පාර්ලිමේන්තුවේ විශේෂ බහුතරයකින් පසුගිය දා (21) සම්මත වූ විසි දෙවැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පතට කතානායක මහින්ද

යාපා අබේවර්ධන අද (ඔක්තෝබර් 31වැනිදා) සිය සහතිකය සටහන් කළේ ය.


ඒ අනුව අද සිට 21 වැනි ව්‍යවස්ථා සංශෝධනය අද සිට බලාත්මක වෙයි.


පනත් කෙටුම්පතට සහතිකය තබන අවස්ථාවට පාර්ලිමේන්තු මහලේකම් ධම්මික දසනායක ද පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහලේකම්, කාර්ය මණ්ඩල ප්‍රධානී  නීතිඥ කුෂානී රෝහණධීර සහභාගීවූහ.


විසි දෙවැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත 2022 අගෝස්තු 10 වන දින අමාත්‍ය ආචාර්ය විජේදාස රාජපක්ෂ විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලදී.


අනතුරුව ඊට එරෙහිව පෙත්සම්වලට අදාළ ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව අනුව අධිකරණ කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේ දී සංශෝධන කර අනුමැතිය ලබාගැනීම ගැනින.

andu

පසුගිය ඔක්තෝබර් 20 සහ 21 යන දෙදින විසි දෙවැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත දෙවැනිවර කියැවීමේ විවාදය පැවැත්විණි.


දෙවනවර කියැවීම අවසානයේ පැවති ඡන්ද විමසීමේ දී ඊට පක්ෂව ඡන්ද 179ක් ලැබුණු අතර විපක්ෂව එක් ඡන්දයක් ලැබුණි. ඉන් අනතුරුව කාරක සභා අවස්ථාවේ දී සංශෝධන එක්වීමෙන් අනතුරුව පනත් කෙටුම්පත තෙවනවර කියවීම සඳහා පැවති ඡන්ද විමසීමේ දී ඊට පක්ෂව ඡන්ද 174ක් ද විපක්ෂව එක් ඡන්දයක් ද හිමිවිය.


ඒ අනුව විසි දෙවැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් 21 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ලෙස අද (31) සිට බලාත්මක වේ.


22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට එක්වන්නේ 21 වැනි සංශෝධනය ලෙසය.


22 වැනි සංශෝධනය දෙවැනි වර කියවීම සම්මත වූයේ වැඩි ඡන්ද 178කිනි. එහිදී 22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට පක්ෂව ඡන්ද 179 ලැබුණු අතර විපක්ෂව ලැබුණේ එක් ඡන්දයක් පමණි. රියර් අද්මිරාල් සරත් වීරසේකර සංශෝධනයට විපක්ෂව ඡන්දය භාවිත කරනු ලැබීය. මන්ත්‍රීවරුන් 44 දෙනෙකු ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා සභාවට පැමිණ සිටියේ නැත.


විවාදයේදී ආණ්ඩු පක්ෂයේ සහ විපක්ෂයේ මන්ත්‍රීවරු 50කට අධික පිරිසක් අදහස් දැක්වූහ. 22 වැනි ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳ පාර්ලිමේන්තු විවාදයේ දෙවැනි දිනය අවසානයේ ඡන්ද විමසීම පැවත්වනු ලැබිණ.


ආණ්ඩුව නියෝජනය කරන මැති ඇමතිවරුන් පිරිසක් විදෙස්ගතව ඇතැයි වාර්තා වී තිබූ පසුබිමක ඡන්ද විමසීම පැවැත්වීම පිළිබඳ අවිනිශ්චිත බවක් පැවතිණි.


කාරක සභා අවස්ථාවේදි 22 වැනි සංශෝධනය 21 වැනි සංශෝධනය ලෙස හැඳින්වීමට යෝජනා කෙරුණු අතර ඊට සභාව එකඟවිය.


ඉන් අනතුරුව කාරක සභා අවස්ථාවේ සංශෝධන වලින් පසු එය 3 වැනි වර කියවීමේ ඡන්ද විමසීම පැවැත්වුණු අතර ඒ අනුව 21 වැනි ව්‍යවස්ථා සංශෝධනය, සංශෝධන සහිතව පාර්ලිමේන්තුවේදී සම්මත විය.


එහිදී ඊට පක්ෂව ඡන්ද 174ක් ලැබිණි.


මේ අතර පොහොට්ටුව තුළ බෙදීමක් ඇතැයි මෙම ඡන්ද විමසීමෙන් පෙනී යන බව ජාතික ජනබලවේගය නායක අනුර කුමාර දිසානයක ඡන්ද විමසීමෙන් අනතුරුව පැවසීය.

 


The LEADER Whatsapp Group එකට එකතුවෙන්න

 

 new logo

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්