මූල්‍ය අපරාධ චෝදනා සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාරගතකර සිටි තිළිණි ප්‍රියමාලි දැඩි ඇප කොන්දේසි මත මුදාහැරීමට කොළඹ කොටුව මහේස්ත්‍රාත්

අධිකරණය අද (16) නියෝග කළේ ය.


කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ විසින් මෙලෙස ඇයට ඇප නියම කළේ, අධිකරණය හමුවේ ගොනු කර තිබූ නව වැනි නඩුකරය විභාගයට ගැනීමෙන් අනතුරුව යි.


රුපියල් බිලියන ගණනක් වන විවිධ මූල්‍ය වංචා සම්බන්ධයෙන් තිකෝ සමූහ ව්‍යාපාරයේ කළමනාකාර අධ්‍යක්ෂිකා තිළිණි ප්‍රියමාලි එරෙහි ව මීට පෙර නඩුකර 8ක් දිවයිනේ විවිධ ප්‍රදේශවල අධිකරණවල දී විභාගයට ගැනුණු අතර, එම නඩුකර සඳහා ඇයට මීට පෙර ඇප හිමි ව තිබිණ.


රුපියල් පනස් දහසක මුදල් ඇපයක් හා රුපියල් මිලියනයක ශරීර ඇප දෙකක් මත එසේ ඇයව මුදා හැරීමට නියෝග කර ඇති අතර, ඊට අදාළ ඇපකරුවන්ගේ පදිංචි සහතික වත්කම් සහතික ද ඉදිරිපත් කළ යුතු බවට නියෝගකර ඇත.


ඇයට පැනවූ විදෙස් ගමන් තහනම තවදුරටත් ක්‍රියාත්මක වන අතර, ඒ බව ආගමන විගමන පාලකවරයාට දන්වා යැවිය යුතු බවත් සෑම මසක ම අවසාන ඉරු දින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටිය යුතු බවත් අධිකරණය විසින් තිළිණි ප්‍රියමාලිට නියෝග කර තිබේ.


එසේ ම තිළිණි ප්‍රියමාලිට ඇප ලැබී ඇත්තේ, අගරු වූ චෙක්පත්වලට අදාළ මුදල් ද ගෙවිය යුතු බවට දැඩි අවවාද මත යි .


The LEADER Whatsapp Group එකට එකතුවෙන්න

new logo

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්