theleaderlk 01

රටේ සිදු කළ යුතු ආර්ථික ප්‍රතිසංස්කරණ වෙනුවෙන් පටු දේශපාලන වාසි නොතකා සියල්ලන් එක්විය යුතු බව අවධාරණය කරන ගොඩයමු සාමූහිකයේ

පළමු මාධ්‍ය හමුව අද නිදහස් චතුරශ්‍රයේ සේනානායක පිළිමය ඉදිරිපිට පැවැත්වුනා.


මෙම මාධ්‍ය හමුවට ආරම්භයේදී පොලිසියෙන් බාධා එල්ල වීම නිසා පෙර සූදානම් කරගත් තැනින් මාධ්‍ය සාකච්ඡාව ඉවත් කිරීමටත් සිදුවුනා.



PHOTO 2022 11 09 15 31 51 1

මහාචාර්ය රොහාන් සමරජීව, අජිත් පැරකුම්, සමාධිනී කිරිවන්දෙණිය, රන්දුලා ද සිල්වා, ආචාර්ය සුජාතා ගමගේ මෙන්ම පැතුම් කර්නර්, රසික ජයකොඩි වැනි තරුණ දේශපාලන නායකයන්ද, අරගලයේ බ්ලැක් කැප් සංවිධානය නියෝජනය කරන විමුක්ති දුශාන්ත, හේමප්‍රිය කවිරත්න ආදීන් මෙන්ම මුස්ලිම් සහ දෙමළ ප්‍රජාව නියෝජනය කරන ක්‍රියාකාරී නායකයන්ද මේ හමුවට එක්ව සිටියා.


ජාතිකවාදී වාමාංශික ගතානුගතිකවාදයෙන් මිදී නව ප්‍රතිසංස්කරණ දෙස සුබදායීව බැලීමේ අවශ්‍යතාව මෙහිදී අවධාරණය කෙරුනා.


ගොඩයමු සාමූහිකයේ දීප ව්‍යාප්ත රැස්වීම් මාලාව මෙතැන් පටන් ආරම්භ වීමට නියමිතයි.

{gallery}22119godayamu11{/gallery}

 


The LEADER Whatsapp Group එකට එකතුවෙන්න

 

new logo