නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා කෙටුම්පතක් සකස් කිරිම වෙනුවෙන් 2020 සහ 2021 වසර දෙකේදි රුපියල් කෝටි තුනකට අධික මුදලක් වැය කර ඇතැයි විගණන වාර්තාවකින් අනාවරණය වී ඇතිබව 'ලංකාදීප' වාර්තා කරයි.

මාස හයෙන් අවසන් කල යුතුව තිබු එහි කාර්ය භාරය මාස පහළොවකින් වත් අවසන් කර නැති බවද එම පුවත් වාර්තාවේ සඳහන් වේ.

නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා කෙටුම්පතක් සකස් කිරීම සඳහා 2020 ඔක්තෝබරයේදි පළමු කමිටුව රැස්ව ඇති අතර කමිටු වාර 38ක් සඳහා හා බාහිර පාර්ශ්වයන් සමග පැවති සාකච්චා නවයක් වෙනුවෙන් රුපියල් කෝටි දෙකකට අධික මුදලක් වැය කර ඇතැයි එම විගණන වාර්තාවේ සඳහන් වේ.

මෙම වියදම් තුළ කිසිදු ප්‍රයෝජනයකට නොගත් කාර්යාල කාමර තුනක් සඳහා කුලිය ගෙවීමටත් කාර්යාල උපකරණ සඳහාත් රුපියල් ලක්ෂ 12.5ක් වැය කර ඇති අතර එම කාර්යාල පසුව ආපසු භාරදී ඇති බවද එම වාර්තාවේ සඳහන් වේ.

ව්‍යවස්ථා කෙටුම්පත් කමිටුවේ විශේෂඥයන් සඳහා කමිටු සහභාගීත්වය රුපියල් ලක්ෂ 31ක්ද, කමිටු රැස්වීම්වලට පැමිණමට ගමන් වියදම් ලෙස එක් ලක්ෂ විසිදහසක්ද, කමිටු ලේකම්ගේ මාසික දිමනා ලෙස අදාල කාලය සඳහා ලක්ෂ 12ක්ද සම්බන්ධීකරණ මාසික දීමනාව වෙනුවෙන් ලක්ෂ 6 ක්ද, පර්යෙය්ෂණ සහකාර දීමනා ලෙස ලක්ස 25.6 ක්ද, වශයෙන් කෝටියකට අධික මුදලක් එනම් රුපියල් 1,01,80,000ක් 2021 දෙසැම්බර් 31 වන විට ගෙවා ඇති බවද එම ගෙවීම් කර තිබෙන්නේ භාණ්ඩාගාර අනුමැතියකින් තොරව බවද එම වාර්තාවේ සඳහන් වේ.


moj 22 7 4 2
නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා කෙටුම්පතක් සකස්කිරීම සඳහා ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වාගේ සභාපතිත්වයෙන් යුතු විශේෂඥ කමිටුවක් හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් පත්කරනු ලැබිය.

නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සකස් කිරීම වෙනුවෙන් පත් කළ කමිටුවේ සභාපති ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා විසින් සම්පාදනය කරන ලද නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා කෙටුම්පත අධිකරණ බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය ජනාධිපති නිතිඥ ආචාර්ය විජයදාස රාජපක්ෂ වෙත පිළි ගැන්වීම පසුගිය ජුලි 04 දා සිදුව ඇතැයි අධිකරණ අමාත්‍යාංශය සඳහන් කරයි.

The LEADER Whatsapp Group එකට එකතුවෙන්න

 

new logo

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්