බන්ධනාගාරගතව සිටින මව්වරුන් සමග බිලිඳු දරුවන් විසිහත් දෙනකු සිටින බව ඩලස් අලහප්පෙරුම මන්ත්‍රීවරයා පාර්ලිමේන්තුවේදී ඊයේ (05දා) පැවසීය.


මේ පිරිස අතර බිලිඳුන් දහතුන් දෙනකු ද, බිලිඳියන් දාහතරක් ද සිටින බව මන්ත්‍රීවරයා සඳහන් කළේය.

ඔහු එබව කියා සිටියේ, අයවැය විවාදයට එක්වෙමිනි.

මන්ත්‍රීවරයා වැඩිදුරත් මෙසේද සඳහන් කළේය.


රැඳවියන් අතර උපාධිධාරීන් 189ක් !


''බන්ධනාගාර රැඳවියන් අනූදහස් තුන්සිය හැට දෙදෙනකු අතර උපාධිධාරීන් එකසිය අසූ නවයක් ඉන්නවා. දෙදහස් දෙසිය අනූහතරක් පාසල් අධ්‍යාපනයක් ලබා නැහැ. පස්වැනි ශ්‍රේණිය දක්වා පාසල් ගොස් ඇති පිරිස දොළොස් දහස් අටසිය හැත්තෑ නවයක්. පස් වැනි ශ්‍රේණිය සමත් පිරිස දාහත් දහස් හැටදෙදෙනෙක්. මේ අතරින් අට සමත් සංඛ්‍යාව තිස්දහස් දෙසිය පනස් අටක්. සමස්ත පිරිසෙන් සියයට හැටහතක් විතර දැනට බන්ධනාගාරවල සිටින අය අතර උසස් පෙළ සමතුන් හයදහස් හයසිය හැත්තෑ දෙනෙක් ඉන්නවා.

මම මේ සංඛ්‍යාලේඛන ඉදිරිපත් කළේ මේ වැරදිකරුවන් සහ අපේ අධ්‍යාපනයේ පවතින පෑහීම සහ දුරස්ථභාවය ගැන කියන්නයි. මේ තත්ත්වය සම්බන්ධයෙන් විද්‍යාත්මකව අවධානය යොමු කරයි කියා මා විශ්වාස කරනවා.''

 

The LEADER Whatsapp Group එකට එකතුවෙන්න

 

new logo

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්