මේ පාර කල්ට් අතිරේකය වෙන්‍ වෙන්නෙ චන්දන ප්‍රසන්න ලියපු සටහනකට. මාත් එකග වෙන මේ කාරණා ටක්කෙට තිතට චන්දන විසින් ලියලා තියෙනවා කියල හිතනවා.


ඇයි රජය බිස්නස් කරන එක නරක, ඇයි රජය අරව කරන එක නරක, ‍‍මේව කරන එක නරක කියල කතාබහක් මේ දවස්වල යනව නෙ. ඒ ඒ කාරණාවලට අදාළ ව රජය ඇඟිලිගහන එකෙන් වෙන්නෙ මොකද කියන එක ගැන වෙනවෙන ම කතාකරන්න පුළුවන් වුණත් ඊට උඩින් සමස්ථයක් වශයෙන් රජය ලොකු‍ වෙන එක,  රජය  බලවත් වෙන එක, රජය හැම දේට ම සම්බන්ධ වෙන එකේ පොදු ප්‍රශ්නයක් තියෙනවා.

ඒ තමයි රජය කියන්නෙ හෙන භයානක මර්දනකාරී ආයතනයක්. මම නෙවෙයි ඕක කියන්නෙ, කාල් මාක්ස්! මේ දවස්වල රනිල්ගෙ මර්දනය ගැන කතාකරන කට්ටියට, රනිල්ට රාජ්‍ය බලය පාවිච්චි කරලා ඒ විදියෙ මර්දනයක් කරන්න පුළුවන් නම්, වෙන කෙනෙක් හෝ පක්ෂයක් අතට ඒ බලය ගියත් එයාට හෝ ඒ පක්ෂෙට ඕන විදියට මිනිස්සුන්ව මර්දනය කරන්න පුළුවන් වෙනව කියන එක නොතේරෙන්න විදියක් නෑනෙ.


රනිල්ට රාජ්‍ය බලය පාවිච්චි කරලා ඒ විදියෙ මර්දනයක් කරන්න පුළුවන් නම්, වෙන කෙනෙක් හෝ පක්ෂයක් අතට ඒ බලය ගියත් එයාට හෝ ඒ පක්ෂෙට ඕන විදියට මිනිස්සුන්ව මර්දනය කරන්න පුළුවන් වෙනව කියන එක නොතේරෙන්න විදියක් නෑනෙ.


තියරිටිකලි ගත්තොත් මිනිහෙක්ගෙ ආදායම කියන්නෙ ඒ මිනිහා සමාජයට කොච්චර වැදගත් දේවල් දෙනව ද කියන එක අනුව තීරණය වෙන දෙයක්. බේකරි කාරයා මට අවශ්‍ය විදියේ පාන් හදනව නම් සහ තමයි මම ඒ මිනිහට සල්ලි දීලා පාන් ගන්නෙ. එතකොට බේකරිකාරයා කොච්චර සල්ලිකාරයෙක් වෙනව ද කියන එක තීරණය වෙන්නෙ ඒ මිනිහා සමාජයේ කොච්චර මිනිස්සු ප්‍රමාණයකට ප්‍රයෝජනවත් යමක් දීල තියෙනව ද කියන එකෙන්.

zfas

මිනිස්සුන්ට භාණ්ඩයක් හෝ සේවාවක් විකුණන හැම පුද්ගලයෙක්ට ම හෝ ආයතනයකට ම කොච්චර මුදලක් උපයන්න පුළුවන් ද කියන එක තීරණය වෙන්නෙ සමාජයේ ඉන්න අනිත් මිනිස්සුන්ට ඒ භාණ්ඩය හෝ සේවාව කොච්චර වටිනව ද කියන එකෙන්. ඒ ආයතනයක වැඩකරන මිනිහෙක් ගත්තත්, ඒ මිනිහගේ පඩිය තීරණය වෙන්නෙ ඒ ආයතනයට ඒ මිනිහගෙන් කෙරෙන වැඩේ කොච්චර වටිනව ද කියන එකෙන්.

තියරිටිකලි ඔ‍හොම වුණාට ප්‍රැක්ටිකලි ඕක 100%ක් ඔය විදියට ම ක්‍රියාත්මක වෙන්නෙ නෑ කියල අපි දන්නව නෙ. හොරු, වංචාකාර‍යෝ වගේ ම දැන් තියෙනව වගේ fiat currency සිස්ටම්වල දි නීත්‍යානුකූල ව ම මුදල් මවන්න පුළුවන්.


