leader s

මූල්‍ය වංචා සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර සිටින තිලිණි ප්‍රියමාලිගේ පෙම්වතා වන ඉසුරු බණ්ඩාර සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය තුළ සංසරණය වෙන හඬපටය පිළිබඳ
බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශකවරයා පැහැදිලි කිරීමක් සිදුකර තිබේ.

මහා පරිමාණ මූල්‍ය වංචා චෝදනා එල්ලවී සිටින තිළිණි ප්‍රියමාලිගේ සිද්ධියේ මූල්‍ය වංචා සඳහා අනුබල ලබාදීමේ චෝදනා සම්බන්ධයෙන් අදාළ සැකකරුව දැනට රක්ෂිත බන්ධනාගාරගත කර ඇත.

අති‍රේක බන්ධනාගාර කොමසාරිස් ජනරාල් (මාධ්‍ය ප්‍රකාශක) චන්දන ඒකනායක පවසන්නේ, කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය මගින් 2022.10.19 වන දින සැකකරුව රක්ෂිත බන්ධනාගාරගත කළ අතර මේ වනවිට ඔහු නව මැගසින් බන්ධනාගාරයේ රඳවා ඇති බවය.

මෙම සැකකරු සහ පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර අතර සිදුවූ බව පැවසෙන දුරකථන හඩපටයක් මේ දිනවල සමාජ මාධ්‍ය තුළ සංසරණය වෙමින් පවති.



මෙම සැකකරු රඳවා සිටින විශේෂ සිරමැදිරිය බන්ධනාගාර නිලධාරීන් යොදවා සෝදිසි කර ඇති අතර, එහිදී ජංගම දුරකථනයක් හෝ වෙනත් නීතිවිරෝධි කිසිවක් හමුවී නොමැති බවත් සැකකරු රක්ෂණ භාරයට පත් කිරීමෙන් පසු කිසිදු අවස්ථාවක සැකකරු බැලීමට පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර නව මැගසින් බන්ධනාගාරයට පැමිණ නොමැති බවත් බන්ධනාගාර අධිකාරි වාර්තා කර ඇති බවද චන්දන ඒකනායක පැවසීය.



අදාළ සිදුවීම සම්බන්ධ‍යෙන් සැකකරුගෙන් ද ප්‍රකාශයක් ලබාගෙන ඇත.

එම ප්‍රකාශය මගින් සැකකරු චෝදනා ප්‍රතික්ෂේප කර ඇති බව බන්ධනාගාර අධිකාරි විසින් වාර්තා කර ඇතැයි ද චන්දන ඒකනායක සඳහන් කරයි.

කෙසේවෙතත් මෙම සිදුවීම සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණයක් සිදු කරමින් පවතින බව අති‍රේක බන්ධනාගාර කොමසාරිස් ජනරාල් (මාධ්‍ය ප්‍රකාශක) චන්දන ඒකනායක සඳහන් කළේය.

සමාජ මාධ්‍යයේ සංසරණය වන හඬපට කිහිපයක් පහත පළවේ.  
 

 

 
 
 

 

*web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්