වත්මන් පාර්ලිමේන්තුවේ නිල කාලය අවසන් වනතෙක් ඉදිරි මාස 04ක කාලය තුළ කරූ ජයසූරිය තවදුරටත් කථානායක ධුරයේ කටයුතු කරනු ඇති බව ඔහුට සමීප ආරංචිමාර්ග පවසා සිටියි.

ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ හා අගමැති මහින්ද රාජපක්‍ෂ, හිටපු අගමැති දි.මු. ජයරත්නගේ දේහයට අවසන් ගෞරව දැක්වීම සඳහා පාර්ලිමේන්තුවට පැමිණි අවස්ථාවේදී තවදුරටත් කථානායක ධුරයේ වගකීම් දරන ලෙස කරූ ජයසූරිය ගෙන් ඉල්ලා ඇතැයිද වාර්තා වේ.

ඒ අනුව ඉදිරි මාස කිහිපයේ කථානායක ධුරයේ වෙනසක් සිදුනොවනු ඇති බවද කරූ ජයසූරියට හිතවත් ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කළේය.

කෙසේ වෙතත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ් ඇතැම් මන්ත්‍රීවරුන් කථානායක ධුරයට වාසුදේව නානායක්කාරගේ නම යෝජනා කර තිබිණි.

කරු එජාප නායකත්වය භාර ගැනීමට අදිමදි කරයි !

මේ අතර කථානායක කරූ ජයසූරියට සමීප ආරංචිමාර්ග පවසන්නේ, එක්සත් ජාතික පක්‍ෂයේ නායකත්වය භාර ගැනීම ඔහු විසින් ප්‍රතික්‍ෂේප කර ඇති බවයි.

එක්සත් ජාතික පක්‍ෂයේ ජ්‍යෙෂ්ඨයන් හා මන්ත්‍රීවරුන් අවස්ථා කිහිපයකදී පක්‍ෂ නායකත්ව භාරගන්නැයි ඔහුගෙන් ඉල්ලා තිබෙන අතර, දැනට පක්‍ෂයේ අර්බුදයක් නිර්මාණය වී තිබෙන බැවින් පක්‍ෂ නායකත්වය භාරගැනීමට නොහැකි බවද ජයසූරිය පවසා ඇතැයි එම ආරංචිමාර්ග ප්‍රකාශ කළේය.

එ.ජා.ප. නායක රනිල් වික්‍රමසිංහ හා සජිත් ප්‍රේමදාස යන දෙදෙනා අතරේ හටගෙන තිබෙන ගැටලුකාරී තත්ත්වය මධ්‍යයේ තමන්ට නායක ධුරය ලබාගෙන කටයුතු කිරීමට නොහැකි බවත්, මහ මැතිවරණයක් අබියසදී පාක්‍ෂිකයන් දෙපසට වී චෝදනා කර ගන්නා පරිසයක් තුළ පක්‍ෂය ජයග්‍රාහී මට්ටමට ගෙන යා නොහැකි බවත් කරු ජයසුරිය පවසා තිබේ.

තමා නායක ධුරය ලබාගත්තද එම කටයුතු කඩාකප්පල් කිරීමට පිරිසක් බලා සිටින බවත්, පක්‍ෂයේ නායකයන් එක්ව සාකච්ඡා කර සුදුසු තීරණයක් ගන්නා ලෙසත් කථානායකවරයා  පවසා ඇත.

රනිල් වික්‍රමසිංහට සහ සජිත් ප්‍රේමදාසට හිතවත් මන්ත්‍රීවරුන් මේ වනවිට කටයුතු කරන ආකාරය අනුව එක්සත් ජාතික පක්‍ෂයට විශාල හානියක් සිදුව තිබෙන බවද කරූ ජයසූරිය සඳහන් කර තිබේ.

(මුලාශය -අද )

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්