ලංකාව වගේ දූෂිත රටවල ඇත්තට ම සමාජයට කන්ට්‍රිබියුෂන් එකක් කරන මිනිස්සුන්ට වඩා වැඩි සල්ලි ප්‍රමාණයක් අර වගේ හොරු වංචාකාරයො හම්බකරනව වෙන්න පුළුවන් වුණත් ඒ ඔක්කොට ම යටින් තාමත් ආර්ථිකය දුවන්නෙ අර ඔරිජිනල් තියරිය උඩ.


හොරකමකින් හෝ වෙන ක්‍රමයකින් මුදල් හොයනවට වඩා මම රස්සාව කරන ආයතනයට මගේ සර්විස් එක විකුණලා මුදල් උපයන එක හොඳයි කියල මම හිතන නිසා නෙ මම තාම ඒ විදියට කරන්නෙ. බේකරි කාරයා ඒ විදියට හිතන නිසා නෙ තාම පාන් හදල විකුණන්නෙ. මූල්‍ය පද්ධතිය ගැන තියෙන විශ්වාසෙ සම්පූර්ණයෙන් නැති වුණොත් ඒ මොකක්වත් වෙන්න විදියක් නෑනෙ.

ඒ කියන්නෙ කොච්චර imperfect වුණත්, යම් පුද්ගලයෙක්ගේ දක්ෂතාව, හැකියාව, ඒ පුද්ගලයා සමාජයට දක්වන දායකත්වය සහ ඒ මිනිහා උපයන මුදල අතර යම් corelationship එකක් තියෙනවා. එතකොට මුදලත් එක්ක යම් පුද්ගලයෙකුට බලයක් හිමිවෙනව නම්, ඒ බලය ලැබෙන්නෙ ඒ පුද්ගලයා සමාජයට කොච්චර වැඩක් කරල තියෙනව ද කියන එක උඩ.



හැබැයි පුද්ලයන්ට තමන්ගෙ අතේ තියෙන මුදල් ප්‍රමාණය අනුව කොච්චර බලයක් ලැබුණත්, ඒ කාටවත් නැති සුවිශේෂ බලයක් රාජ්‍යයට තියෙනවා. ඒ තමයි බලහත්කාරය පාවිච්චි කිරීමේ නීත්‍යානුකූල බලය.



ඇත්ත, දූෂිත සමාජවල සල්ලි තියෙන උන්ටත් මැර කණ්ඩායම් තියාගෙන යම් යම් බලහත්කාරකම් කරන්න පුළුවන් තමයි. හැබැයි ලක්ෂ ගාණක් මිනිස්සු ඉන්න හමුදාවක්, ඒ මිනිස්සුන්ගෙ අතට අලුත් ම තුවක්කු, යුද්ධ ටැංකි, බෝම්බ දීලා, ඒ බලය පාවිච්චි කරල වසන්ත මුදලිගේ ව මාස ගාණක් නීත්‍යානුකූල ව ම හිරකරගෙන ඉන්න පුළුවන් රාජ්‍යය කියන ආයතනයට විතරයි. ඒක රනිල් වික්‍රමසිංහ කියන වයසක මිනිහට කරන්න පුළුවන් දෙයක් නෙවෙයි  නෙ; ඒක කරන්න පුළුවන් රාජ්‍යයට.

මේ වෙලාවෙ රාජ්‍යය මෙහෙවන ආණ්ඩුවේ ප්‍රධානියා රනිල් නිසා එයාට ඒක කරන්න පුළුවන්. එතනට වෙන කෙනෙක් ආවොත් එයාටත් ඒක කරන්න පුළුවන්. විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරලා කැබිනට් ක්‍රමයක් ආවොත් ඒත් ඒ කැබිනට් ක්‍රමය ඇතුලෙ රාජ්‍යය සතු බලය හසුරුවන පුද්ගලයට හෝ කණ්ඩායමට ඒක කරන්න පුළුවන්. නැත්තං අධිකරණයට ඒක කරන්න පුළුවන්.

