1200 x 80 DMirror

ජනාධිපතිවරයා විසින් මේජර් ජෙනරාල් චන්න වීරසුරිය, යුධ හමුදා මාන්ඩලික ප්‍රධානී ධුරයට පත්කර තිබේ. මෙම තනතුර යුධ හමුදාධිපති ධූරයට පමනක්

දෙවෙනි වේ.


යුද හමුදා මාණ්ඩලික ප්‍රධානී ලෙස කටයුතු කල මේජර් ජෙනරාල් ජගත් කොඩිතුවක්කු පසුගිය 25 වෙනිදා විශ්‍රාම ගිය අතර මේජර් ජෙනරාල් චන්න වීරසුරිය, පත්කර ඇත්තේ එම පුරප්පාඩුව සඳහා ය.


1968 ක්වූ ජූලි මස 15 වන දින කොළඹ 7 උපත ලබා ඇති චන්න දුලාන් වීරසුරිය, මුලික අධ්‍යාපනය ලබා ඇත්තේ කොළඹ මහානාම විදුහලෙනි.


මහානාම විද්‍යාලයෙන් සිප්සතර හැදෑරූ දීප්තිමත් ශිෂ්‍යයෙකු වූ ඔහු එම පාසලේ ක්‍රිඩා කටයුතු වලදි කැපිපෙනෙන දක්ෂතා දක්වා ඇති අතර පොදු කටයුතු වලදි ද කැපිපෙනෙන දිප්තිමත් ශිෂ්‍යෙයකු වශයෙන් තම පාසැල් දිවිය සාර්ථකව නිම කිරිමෙන් අනතුරුව 1986 ක්වූ ඔක්තෝම්බර් මස 27 වන දින ශ්‍රීලංකා යුද්ධ හමුදා නිත්‍ය බළසේනාවට ආධුනික කෙඩෙට් නිලධාරියෙකු වශයෙන් බැඳී, මූලික පුහුණුව ඉතා සාර්ථකව හැදෑරීමෙන් පසු වර්ෂ 1987 ජුලි මස 23 වන දින දෙවන ලුතිතන් වරයෙකු වශයෙන් අධිකාරියට පත්විමෙන් අනතුරුව ශ්‍රී ලංකා පාබල හමුදාවේ 1 වන බළඇණියට ඇතුළත් විය.


ඔහු රාජ්‍ය පරිපාලනය පිලිබදව වන සිය පශ්තාත් උපාධිය ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ පශ්චාත් උපාධි ආයතනය වෙතින් ලබාගෙන ඇත. එසේම, ඔහු  විදේශීය විශ්ව විද්‍යාල කිහිපයකින්ම උපාධි හා ඩිප්ලෝමා පාඨමාලා කිහිපයක්ම සම්පූර්න කර ඇත.

 


The LEADER Whatsapp Group එකට එකතුවෙන්න

 

 new logo

 

WhatsApp Image 2022 12 10 at 10.33.30 AM

WhatsApp Image 2022 12 10 at 10.33.30 AM

නවතම පුවත්

ඇඩ්වර්ටයිසිං ලෝකය