ආර්ථිකයේ දිගු කාලීන ස්ථාවරත්වයක් ඇති කරගැනීම සදහා කොතරම් අපහසුතා මතු වුවද අයැවයෙන් ඉදිරිපත් කර ඇති ආර්ථික ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කළ යුතු බව මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ

පවසයි.

''ජනවාරි මාසයෙන් පස්සේ අපේ සංචිත තිබ්බෙ අඩුවෙන සහ තවත් ඉදිරියට නොලැබෙන තත්වයක. ඒ අනුව අපට ණය ගෙවන්න තවදුරටත් හැකියාවන් නොමැතිව තියෙද්දි මහ බැංකුවෙන් 203 ට රුපියලේ අගය පවත්වාගෙන ගියා. සංචිත තියෙන ටිකත් ණය ගෙවන්න සහ ඉන්ධන වලට වියදම් කරලා.''

" එහෙමත් බැරි වුණාම තමයි මාර්තු මාසයේ රුපියල පා කර හැරියේ. කිසිදු පාලනයකින් තොරව. එතනදි තමයි රුපියල් රු.203 ඉඳලා එකපාරටම 365 ,380 ට ගියේ.''

'' දිගටම මුදල් අච්චු ගැසීම නිසා උද්ධමනය වැඩි වෙනවා. එතකොට අපිට කරන්න තිබුණු ඊළඟ එක තමයි මුදල් ප්‍රතිපත්තිය දැඩි කරන එක. ඒ අනුව තමයි අපි අප්‍රේල් මාසයේ ප්‍රතිපත්ති පොලී අනුපාතය වැඩි වශයෙන් ඉහළ නංවා මුදල් ප්‍රසාරණය අඩු කිරීමේ ක්‍රියාවලියක් ක්‍රියාත්මක කළේ. ඒ සමගම මුදල් අච්චු ගැසීම අඩු කරල ආදායම් වැඩි කර ගැනීමට අවශ්‍ය විවිධ පියවර ගත්තා.''

ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපතිවරයා මෙසේ පැවසුවේ, 2023 අයවැය විමසා බැලීම යන තේමාව ඔස්සේ ශ්‍රී ලංකා මහ බැංකුවේ ඊයේ (15) පැවති සම්මන්ත්‍රණයකට එක්වෙමිනි.  


ආර්ථිකය හොඳ තත්වයකට ඇවිත් !


ඔහු තවදුරටත් මෙසේද පැවසීය.

කෙසේවුවද, ඉතාම අනතුරුදායක තත්වයක තිබූ මෙරට ආර්ථිකය මහ බැංකුව හඳුන්වාදුන් මූල්‍ය ප්‍රතිපත්ති හේතුවෙන් මේ වනවිට යම්කිසි ස්ථාවර තත්වයක පවතින බව ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ පැවසීය.

රට තුළ රුපියල බාල්දුවීමට සහ උද්ධමනය ඉහළයෑමට ප්‍රධාන වශයෙන් හේතු කිහිපයක් බලපෑ බවද ඔහු සඳහන් කළේය.

රට නැවත මෙවැනි ආර්ථික අර්බුදයකට ගමන් නොකිරීමට අවශ්‍ය මූලික ව්‍යුහාත්මක ප්‍රතිසංස්කරණ 2023 අයවැය තුළ අන්තර්ගත බවද ඔහු කීවේය.


The LEADER Whatsapp Group එකට එකතුවෙන්න

 

new logo

 

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්