මොකද අධිකරණය කරන්නෙ ව්‍යවස්ථාව අර්ථනිරූපණය කරන එක නෙ. මෙන්න මේ මේ දේවල් කරන කට්ටියව අල්ලලා හිරේ දාන්න පුළුවන්; රඳවගෙන ඉන්න පුළුවන් කියල නීතියක් පාර්ලිමේන්තුවෙන් සම්මත කළාට පස්සෙ ඒක ක්‍රියාත්මක කරන එක තමයි අධිකරණය කරන්නෙ.

‍නූතන ලෝකයේ ඔය බලය නීත්‍යානුකූල ව පාවිච්චි කරන්න පුළුවන් එකම ආයතනය තමයි රාජ්‍යය. හරි; එතකොට රාජ්‍ය හැසිරෙන්නෙ කොයි විදියට ද කියන එක තීරණය කරන්නෙ කවුද?

 

zdfedrf


නූතන ප්‍රජානත්ත්‍රවාදී පාලන ක්‍රමවල රාජ්‍යය ක්‍රියාකරන නීති පද්ධතිය මොකක්ද, ඒක ක්‍රියාත්මක කරන පුද්ගල‍‍යො කවුද කියන එක තීරණය කරන්නෙ ජනතාව නෙ. ඒකට නෙ ඡන්දෙ දෙන්නෙ.



ඒ ඡන්දෙන් පත්වෙන මිනිස්සු තමයි ගිහින් තීරණය කරන්නෙ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත කියල එකක් තියෙන්න ඕන; ඒකට අනුව ඕන එකෙක් ව ඕන කාලයක් තියාගෙන ඉන්න පුළුවන් වෙන්න ඕන කියල. ඒකට අස්සන් කරන්නෙ කවුද කියන එකත් තීරණය කරන්නෙ ඡන්දෙන්. බදු ගහන්නෙ කාටද, ‍කොච්චරක් ද, සුභසාධනය කරන්නෙ කොහොමද, සහනාධාර බෙදන්නෙ කොහොමද, ව්‍යපාර පවත්වාගෙන යන්න අවසර දෙන්නෙ මොන විදියට ද වගේ රාජ්‍යයයේ සියලු ම කටයුතු තීරණය වෙන්නෙ ඒ විදියට.

හරි, එතකොට ඡන්දය කියන එක ක්‍රියාත්මක වෙන්නෙ කොහොමද? ලංකාවෙ නම් 18 පැනපු හැමෝට ම එක ඡන්දයක් බැගින් ලැබෙනවා. ඒ මිනිහා කොච්චර උගතෙක් වුණත්, නූග‍තෙක් වුණත්, කොච්චර හොරෙක් වුණත්, අවංක මිනිහෙක් වුණත්, සමාජයට කොච්චර වැඩක් තියෙන මිනිහෙක් වුණත්, එපා ම කරපු එකෙක් වුණත් ඒ හැම මිනිහට‍ ම එක ඡන්දය බැගින් ලැබෙන්නෙ. ආර්ථික බලය සම්බන්ධ ව බලද්දි, කොච්චර දූෂිත සිස්ටම් එකක වුණත්, මිනිහෙක් සමාජයට දක්වන දායකත්වය සහ ඒ මිනිහට ලැබෙන ආර්ථික බලය අතර යම් අවම සම්බන්ධයක් හෝ තිබුණත් ඡන්ද බලය ඇතුලෙ එහෙම එකක් නෑ. ඔළුගෙඩි ගාණට තමයි බලය ලැබෙන්නෙ.

නූතන රාජ්‍යයවල දකින්න ලැබෙන ප්‍රධාන අංගයක් තමයි සුභසාධනය. ඒ කියන්නෙ මොකක් හරි හේතුවක් නිසා සමාජයට ප්‍රයෝජනවත් යමක් දීලා ඒකෙන් මුදල් උපයගෙන ජීවත්වෙන්න බැරි මිනිස්සුන්ට ජීවත්වෙන්න රජයෙන් යම් මුදල් ප්‍රමාණයක් දෙනව. ඒ දෙන්නෙ අර තමන්ට ජීවත්වෙන්න පුළුවන් ප්‍රමාණයට මුදල් උපයන මිනිස්සුන්ගෙන් අරගෙන (වක්‍ර බදුවල නම් හැමෝගෙන් ම පොදුවේ ඒ මුදල අයකරනව).

