ත්‍රස්තවාදය වැළක්වීමේ පනත යටතේ මාස 03ක කාලයක් රඳවාගෙන සිටි අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ

කැඳවුම්කරු වසන්ත මුදලිගේ සහ අන්තර් විශ්ව විද්‍යාල භික්ෂු බල මණ්ඩලයේ කැඳවුම්කරු පුජ්‍ය ගල්වැව සිරිධම්ම හිමි අද (නොවැම්බර් 17 වැනිදා) රක්ෂිත බන්ධනාගාර ගත කෙරිණ.

ඒ කොළඹ අතිරේක මහේස්ත්‍රාත්වරයා අද පස්වරුවේ කළ නියෝගයකට අනුවය.

ආරක්ෂක අමාත්‍යවරයා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ අනුමැතිය මත ලබා ගත් රැඳවුම් නියෝගයකට අනුව වසන්ත මුදලිගේ සහ පුජ්‍ය ගල්වැව සිරිධම්ම හිමි දින 90කට ආසන්න කාලයක් රඳවා තබා ගැණින.

පසුගිය අගොස්තු 18 වැනිදා අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය කොළඹ පැවැත්වූ විරෝධතාවක් අතරතුර වසන්ත මුදලිගේ ඇතුළු 19 දෙනෙකු පොලිස් අත්අඩංගුවට පත්වූ අතර වසන්ත මුදලිගේ ඇතුළු තිදෙනෙකු හැර 15 දෙනෙකු අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව ඇප මත මුදා හැරිණි.

xdert


අන්තර් විශ්විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ සමඟ අත්අඩංගුවට ගෙන දින 90ක රැඳවුම් භාරයේ සිටි ශිෂ්‍ය ක්‍රියාකාරික හෂාන් ජීවන්ත ගුණතිලක පමණක් (ඔක්තෝබර් 7) වැනිදා තංගල්ල රැඳවුම් මධ්‍යස්ථානයෙන් මුදා හැරියේය.

හංවැල්ල කොඩිකන්ද ආරණ්‍ය සේනාසනයේ වැඩ වෙසෙන පූජ්‍ය ගල්වැව සිරිධම්ම හිමි, නාරාහේන්පිට ප්‍රදේශයේදී බොරැල්ල පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබුණේ අගෝස්තු 22 වැනිදාය.

ඒ, 2022.06.09 වන දින පොලිස් මූලස්ථානය ඉදිරිපිට නීති නීති විරෝධී රැස්වීමක සාමාජිකයෙකු වීමේ චෝදනා මතයි.

අනතුරුව උන්වහන්සේ එදිනම කොටුව පොලිස් ස්ථානයේ භාරකාරත්වයට පත් කෙරිණ.

ජනාධිපතිවරයාගෙන් ලබා ගත් රැඳවුම් නියෝගයක් අනුව දින 90ක කාලයක් රඳවා තබා ගෙන සිටි වසන්ත මුදලිගේ සහ පුජ්‍ය ගල්වැව සිරිධම්ම හිමි,  ත්‍රස්ත මර්දන කොට්ඨාසය විසින් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව අධිකරණය මොවුන් දෙදෙනා මෙලෙස රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කළේය.

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත ප්‍රකාරව අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව මාස තුනකට ආසන්න කාලයක් මොවුන් තංගල්ල පැරණි බන්ධනාගාරයේ රඳවා තබා ගෙන විමර්ශනය කෙරිණ.

නීතිපතිවරයාගෙන් උපදෙස් ලබා ගන්නා තෙක් මොවුන් දෙදෙනා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසට ත්‍රස්ත විමර්ශන ඒකකය අධිකරණය හමුවේ කරුණු දැක්වීමක් කළ අතර අනතුරුව වසන්ත මුදලිගේ සහ පුජ්‍ය ගල්වැව සිරිධම්ම හිමි රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට අධිකරණය නියෝග කළේය.



ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ ස්ථාවරය


ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම අද (නොවැම්බර් 17 වැනිදා) නිවේදනය කළේ වසන්ත මුදලිගේ සහ ගල්වැව සිරිධම්ම හිමි ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ රඳවා ගැනීමේ නියෝගය තවදුරටත් දීර්ඝ කිරීම සාධාරණ නොවන බව තම කොමිසම ඔක්තෝම්බර් 26 වෙනිදා වෙනිදා ජනාධිපතිවරයා වෙත ලිපියක් යොමු කරමින් දැන්වූ බවයි.

00010002

ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම විසින් ජනාධිපතිවරයා වෙත යවන ලද ලිපිය 


ඒ අනුව මෙම රැඳවියන්ගේ රැඳවුම් කාලය අවසන් වීමට නියමිත දින රඳවා ගැනීමෙන් නියෝගය දික් නොවනු ඇතැයි තවදුරටත් අපේක්ෂා කරන බව ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසන් සභාව අද නිවේදනය කළේය.

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ එම රඳවා ගැනීම් දීර්ඝ කරන්නේ නම් එය අසාධාරණ සහ ව්‍යවස්ථානුකූල නොවන අතර රඳවා ගැනීම් දීර්ඝ කිරීම ජාත්‍යන්තර වශයෙන් රටට අයහපත් ප්‍රතිඵල ගෙනදිය හැකි බව ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව අවධාරණය කළේය.


0003ශ්‍රී ලංකා මනාව හිමිකම් කොමිසම විසින් නිකුත් කළ මාධ්‍ය නිවේදනය


ත්‍රස්ත චෝදනා ඉවත් කරන්න..!

දින 90ක් රඳවා තබා ගෙන සිටින වසන්ත මුදලිගේ සහ ගල්වැව සිරිධම්ම හිමිට එරෙහි ත්‍රස්තවාදී චෝදනා අත්හරින ලෙස ජාත්‍යන්තර ක්ෂමා සංවිධානය නිවේදනය කොට තිබේ.

ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල් හි දකුණු ආසියානු කලාපීය පර්යේෂක ත්‍යාගි රුවන්පතිරණ කියා සිටියේ, "ශ්‍රී ලංකාවේ ශිෂ්‍ය නායකයින්ට අඛණ්ඩව එල්ල කෙරෙන හිංසා පීඩා සිවිල් සමාජයට සහ විරෝධතා දැක්වීමේ අයිතියට දැඩි බලපෑමක් ඇති කරයි. වසන්ත මුදලිගේ සහ ගල්වැව සිරිධම්ම හිමියන්ට එල්ල වී ඇති පදනම් විරහිත ත්‍රස්තවාදී චෝදනා වහා ඉවත් කළ යුතු අතර රැඳවුම් නියෝග දීර්ඝ කිරීම නැවැත්විය යුතුය." යනුවෙනි.

dgsfg

(උපුටා ගැනීම් - BBC සිංහල සේවය)

 

 

The LEADER Whatsapp Group එකට එකතුවෙන්න

new logo

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්