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කළේය.


The LEADER Whatsapp Group එකට එකතුවෙන්න

 new logo

 

*web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්