ඒ කියන්නෙ පොඩි රොබින් හුඩ් මොඩල් එකක්. සල්ලි වැඩිපුර තියෙන උන්ගෙන් අරන් නැති උන්ට දෙනවා. වෙන විදියකින් කීවොත් සමාජයට යම් ප්‍රයෝජනවත් දෙයක් දීලා ඒකෙන් මුදලක් උපයන මිනිස්සු, ඒ උපයන මුදලින් කොටසක්, ඒ විදියට සමාජයට ප්‍රයෝජනවත් දෙයක් දීලා මුදල් උපයන්න හැකියාවක් නැති මිනිස්සුන්ට දෙනවා. පරණ සමාජවල ඕකට කීවේ දන් දෙනවා කියල. ධනය තියෙන රජවරු සහ අනිත් ප්‍රභූන් ස්වේච්ඡාවෙන් තමන්ගෙ ධනයෙන් කොටසක් ධනය නැති මිනිස්සුන්ට දෙනවා.

හැබැයි දැන් වෙද්දි රාජ්‍යය කියන ආයතනය තමන්ට තිබෙන බලය පාවිච්චි කරල කාගෙන්, කොච්චරක් ද ගන්න ඕන කියල තීරණය කරලා බලෙන් ඒ මුදල අරන්, දෙන්න ඕන කාටද, කොච්චරක් ද කියල තීරණය කරල ඒ විදියට ඒක බෙදනවා.

පරණ සමාජවලට වඩා ගොඩක් සංකීර්ණ නූතන සමාජවලට මේ සුභසාධන ක්‍රමය නැතුව පවතින්න බෑ. මොකද ලෙඩ රෝග, ආබාධ, නූගත්කම, ඉගෙනගන්න අවස්ථා නොලැබීම වගේ විවිධ හේතු නිසා සමාජයට යමක් කරලා මුදල් උපයන්න බැරි මිනිස්සු ඉන්නවා. ඒ වගේ ම කම්මැලිකම හෝ තමන් විසින් තීරණය කරන වෙන හේතුවක් නිසා එහෙම කරන්න අකැමති පිරිසකුත් ඉන්නවා. ඒ විදියේ දෙමව්පියෝ ළමයි හැදුවම ඒ බැරිකම නිසා ම ළමයින්ටත් අධ්‍යාපනය, පෝෂණය වගේ දේවල් ලැබෙන්නෙ නැතුව ගිහින් ඒ ළමයිනුත් සමාජයට ප්‍රයෝජනවත් දෙයක් කරගන්න බැරි මට්ටමට පත්වෙන්න පුළුවන්. ඔය වගේ විවිධ හේතු නිසා ආදායම අඩු මිනිස්සුන්ට යම් විදියක සහනාධාරයක් දීලා, ඒ මිනිස්සුන්ට හෝ අඩුම තරමේ ඒ මිනිස්සුන්ගෙ ළමයින්ට, අර සාමාන්‍ය සමාජ ක්‍රියාකාරිත්වයට එකතුවෙන්න පුළුවන් අවස්ථාව හදන්න ඕන.

ඔතන දි පොඩි ප්‍රශ්නයක් තියෙනව. දැන් ඔය සුභසාධනය ලැබෙන්න ඕන කාට ද, කොයි ප්‍රමාණයෙන් ද කියල තීරනය කරන්නෙ රජය නෙ. එතකොට ඒ සුභසාධනයට අවශ්‍ය මුදල් ලබාගන්නෙ කාගෙන් ද, කොයි ප්‍රමාණවලින් ද කියල තීරණය කරන්නෙත් රජය. ඒ විතරක් නෙවෙයි, රටේ බිස්නස්වලට අදාළ නීතිරීති මොනව ද, වගේ අනිත් හැම නීතියක් ම පනවන්නතේ රජය. රජය මොනව ද කරන්නෙ කියල තීරණය කරන්නෙ ජනතාව. ජනතාව කියන්නෙ වැඩිම ඔළුගෙඩි ගාණක් තියෙන පිරිස.

xfd


හරි අපි හිතමු x කියන රටේ 50%කට‍ වැඩි පිරිස, ඒ කියන්නෙ බහුතරය,  ඔය මොන විදියකින් හරි රජයෙන් සහනාධාර ලබන, ඒ කියන්නෙ ඒ අය සමාජයට යම් ප්‍රයෝජනවත් දෙයක් කරලා ඒ වෙනුවෙන් සමාජයෙ ඉන්න මිනිස්සු එයාලාට දෙන මුදලට වඩා වැඩි මුදලක් සහනාධාර වශයෙන් ලබන කට්ටිය කියල. දැන් එතකොට බහුතරය ඒ අය නිසා රජය වැඩකරන්නෙ ඒ අයට ඕන විදියට. එතකොට ඒ අයට ඕන මොනවද?


