යෝජිත පළාත් පාලන ඡන්දය සඳහා නාම යෝජනා කැඳවන දිනය ඉදිරි සතියේදී ප්‍රකාශ කෙරෙන බව මැතිවරණ කොමිසමේ සභාපති නීතිඥ නිමල් පුංචිහේවා පැවසීය.


මෙවර මැතිවරණය සඳහා ඉදිරිපත් වීමට සුදුසුකම් ලැබූ පක්ෂ සංඛ්‍යාව 86ක් පමණය. මෙම පක්ෂවලින් ඇතැම් පක්ෂවල ඉහළ තනතුරු සම්බන්ධයෙන් නීතිමය ගැටලු ඇති වී තිබෙන බවද වාර්තා වෙයි.


පොහොට්ටු- සජබ අපේක්ෂකයන් තේරීම අරඹයි


පාර්ලිමේන්තුව නියෝජනය කරන ප්‍රධාන දේශපාලන පක්ෂ දෙක වන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ (පොහොට්ටුව) සහ සමගි ජන බලවේගය (දුරකථනය) පක්ෂ ඉදිරි පළාත් පාලන මැතිවරණය සඳහා අපේක්ෂකයන් තෝරාගැනීමේ සම්මුඛ පරීක්ෂණ ආරම්භ කර තිබේ.

ඒ සම්බන්ධයෙන් අදහස් දැක්වූ පොදුජන පෙරමුණේ මහලේකම් සාගර කාරියවසම් ප්‍රකාශ කළේ, සිය පක්ෂ මූලස්ථානයට ලැබී ඇති දහස් ගණනක් අයැදුම්පත් අතරින් සුදුස්සන් සම්මුඛ පරීක්ෂණය සඳහා කැඳවමින් අපේක්ෂකයන් තෝරාගන්නා බවයි. නිසි කලට පළාත් පාලන ඡන්දය පැවැත්විය යුතු බව තම පක්ෂයේ ස්ථාවරය බවත් මහලේකම්වරයා කීය.

සමගි ජන බලවේගයේ මහලේකම් රන්ජිත් මද්දුමබණ්ඩාර පළාත් පාලන මැතිවරණය ගැන අදහස් දක්වමින් සිය පක්ෂ මූලස්ථානයට ඡන්ද අපේක්ෂකයන්ගේ අයැදුම්පත් 3000ක් පමණ ලැබී ඇති අතර දැන් සිටින මන්ත්‍රීවරුන් ඇතුළුව සුදුස්සන්ගෙන් අපේක්ෂකයන් තෝරාගනිමින් සිටින බව සඳහන් කළේය.

මැතිවරණ කොමිසම නියමිත කාල වකවානු අනුව පළාත් පාලන ඡන්දය පැවැත්විය යුතු බව සිය පක්ෂයේ ස්ථාවරය යැයි මහලේකම්වරයා වැඩිදුරටත් කීය.

ජවිපෙ සහ එජාපය ද මේවනවිට පළාත් පාලන මැතිවරණයට ඉදිරිපත් කිරීම සඳහා අපේක්ෂක ලැයිස්තු සකසමින් සිටියි.


ජනාධිපති හා අගමැතිගේ ස්ථාවරය !


එලෙස, මැතිවරණ කොමසාරිස් කාර්යාලය හා දේශපාලන පක්ෂ පළාත් පාලන මැතිවරණයට ලක ලෑස්ති වෙමින් සිටිය ද ජනාධිපතිවරයා සහ අගමැතිවරයා ඒ සඳහා අකමැත්ත පළකර ඇතැයි ආණ්ඩුවේ අභ්‍යන්තර ආරංචිමාර්ග පවසයි.

මේ මොහොතේ ඡන්දය පැවැත්වීමට තරම් ආර්ථික ශක්තියක් රටට නැතයි ඔවුන් දෙදෙනාම ආණ්ඩුවේ ප්‍රධානීන්ට දැනුම්දී ඇතැයි ද පැවසේ. 

''මැතිවරණවලට වියදම් කරලා ඉන්ධන නැතැයි කියන්න එපා''

ඒ අතර ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක අකිල විරාජ් කාරියවසම් පැවසුයේ, ''මැතිවරණ වලට වියදම් කර විදුලි බලය, ඉන්ධන  ලබා ගැනීමට විදිහක් නැතැයි පස්සේ කියන්න එපා'' කියාය.  

මැතිවරණ  කොමසාරිස්වරයා කියන විදියට මුදල් තිබෙනවා නම් මැතිවරණ තිබුනට කමක් නැ.. මැතිවරණ වලට ඉදිරිපත් වෙන්න එක්සත් ජාතික පක්ෂය  සූදානම්'' එක්සත් ජාතික පක්ෂ උප නායකයා ද කාරියවසම් කීය.

 මැතිවරණයට  රුපියල් බිලියන දහයකට වඩා යන අතර ඉදිරිපත් වෙන අයත් සෑහෙන වියදමක් කරන බවද මෙහෙම ගියොත් අත්‍යවශ්‍ය දේවල් වලට මුදල් නැති තත්වයට පත් වෙන බවද කාරියවසම් පැවසීය.

ඔහු එබව කියා සිටියේ, 'සිරිකොත' එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේ පැවැති මාධ්‍ය හමුවකදී ය.

(උපුටා ගැනීම් - deshaya.lk)




 


The LEADER Whatsapp Group එකට එකතුවෙන්න

new logo

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්