පළමුවරට ශ්‍රී ලංකා පොලිසියට විශ්වවිද්‍යාල උපාධි පාඨමාලාවක් හඳුන්වාදීම සඳහා වූ අවබෝධතා ගිවිසුම

අත්සන් කිරීම අද(12 දා) මහජන ආරක්ෂක අමාත්‍යාංශයේදී සිදුවිය.

මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් සහ ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ උපකුලපතිවරයා වන ජේෂ්ඨ කථිකාචාර්ය සුදන්ත ලියනගේ අතර මෙම අවබෝධතා ගිවිසුම අත්සන් කිරීම සිදුවිය.

මෙම අවස්ථාවට ශ්‍රී ලංකාවේ පොලිස්පති සී.ඩී.වික්‍රමරත්න, විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම් සභාවේ සභාපති ජේෂ්ඨ කථිකාචාර්ය සම්පත් අමරතුංග හා ශ්‍රී ලංකා පොලිසියේ ජේෂ්ඨ නිලධාරීන්ද සම්බන්ධ වී සිටියහ.

මෙහිදී පොලිස්පති හා විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසමෙහි සභාපති අදහස් දක්වමින් ප්‍රකාශ කර සිටියේ වසර 30 ක පමණ කාලයක සිට මෙම උපාධි පාඨමාලාව ආරම්භ කිරීමට සාකච්ඡා කෙරුණුද අවසානයේදී මහජන ආරක්ෂක අමාත්‍යවරයාගේ, පොලිස්පතිගේ, විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම් සභාවේ සභාපතිගේ සහ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ උපකුලපතිගේ මැදිහත් වීම නිසා කෙටි කලකින් ශ්‍රී ලංකා පොලිස් නිලධාරීන්ට ශාස්‍ත්‍රවේදී උපාධි පාඨමාලාවක් ආරම්භ කිරීමට හැකිවූ බවයි.



මෙම උපාධි පාඨමාලාව ව්‍යවහාරික පොලිස් අධ්‍යන උපාධි පාඨමාලාව ලෙස නම් කර ඇති අතර මෙම පාඨමාලාව සඳහා පරීක්ෂක ශ්‍රේණියේ නිලධරයන් සහ සහකාර පොලිස් අධිකාරි තනතුරේ නිලධරයන් වසරකට 150 දෙනෙකුට අවස්ථාව හිමිවේ. මෙම පාඨමාලාව ඉංග්‍රීසි මාධ්‍යයෙන් පවත්වනු ලබන අතර ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය, යෝජිත ශ්‍රී ලංකා විශ්වවිද්‍යාලය අත්තිඩිය සහ ශ්‍රී ලංකා පොලිස් විද්‍යාලය කළුතර යන ස්ථාන වලදී පැවැත්වේ. සති අන්තයේදී බාහිර උපාධි පාඨමාලාවක් වශයෙන් අධ්‍යනය සඳහා අවස්ථාව හිමිවන අතර උපාධි පාඨමාලා කාලය වසර 03 කි.

 

 

 

 The LEADER Whatsapp Group එකට එකතුවෙන්න

 

new logo

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්