ඒ අයට සමාජයට ප්‍රයෝජනවත් දෙයක් දීලා මුදල් උපයන කට්ටිය නොවන නිසා ඒ ක්‍රියාවලිය, ඒකට අදාළ අනිත් පහසුකම්, නීතිරීති වගේ දේවල් එයාලට අදාළ නෑ. මොකද ඒවා මොනව වුණත් රජයෙන් තමන්ට ලැබෙන සහනාධාරෙ ලැබෙනව නෙ. එතකොට පාන් බේකරි කාරයට අවශ්‍ය පාන්පිටි, ගෑස් ගෙන්වගන්න යටිතල පහසුකම් ටික තියෙනව ද, ඒ මිනිහට අවන් එකක් ‍එහෙම ගෙන්නගන්න පුළුවන් ද, ඒක කස්ටම් එකෙන් ක්ලියර් කරගන්න කොච්චර අමාරු ද වගේ ප්‍රශ්න මේ රජය මෙහෙයවන පිරිසට අදාළ නෑ.

හැබැයි ඒ මිනිස්සු කැමතියි පුළුවන් තරම් අඩු මිලට ‍පාන් ගන්න. සමහර විට බේකරිකාරයට තමන්ට වඩා සල්ලි තියෙන එක ගැන ඉරිසියාව තියෙන උන් ඉන්නත් පුළුවන්. කොහොම වුණත් අවුලක් නෑ, රජය පාලනය කරන්නෙ තමන් නිසා එයාලට පුළුවන් රජයට තියෙන බලහත්කාරී බලය පාවිච්චි කරලා පාන්වලට පාලන මිලක් දාන්න. ඒ මිලට පාන් විකුණන්නෙ නැති බේකරි අල්ලලා සීල් තියන්න. බේකරිකාරයගෙ සම්පූර්ණ ආදායම ම ටැක්ස් විදියට උදුරගන්න.

හැබැයි රාජ්‍ය සතු බලහත්කාරී බලය නැති වුණාට සල්ලිවලටත් යම් බලයක් තියෙනව නෙ. ඒ නිසා බේකරිකාරය වගේ සමාජයට යම් ප්‍රයෝජනවත් දෙයක් කරලා මුදල් උපයන මිනිස්සුන්ට පුළුවන් ඕන නම් පත්තරයක්, ටීවි චැනල් එකක් පටන්ගන්න; තමන් කැමති හාමුදුරුවෙක් ගෙනල්ලා බණ කියවන්න. ඒ වගේ දේවල් හරහා තමන්ගෙ පැත්තටත් යම් සොෆ්‍ට් පවර් එකක් හදාගන්න. ලංකාව වගේ අන්ත දූෂිත සමාජවල නම් හොරකමින් සල්ලි හොයපු උන්ටත් ඒක කරන්න පුළුවන්. ඒ වගේ ම එකඑකාට පගාව දීලත් යම් බලයක් හදාගන්න පුළුවන්.

සාමාන්‍යයෙන් නිරෝගී සමාජයක නම් අර සහනාධාර ලබන පිරිස සහ ඒ සහනාධාරවල ගෙවන පිරිස අතර බලය යම් මට්ටමකට සමතුලිත වෙන්න ඕන. එක්කො සහනාධාර ලබන ප්‍රමාණය ජනගහණයෙන් ප්‍රතිශතයක් විදියට අඩු ‍ප්‍රමාණයක් වෙන්න ඕන. ඒ ප්‍රමාණය වැඩි වුණත් අනිත් සොෆ්ට් පවර් පාවිච්චි කරලා සහනාධාරවලට ගෙවන පිරිසටත් තමන්ගෙ පැත්තට යම් බලයක් ගොඩනගාගන්න පුළුවන් වෙන්න ඕන. ඒ සොෆ්ට් පවර් එක ම හොරුන්ගෙ අතටත් යන්‍නෙ නැතිවෙන්නත් (හෝ අවම කරන්න) පුළුවන් වෙන්න ඕන.

