ප්‍රජාතන්ත්‍රවාදී රටක් ලෙස මළවුන් සැමරීමේ අයිතිය ඔවුන්ගේ ඥාතින්ට හිමි බව පවසන ජනාධිපතිවරයා ඔහු යටතේ පවතින හමුදා හා පොලිසිය යොදවා

මහවිරු සැමරුම් වලට බාධා එල්ල කර තිබේ.


එසේ වෙතත්, ආණ්ඩුවෙන් ඩෝසර් කළ උතුරු නැගෙනහිර මහවිරු සුසාන භූමි සියල්ලකම පාහේ මෙන්ම යාපනය විශ්ව විද්‍යාලයටද මහත් ජන පිරිස් එක්වී යුද බිමේ මියගිය තම නෑසියන් වෙනුවෙන් පහන් දල්වා, මල් පුදා පින්පෙත් පමුණුවා තිබේ.

 

උතුරු නැගෙනහිර පලාත්වල මහවිරු සැමරුම් ගැන ජනාධිපති රනිල් වික්‍රමසිංහගෙන් මාධ්‍ය කළ විමසීමකදී ඔහු කියා සිටියේ මිය ගිය තම ඥාතින් සිහිපත් කිරීමේ අයිතිය කිසිවකුට උදුරා ගත නොහැකි බවත් සාමකාමිව අනුස්මරණ කිරීමේ සම්පුර්ණ නිදහස හා අයිතිය ඇති බවයි. එහෙත් අතුරුදහන් කළවුන්ගේ ඥාතින් සහ මහවිරුවන්ගේ මාපියන් ඊයේ [27]වව්නියාව නගර සභා ශාලාවේ පැවැත්වූ මහවිරු සමරුවට කඩා වැදුණු පොලිසිය ප්‍රදර්ශනයට තබා තිබු මහවිරුවන්ගේ සේයාරූ බලහත්කාරයෙන් රැගෙන ගොස් තිබේ.

 

කොටි සාමාජිකයන් අනුස්මරණය කරන බවට එහි කඩා වැදුණු පොලිස් භටයන් පැවසීමත් සමග අතුරුදහන් කළවුන්ගේ ඥාතින් හා මහවිරුවන්ගේ දෙමාපියන් ඊට දැඩි විරෝධය දක්වමින් බැන වැදුණු බවට ප්‍රදේශයේ වාර්තාකරුවෝ පවසති.


මුලතිව්-මුල්ලියවලෛ මහවිරු සොහොන් බිමේ ඊයේ [27] පැවති සමරුවට කඩා වැදුණු පොලිස් කණ්ඩායමක් පිස්තෝල පෙන්වා සංවිධායකයන් බියට පත් කරමින්, එහි තිබු සැරසිලි කඩා දමා තිබේ.


මුල්ලියවලෛ මහවිරු සංවිධායකයන් පවසන්නේ උත්සව පැවැත්වීමට යොදා ගන්නා උපකරණ සියල්ලම පොලිසිය විසින් ලොරියක පටවා ගෙන ගිය බවයි.


යුද්ධයේ අවසන් දිනවල ලෙයින් පෙඟුණු මුලතිව් වෙරළතීරයේ අනුස්මරනයකට කඩා වැදුණු පොලිසිය විසින් දෙමළ ජාතික පුෂ්පය සේ ගැනෙන නියඟලා මල සහිත ප්‍රදර්ශන පුවරු ඉවත් කිරීමට බලය යොදවා තිබුනේ එය තහනම් සංකේතයක් බව පවසමිනි.


මුලතිව් පොලිස් ස්ථානාධිපති ප්‍රමුඛ කණ්ඩායමක් පෙරේදා [26] රාත්‍රියේ අලම්පලයි මහවිරු සොහොන් බිමට බලහත්කාරයෙන් ඇතුල් වී සියළු සැරසිලි කඩා දමා ප්‍රදර්ශණය කර තිබු බැනර් හා පුවරු රැගෙන ගොස් ඇත. මහවිරු සමරු උත්සව සංවිධාන කළහොත් ත්‍රස්ත පනත යටතේ අත්අඩංගුවට ගන්නා බවට සංවිධායකයන් බිය ගන්වා ඇතැයි වාර්තාකරුවෝ පවසති.


'මහවිරු' වචනය යොදා බැනර් ප්‍රදර්ශනය කළහොත් සහ ශබ්ද විකාශන යන්ත්‍ර මගින් විමුක්ති ගී වාදනය කළහොත් අත්අඩංගුවට ගන්නා බවට පොලීසිය විසින්  මුලතිව් නගරයේ සහ මුල්ලිවයික්කාල් මහවිරු සමරු සංවිධායකවරුන් බියවද්දා ඇත.


මුලතිව් හා පුදුකුඩිඉරිප්පු නගරයන් හි  වෙළඳ සැල් හිමියන් සිය කඩ සාප්පු වසා දමා මහවිරුවන් සිහිපත් කරමින් උපහාරය දැක්වුයේ හමුදා, පොලිස් සහ බුද්ධි අංශ වල බලපෑම් ඉවත දමමිනි.


Mullaitivu

Mullaitivu theravil

Mullaitivu theravil 1

Mullaitivu hartalVannivilankulam

දෙමළ මහවිරුවන් දහස් ගණනක් මිහිදන් කොට ඇති ‘තුයිලම් ඉල්ලම්’යනුවෙන් හැඳින්වෙන සොහොන් බිම් ගණනාවක්ම රජයේ හමුදා විසින් විනාශ කොට කඳවුරු ඉදිකොට ඇති හෙයින් ජනතාවට අනුස්මරණ පවත්වන්නට  සිදුවී තිබුනේ යාබද ඉඩම්වලය.


උතුරු නැගෙනහිර ජනතාවගේ මළවුන් සැමරීමේ අයිතියට රජයේ ආරක්ෂක අංශ විසින් පමුණුවන ලද බාධා සම්බන්ධ වාර්තා හෝ විරෝධතා දකුණේ ප්‍රධාන ධාරාවේ මාධ්‍ය හෝ ප්‍රභූ ක්‍රියාධාරීන් වෙතින් දැකගන්නට ලැබුනේ නැත.


(සේයා:කනපතිපිල්ලේ කුමනන් සහ ෂන්මුගම් තවසීලන්)

මුල්ලියාවලි සිදුවීම :

tw 1


වවුනියා සිදුවීම :

tw 2tw 3
tw 4


The LEADER Whatsapp Group එකට එකතුවෙන්න

 

new logo

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්