1200 x 80 DMirror

බුදු දහමට සහ ශ්‍රී දළඳා වහන්සේට අපහාස වන ලෙස සමාජ මාධ්‍ය ඔස්සේ විවිධ ප්‍රකාශ සිදුකළ පුද්ගලයෙකුට එරෙහිව කඩිනම් පියවර ගන්නැයි

මල්වතු, අස්ගිරි මහා නාහිමිවරුන් සහ දළඳා මාළිගාවේ දියවඩන නිලමේවරයා ජනාධිපති රනිල් වික්‍රමසිංහ ගෙන් ලිඛිතව ඉල්ලීමක් සිදුකර තිබේ.

එමඟින් පෙන්වා දී ඇත්තේ බෞද්ධයාගේ සිත් පෑරෙන අයුරින් අදාළ පුද්ගලයා බුදු දහමට සහ ශ්‍රී දළඳා වහන්සේට අපහාස වන ආකාරයේ ප්‍රකාශ සමාජ මාධ්‍ය ඔස්සේ පළකර ඇති බවය.

මෙසේ මහ නාහිමිවරුන්ගේ විරෝධයට ලක්ව ඇත්තේ, ප්‍රකට සමාජ මාධ්‍ය ක්‍රියාකාරිකයකු වන සේපාල් අමරසිංහ විසින් පසුගිය දිනක සමාජ මාධ්‍ය ඔස්සේ සිදුකරනු ලැබූ ප්‍රකාශයක් සම්බන්ධයෙනි.

සිංහල රාවය ජාතික සංවිධානයේ සභාපති පූජ්‍ය අක්මීමන දයාරතන හිමියන් පොලිස් මූලස්ථානයට පැමිණිල්ලක් ගොනු කරමින් කියා ඇත්තේ, මෙමගින් රටේ සංහිඳියාව බිඳ දැමීමට හිතාමතා කටයුතු කර ඇති බවය.

එමෙන්ම බෞද්ධාගමට හා ශ්‍රී දළඳා වහන්සේට අපහාස කිරිම සම්බන්ධයෙන් අදාළ පුද්ගලයා වහාම අත්අඩංගුවට ගන්නැයි ඉල්ලා කෝට්ටේ ශ්‍රී නාග විහාරවාසී පූජ්‍ය කොටහේනේ නාරද හිමි සහ සිවිල් සංවිධාන කිහිපයක් පොලිස්පතිවරයාට ඊයේ පැමිණිල්ලක් ඉදිරිපත් කළේය.


ව්‍යාජ දළඳා මාළිගාවක් !


එමෙන්ම, කුරුණෑගල පොතුහැර ප්‍රදේශයේ ජානක සේනාධිපති නැමැති පුද්ගලයෙක් ව්‍යාජ දළඳා මාළිගාවක් නිර්මාණය කර ඉදිකරමින් පවතින බවත්, දෙස් විදෙස් ජනතාව එම මිත්‍යාවට රැවටී ඒ සඳහා මිල මුදල්, රත්‍රං ආදිය පරිත්‍යාග කරන බවත් මල්වතු , අස්ගිරි මහා නාහිමිවරුන් සහ දළඳා මාළිගාවේ දියවඩන නිලමේවරයා ජනාධිපති රනිල් වික්‍රමසිංහ වෙත යැවූ ලිපියේ සඳහන්ව ඇත.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සඳහන් පරිදි බුදු දහම ආරක්ෂා කර පෝෂණය කිරීමට බැඳී සිටින රජය වහා මෙම කරුණු පරීක්ෂා කර, ඒ සම්බන්ධයෙන් කඩිනම් පියවර ගන්නා ලෙස මහ නා හිමිවරුන් ජනාධිපතිවරයාගෙන් ඉල්ලා තිබේ.

 

image d571f591c5



JW

WhatsApp Image 2022 12 10 at 10.33.30 AM

WhatsApp Image 2022 12 10 at 10.33.30 AM

නවතම පුවත්

ඇඩ්වර්ටයිසිං ලෝකය