දැන් ලංකාව ගත්තොත් එහෙම කෙළින් ම සමෘද්ධිය විදියට හෝ නැත්තං තේරුමක් නැති රජයේ පිංපඩි රස්සා විදියට රජයෙන් සහනාධාර ලබන පිරිස තමයි බහුතරය. එතකොට ඡන්දෙන් වැඩි ඔළුගෙඩි බලයක් තියෙන්නෙ ඒ පිරිසට. මීඩියා වගේ සොෆ්ට් පවර් තියෙන බහුතරය අයථා ක්‍රමවලින් සල්ලි හොයන හොරු. දැන් මේ දෙගොල්ලො තමයි රජය කියන ආයතනය පාලනය කරන්නෙ. මොන පක්ෂෙන්, කවුරු ජනාධිපති වුණත්, කවුරු ආණ්ඩු පිහිටෙව්වත්, ප්‍රජාතන්ත්‍රවාදය යටතේ මේ කට්ටියට තමයි වැඩි බලය තියෙන්නෙ. එතකොට බලය වැඩි මේ ගොල්ලන්ට නම්, රජය යමක් කරද්දි ඒක කරන්නෙ මේ කට්ටියට වැඩිපුර වාසි වෙන විදියට. එතකොට අවාසි වෙන්නෙ? අවාසි වෙන්නෙ සමාජයට යම් ප්‍රයෝජනවත් දෙයක් කරල මුදල් උපයන පිරිසට. ඉතිං මෙහෙම කාලයක් යද්දි බේකරිකාරයටත් හිතෙන්න පුළුවන් යකෝ මං මොකට ද මෙච්චර කට්ට කාගෙන පාන් හදහදා දුක් විඳින්නෙ; මමත් ආණ්ඩුවට හේත්තුවෙලා ගේමක් ගහනව කියල. රස්සාවට යන එකාටත් හිතනේන පුළුවන් මම මොකට ද මෙච්චර කට්ටක් කන්නෙ, ආණ්ඩුවෙ අයිස් ජොබ් එකක් හොයාගෙන, සමෘද්ධියකුත් ගහගෙන ඉන්න පුළුවන් නෙ කියල. රාජ්‍ය බලය තියෙන්නෙ සහනාධාරලාභීන්ට සහ සොෆ්ට් පවර් තියෙන හොරුන්ට නිසා ඒ කාණ්ඩ දෙකට අයිති කට්ටියට වඩා හොඳ විදියට තමයි රජය නීති හදන්නෙ; ක්‍රියාත්මක කරන්නෙ. රජය අතගහන ගහන තැන ඔය බලය තමයි ක්‍රියාත්මක වෙන්නෙ.ඕක තමයි සරළ ව, මට තේරෙන විදියට ලංකාවෙ වෙන්නෙ.

 

එතකොට ඕක ආපහු හරවනව නම් හරවන්නෙ කොහොමද? පළවෙනි එක රජයේ ඍජු හෝ වක්‍ර සහනාධාර ලබන පිරිස ජනගහණයෙන් සුළුතරයක් බවට පත්කරන්න ඕන. දෙවෙනි එක අර දූෂිතයො අතේ තියෙන සොෆ්ට් පවර් එක සාධාරණ විදියට මුදල් උපයපු මිනිස්සු අතට යන්න ඕන.

 

හැබැයි සහනාධාර සම්බන්ධ ව තීරණ ගන්නෙත් රජය නම්, අනිත් නීති හදන්නෙත් රජය නම්, ඔය දෙගොල්ලන්ගෙ අතේ නැට‍වෙන රජයකට ඔය දෙකෙන් එකක්වත් කරන්න අවශ්‍යතාවයක් නෑනෙ? බහුතර ඡන්දෙන් පත්වෙන ආණ්ඩුවලින් කරන්නෙ ඔය දෙක තවත් වැඩිකරන එක නෙ?


 ඕක තමයි ලංකාව වගේ දූෂිත ඩිමොක්‍රොසිවල පැරඩොක්ස් එක.

 #godayamu


(චින්තන ධර්මදාස)
දේශපාලන හා සමාජ විශ්ලේෂක
අධ්‍යක්ෂ - facultyofsex

#truepatriotlk
 #godayamu


The LEADER Whatsapp Group එකට එකතුවෙන්න

new logo

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්