leader s

භු විද්‍යා හා පතල් කාර්යාංශයේ සභාපතිවරයා වහාම ක්‍රියාත්මක වන පරිදි ධූරයෙන් ඉවත් කර ඇත. එමෙන්ම භු විද්‍යා හා පතල් කාර්යාංශයේ අධ්‍යක්ෂ ජනරාල්වරයා ((DG) ද අනිවාර්යය නිවාඩු යවා ඇත.


භූ විද්‍යා හා පතල් කාර්යාංශයේ සිදුව ඇති වංචා, දූෂණ සහ අක්‍රමිකතා පිළිබඳව ජනාධිපති රනිල් වික්‍රමසිංහට ලැබුණු පැමිණිලි අනුව මෙම පියවර ගෙන තිබේ.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ බලයට පත්වීමෙන් පසුව මෙලෙස වංචා දූෂණ අක්‍රමිකතා සම්බන්ධව ලැබුණු පැමිණිලි අනුව රාජ්‍ය ආයතන ප්‍රධානීන් 14 දෙනෙකු මේ වන විට ඉවත් කර ඇතැයි ජනාධිපති කාර්යාල ආරංචි මාර්ග සඳහන් කරයි.

එමෙන්ම යම් රාජ්‍ය සේවකයෙක් වංචා, දූෂණ සහ අක්‍රමිකතාවලට සම්බන්ධ බවට තොරතුරු ලැබුණහොත් ඔවුන් වහාම ක්‍රියාත්මක වන පරිදි එම ධූරවලින් ඉවත් කිරීමට ඉදිරියේ දී ද කටයුතු කෙරෙනු ඇතැයි රජයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් පැවැසීය.


සබැඳි පුවත් :
භූවිද්‍යා අධ්‍යක්ෂක මහා පරිමාණ වැලි ජාවාරමක

මිරිස් වවන මුවාවෙන් මහවැලි ගඟේ මහා මහාපරිමාණ වැලි ජාවාරමක් !

මහවැලියේ හොරෙන් වැලි හාරා 'කුඹුරු අක්කර හැට දාහක් විනාසයි'

 

The LEADER Whatsapp Group එකට එකතුවෙන්න

 

 new logo

 

*web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්