පාපන්දු ලෝක කුසලානයේ තවත් පෙරලියක් ඊයේ සිදු වුණා.



ඒ, ප්‍රබල ප්‍රංශය ගෝල 1ට 0ක් ලෙස පරාජය කිරීමට ටියුනීසියාව සමත් වීමත් සමගයි.


වත්මන් ලෝක ශූරයින් මෙන්ම ලෝක ශ්‍රේණිගත කිරීම්වල සිව්වන ස්ථානයේ පසුවන ප්‍රංශය මෙලෙස පරාජයට පත්වන්නේ ලෝක ශ්‍රේණිගත කිරීමේ 30 වන ස්ථානයේ පසුවූ ටියුනීසියාවට වීම විශේෂත්වයක්.


ටියුනීසියාව මෙම ඓතිහාසික ජය වාර්තා කළේ ගෝල 1ට 0ක් ලෙසයි.





මීට අමතරව ඩෙන්මාර්කය ගෝල 1ට 0ක් ලෙස පරාජය කිරීමට ඕස්ට්‍රේලියාව සමත් වුණා. ඒ අනුව වසර 16කට පසු ලෝක කුසලානයක ඉදිරි වටයට සුදුසුකම් ලැබීමට ඔස්ට්‍රේලියාව සමත් වී තිබෙනවා.





කොස්ටාරිකාව සහ ජර්මනිය හෙට ඓතිහාසික තරගයකට සැරසෙයි විනිසුරු කටයුතු වළලු අතකට


කටාර් රාජ්‍යයේ පැවැත්වෙන ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ කොස්ටාරිකාව සහ ජර්මනිය අතර අද පැවැත්වෙන කණ්ඩායම්-අදියර තරගයේදී ප්‍රථම වරට තරගයක වගකීම සම්පූර්ණයෙන් කාන්තාවන්ට පැවරී තිබෙනවා.


ඒ අනුව ප්‍රංශ ජාතික පාපන්දු විනිසුරුවරියක වන ස්ටෙෆනි ෆ්‍රැපර්ට් පිරිමි ලෝක කුසලාන තරගාවලියකදී විනිසුරුවරියක ලෙස කටයුතු කළ පළමු කාන්තාව වනු ඇති.


ඇයට අමතරව පිටියේ දෙපස විනිසුරු රාජකාරියේ නිරත වන්නේ ද කාන්තාවන් දෙදෙනෙක්.


ඒ අනුව බ්‍රහස්පතින්දා අල් බේට් ක්‍රීඩාංගනයේ දී සහකාර විනිසුරුවන් ලෙස බ්‍රසීලයේ නියුසා බැක් සහ මෙක්සිකානු කැරන් ඩයස් මෙඩිනා සමඟ ෆ්‍රැපාට් පිටියේ අධිකාරිය පතුරුවනු ඇති.


මෙම ඓතිහාසික අවස්ථාව සම්බන්ධයෙන් ෆ්‍රැප්පාට් මෙසේ පැවසුවා "ආරම්භයේ සිටම මට කණ්ඩායම්, සමාජ ශාලා සහ ක්‍රීඩකයින් විසින් සැමවිටම සහාය ලබා දෙන ලදී. මාව සැමවිටම ක්‍රීඩාංගනයට සාදරයෙන් පිළිගන්නා නිසා මට පිටිය ඇතුළත තවත් විනිසුරුවරයෙකු ලෙස හැඟේ. තණතීරුව. මාව හැම විටම සාදරයෙන් පිළිගන්නවා."



48452050 401

ස්ටෙෆනි ෆ්‍රැපර්ට්

38 හැවිරිදි ස්ටෙෆනි ෆ්‍රැපර්ට් 2020 දී පිරිමි චැම්පියන්ස් ලීග් තරගයක තීරක වූ පළමු කාන්තාව බවට පත් වූ අතර ඇය 2019 යුරෝපීය සුපිරි කුසලානයේ ලිවර්පූල් සහ චෙල්සි අතර තරගයේ විනිසුරු ලෙස කටයුතු කරමින් ලොව ප්‍රධාන පෙළේ ක්‍රීඩා සමාජ තරගයක විනිසුරුවරයා ලෙස කටයුතු කළ පළමු කාන්තාව ලෙස ද ඉතිහාස ගත වුණා.


කටාර්හි පැවැත්වෙන ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ තරග විනිසුරු කටයුතු සඳහා විනිසුරුවරුන් 36 දෙනෙකු තෝරාගෙන ඇති අතර ඔවුන් අතරේ කාන්තා විනිසුරුවරියන් තිදෙනෙකුද සිටිනවා.


ප්‍රංශයේ ස්ටෙෆනි ෆ්‍රැපර්ට් ප්‍රමුක, රුවන්ඩාවේ සලීමා මුකන්සන්ගා (Salima Mukansanga) සහ ජපානයේ යෝෂිමි යමාෂිතා (Yoshimi Yamashita) ඒ අතරට ඇතුළත්.

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්