leader s

2015 වසරට සාපේක්ෂව 2021 වසරේදී මත්ද්‍රව්‍ය භාවිතය හේතුවෙන් බන්ධනාගාරගත වන සාමාන්‍ය පෙළ සහ උසස් පෙළ සිසුන් සංඛ්‍යාව ඉහළ ගොස් ඇතැයි බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක අතිරේක

බන්ධනාගාර කොමසාරිස් ජනරාල් චන්දන ඒකනායක පවසයි.

මේ සම්බනධයෙන් කළ විමසීමකදී බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක චන්දන ඒකනායක සඳහන් කළේ, 2015 වසරේදී මත්ද්‍රව්‍ය භාවිත කිරීම චෝදනාවට බන්ධනාගාරගත වූ සංඛ්‍යාව 2600ක් වන බව ය.

එමෙන් ම 2021 වසරේදී එම චෝදනාව යටතේ බන්ධනාගාරගත වන සංඛ්‍යාව 5000 වඩා වැඩි අගයක් වාර්තා වූ බව ඔහු සඳහන් කළේ ය.

චන්දන ඒකනායක වැඩිදුරට ත් ප්‍රකාශ කළේ, අවුරුදු 16ත් 22ත් අතර වයස් කාණ්ඩයේ පසු වන්නන් මෙලෙස බන්ධනාගාරගත වීම ඉහළ ගොස් ඇති බව ය.

(mawbima.lk)

 

The LEADER Whatsapp Group එකට එකතුවෙන්න

new logo

 

*web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්